Monday, March 9, 2026
Epaper
Home විශේෂාංගරන්වන් තෙල් සත්කාරය

රන්වන් තෙල් සත්කාරය

by Shanaka Lakehouse

කොන්ද රිදෙනවා කියලා තෙල් කුප්පි පිටින් ගාලා, රෙදි සේරම කුණු කරගෙන, ඒත් සුවයක් නැතුව දුක් විඳපු කාලේ ඉවරයි. අපේ කුස්සියේ තියෙන, ගොඩක් අය අගයක් නොදන්න “ඉඟුරු” කියන්නේ ඇත්තටම ස්වභාවිකව ලැබුණු “වේදනා නාශකයක්” කිව්වොත් ඔයා විශ්වාස කරනවද?

ඇඳෙන් නැගිටගන්න බැරුව, හුස්ම ගන්නත් අමාරු වෙන තරමට වද දෙන කොන්දේ කැක්කුම, විනාඩි 20න් පලවා හරින “රන්වන් තෙල් සත්කාරය” මෙන්න.

කොන්දේ වේදනාවට

“ඉඟුරු සහ එඬරු තෙල්” ප්‍රතිකර්මය

කොන්දේ නහර ඇදිලා, ඉදිමිලා තියෙන වෙලාවට ඉඟුරුවල තියෙන “ජින්ජරෝල්” කියන සංයෝගයට පුළුවන් ඒ වේදනාව මුල් ඉඳන්ම උරලා අදින්න.

අවශ්‍ය දේවල්

අමු ඉඟුරු කැබැල්ලක්

(හොඳට හෝදලා, පොතු ඇරලා ගත්තු).

එඬරු තෙල් (Castor Oil) මේස හැඳි 2ක්

(ඕනෑම සිංහල බෙහෙත් කඩේක තියෙනවා.

මේක තමයි වේදනාව සමනය කරන රජා).

පිරිසුදු පොල්තෙල් මේස හැඳි 1ක්

(මිශ්‍රණය හොඳින් හම මත ලිස්සා යන්න).

පළමුව තෙල් සකසා ගැනීම

ඉඟුරු කෑල්ල වංගෙඩියක දාලා හොඳට කොටලා, ඒකෙන් එන පිරිසුදු ඉඟුරු යුෂ ටික විතරක් වෙනම කෝප්පයකට බේරාගන්න.

දැන් පොඩි භාජනයකට එඬරු තෙල් සහ පොල්තෙල් දාලා, ඒකට අර ඉඟුරු යුෂ ටිකත් කලවම් කරන්න.

ඊට පස්සේ මේ මිශ්‍රණය ලිපේ තියලා “මද රස්නය” එනකම් පොඩ්ඩක් රත් කරන්න (තෙල් එක නටවන්න එපා! ඇඟට දාන්න පුළුවන් සැපපහසු රස්නයක් තිබුණාම ඇති).

දෙවනුව ආලේප කිරීම සහ මසාජ් කිරීම

දැන් මේ රස්නය තියෙන තෙල් ටික ඇඟිලි තුඩු වලට අරගෙන, ඔයාගේ කොන්දේ රිදෙන තැන ඉඳලා දෙපැත්තට හෙමින් හෙමින් පිරිමදින්න.

විශේෂ ටිප් එකක්

රවුම් හැඩයට විනාඩි 10ක් විතර හොඳට මසාජ් කරන්න. එතකොට තෙල් ටික නහර ඇතුළට ගිහින්, හිරවෙලා තියෙන ලේ ගමනාගමනය ආයෙත් පණ ගන්වනවා.

අවසානයේ තැවීම

මසාජ් කරලා ඉවර වුණාම, රෙදි කැබැල්ලක් මද රස්නය තියෙන වතුරෙන් පොඟවලා මිරිකලා, ඒකෙන් කොන්ද හොඳට තවන්න. නැත්නම් “Hot water bag” එකක් විනාඩි 15ක් විතර කොන්ද උඩ තියාගෙන ඉන්න.

ඉඟුරුවල සැරයි, වතුරේ රස්නයයි එකතු වුණාම, හිරිවැටිලා තිබුණු කොන්දට මාරම සැහැල්ලුවක් දැනෙන්න පටන් ගනීවි.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?