ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Vaishi Clothing වෙතින් නවීන විලාසිතාවේ උසස්ම ළමා හා කාන්තා ගවුම් ඇතුළු ඇඳුම් රැසක් ලබා ගැනීමේ හැකියාව තවත් පුළුල් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ළමා ඇඳුම් සඳහා ප්‍රමුඛතම වෙෙළඳසැලක් වන Vaishi Clothing ආයතනය, දේශීය හා ආනයනික ළමා ඇඳුම් සඳහා වඩාත් ජනප්‍රිය වෙෙළඳසැල ලෙස ද ගනුදෙනුකරුවන්ගේ ආදරය හා විශ්වාසය වසර 20ක් පුරා දිනාගෙන ඇත.
අංක 217, තිඹිරිගස්යාය පාර, කොළඹ 05 ලිපිනයේ පිහිටි Vaishi Clothing, නව ආරක විලාසිතාවේ ළමා හා කාන්තා ඇඳුම් වර්ග රාශියක් අලෙවියට තබා ඇති අතර විශේෂයෙන් අලංකාර ගවුම් වර්ග රැසක්ම ඒ අතර තිබේ.
ඒ අනුව අවුරුදු 01 සිට 12 දක්වා වයස් කාණ්ඩයන්හි ගැහැනු දරුවන් සඳහා නවීන විලාසිතාවේ ගවුම් මාදිලි රැසක්ම Vaishi Clothing අලෙවියට තබා ඇත. ඒ අතර උසස්ම තත්ත්වයේ ආනයනික ඇඳුම් මාදිලි ගණනාවක් ඉතා පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
Vaishi Clothing පසුගිය වසර 20කට ආසන්න කාලයක් තුළ කුඩා ගැහැනු දරුවන්ට මෙන්ම විලාසිතා ප්‍රිය කරන තරුණියන්ට හා කාන්තාවන්ට ද අවශ්‍ය ඇඳුම් වර්ග අලෙවි කර තිබේ. මෙම Vaishi Clothing හි ඇති තවත් විශේෂත්වයක් වනුයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි අලංකාරවත්ව හා උසස් නිමාවෙන් ඇඳුම් වර්ග මසා ගැනීමට ද හැකි වීමයි. සෑම විටකම පාරිභෝගික ජනතාවගේ පහසුව හා එම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව මෙන්ම රුචි අරුචිකම් පිළිබඳව ද සැලකිලිමත් වෙමින් සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති Vaishi Clothing, සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා තම ප්‍රදර්ශනාගාරය විවෘතව තබා තිබේ.
Vaishi Clothing පිළිබඳ වැඩි විස්තර 0112505573 දුරකතන අංකය ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැකිය. සියලු කටයුතු නිවැරදිව ඉටු කර දීමට ඔවුන් සැදී පැහැදී සිටිති.
TEXT – නෙත්මි පූජනී රත්නායක

