Monday, March 2, 2026
Epaper
Home විශේෂාංගඔබ නොදන්නා පුරස්ථි ග්‍රන්ථියේ අවදානම

ඔබ නොදන්නා පුරස්ථි ග්‍රන්ථියේ අවදානම

by Shanaka Lakehouse

“ඩොක්ටර්… අපේ මහත්තයාට රෑට නින්ද යන්නේ නෑ. පැයෙන් පැයට ටොයිලට් දුවනවා. මූත්‍රා යන්නෙත් බොහොම අමාරුවෙන්. මම කිවුවට අහන්නේ නෑ,

‘වයසට යනකොට ඔහොම තමයි’ කියලා බැණලා නිකන් ඉන්නවා.”

කාන්තාවක් රෝහලට ඇවිත් ඩොක්ටර් එක්ක මේ කතාව කිවුවේ බොහොම දුකෙන්. අන්තිමට ඒ මහත්තයාව රෝහලට එක්කන් එනකොට, එයාගේ කොන්දේ අමාරුවකුත් ඇවිත් තිබුණා.

එයාව පරීක්ෂා කරලා බලද්දී, ඒ වෙද්දීත් පරක්කු වැඩි. පිළිකාව ඇටකටු වලටත් පැතිරිලා (Bone Metastasis).

එදා එයාගේ මූත්‍රා ප්‍රශ්නය වයසට බාර දීලා නිකන් හිටියේ නැත්නම්, අද එයා ජීවත් වෙන්න තිබුණා.

මෙය කියවන පිරිමි පාර්ශ්වය විශේෂයෙන් අහගන්න. වයස 50 පැන්නට පස්සේ ඔබව බිලිගන්න බලාගෙන ඉන්න ප්‍රධානම හතුරා මේක වෙන්න පුළුවන්.

මොකක්ද මේ පුරස්ථි ග්‍රන්ථිය (Prostate Gland)?

මේක තියෙන්නේ පිරිමින්ට විතරයි. මූත්‍රාශයට පහළින්, වෝල්නට් ගෙඩියක් (Walnut) තරම් පොඩි ග්‍රන්ථියක් මේක.

මෙහි ප්‍රධාන රාජකාරිය වෙන්නේ ශුක්‍රාණු පෝෂණය කරන තරලය නිපදවීමයි.

නමුත් වයස යනකොට මේ ග්‍රන්ථිය ඉදිමෙන්න ගන්නවා.

👉 BPH (සාමාන්‍ය ඉදිමීම): පිළිකාවක් නොවේ. නමුත් මූත්‍රා අවහිර කරයි.

👉 Prostate Cancer: ග්‍රන්ථියේ සෛල විකෘති වී පිළිකාවක් හටගැනීම.

රෝග ලක්ෂණ (Symptoms)

මේවා විහිළුවට ගන්න එපා!

මුල් අවධියේදී (Early Stage) කිසිම රෝග ලක්ෂණයක් නැති වෙන්න පුළුවන්. නමුත් ගෙඩිය ලොකු වෙනකොට මේ ලක්ෂණ මතු වෙනවා:

නිතර මූත්‍රාා යාම විශේෂයෙන්ම රෑට 3-4 වතාවක් නැඟිටින්න වෙනවා නම් (Nocturia).

හිරවීම

මූත්‍රාා පටන් ගන්න අමාරුයි. තටමන්න ඕන.

කඩින් කඩ යාම

එක දිගට යන්නේ නැතුව, නතර වී නතර වී යාම (Weak stream).

ලේ යාම

මූත්‍රාා හෝ ශුක්‍ර තරල සමඟ ලේ පිටවීම.

කොන්දේ කැක්කුම

කොන්දේ පහළ හෝ උකුළ

🔴 ප්‍රදේශයේ දිගටම තියෙන වේදනාව (මෙය පිළිකාව පැතිරී ඇති බවට ලකුණක් විය හැකිය).

💁‍♀️ කොහොමද හොයාගන්නේ?

ඔබ වයස අවුරුදු 50 ට වැඩි නම්, කිසිම රෝග ලක්ෂණයක් නැති වුණත් මේ පරීක්ෂණ දෙක කරගන්න එක වටිනවා.

PSA Test (Prostate-Specific Antigen)

මේක ඉතාම සරල රුධිර පරීක්ෂණයක්. රුධිරයේ PSA අගය වැඩි නම්, එය පිළිකාවක ලකුණක් වෙන්න පුළුවන්. (සාමාන්‍යයෙන් PSA අගය 4 ng/mL ට වඩා අඩු වෙන්න ඕන).

DRE (Digital Rectal Exam)

වෛද්‍යවරයා විසින් ගුද මාර්ගය හරහා ඇඟිල්ල යවා ග්‍රන්ථියේ ඉදිමීමක් තියෙනවද කියලා බලන පරීක්ෂණය. ගොඩක් අය මේකට ලැජ්ජයි, බයයි. ඒත් තත්පර ගාණක අපහසුවක් විතරයි තියෙන්නේ. ඒ තත්පර ගාණ ඔබේ ජීවිතේ බේරගන්න පුළුවන්.

️ප්‍රතිකාර සහ වියදම (Treatments)

කලින්ම හොයා ගත්තොත් 100%ක් සුව කරන්න පුළුවන්.

👉 සැත්කම් (Prostatectomy):

පිළිකා සෛල සහිත කොටස ඉවත් කිරීම.

විකිරණ ප්‍රතිකාර

(Radiation Therapy): ලයිට් අල්ලලා පිළිකා සෛල මැරීම.

හෝමෝන ප්‍රතිකාර:

පිළිකාව පැතිරීම පාලනය කිරීම.

පූද්ගලික රෝහලක PSA පරීක්ෂණයට රු. 2500 – 4000 අතර මුදලක් යනවා. සැත්කම් සඳහා ලක්ෂ ගණනක් වැය විය හැකියි. නමුත් රජයේ රෝහල්වල මේ සියල්ල නොමිලේ සිදු කෙරේ.

වළක්වා ගන්නේ කොහොමද?

තක්කාලි කන්න

තක්කාලි වල තියෙන ‘ලයිකොපීන්’ (Lycopene) කියන රසායනිකය පුරස්ථි ග්‍රන්ථියට ඉතාම ගුණයි. (තක්කාලි සෝස් හෝ පිසින ලද තක්කාලි වඩාත් හොඳයි).

මේදය අඩු කරන්න

රතු මස් සහ තෙල් කෑම අඩු කරන්න.

Check-up

වයස 50 පැන්නම දොස්තර මහත්තයෙක් හමුවෙලා PSA එකක් කරන්න ඕනද කියලා අහන්න. පවුලේ කාටහරි (තාත්තාට හෝ සහෝදරයාට) තිබුණා නම් වයස 40 ඉඳන්ම පරිස්සම් වෙන්න.

ඔබ ආදරණීය බිරියක්, දරුවෙක් විදිහට තාත්ත ගැන අවධානෙන් බලන්න.

තාත්තලා ලෙඩ ගැන කියන්න ලැජ්ජයි. එයාලා රෑට නිතරම ටොයිලට් යනවා නම්, කොන්ද රිදෙනවා කියනවා නම්, බලෙන්ම හරි දොස්තර ළඟට එක්කන් යන්න.

එයාගේ ලැජ්ජාව පැත්තක තියන්න. අපිට වටින්නේ තාත්තාගේ ජීවිතේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?