🌸 උත්සවයකට ගෙන යා හැකි, යහළුවකුට තෑගි කළ හැකි ලස්සන මැක්‍රම් මූන් බෑග් (Macrame moon bag) එකක් නිර්මාණය කරමු.
ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ද මෙය ඔබට රුකුලක් වනු ඇත.
🌸 සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
👉 4mm ඝනකමකින් යුක්ත මැක්‍රම් බ්‍රේඩඩ් කෝඩ් යාර 70ක් පමණ
👉 විෂ්කම්භය අඟල් 10 සහිත ප්ලාස්ටික් රවුම් 2ක්
👉 විෂ්කම්භය අඟල් 5 සහිත ප්ලාස්ටික් රවුම් 2ක්
👉 ග්ලූගන් එකක්
👉 කතුරක්
👉 මිනුම් පටියක්
👉 ප්ලාස්ටික් ඉඳිකටුව
නිර්මාණය සාදන ආකාරය
පළමුව අඟල් 10 සහ අඟල් 5 රවුම් දෙක රූපයේ පරිදි එකිනෙක තබා ග්ලූගන් එකෙන් අලවා ගන්න. (2 රූපය)
දිග මීටර් 18ක් වූ මැක්‍රම් කෝඩ් එකෙන් පොඩි සහ ලොකු රවුම් දෙකේ මාරුවෙන් මාරුවට කෝඩ් එක යවා සම්පූර්ණ රවුම් දෙකම ආවරණය කරගන්න. අනෙක් රවුම් දෙකත් මෙසේ සකසා ගත යුතුය.
බෑගයේ අඩිය සඳහා දිග මීටර් 4.5ක් වූ කෝඩ් කැබැල්ලකට තවත් දිග මීටර් 3.5 බැගින් වූ කෝඩ් කැබලි 6ක් Cow Hitch knot එක ආධාරයෙන් සම්බන්ධ කර එය Square Knot එකෙන් අඟල් 18ක් පමණ දිගට ගොතා ගත යුතුයි.
එසේ සකසා ගත් අඩිය ප්ලාස්ටික් ඉඳිකටුව ආධාරයෙන් මුලින් සකසා ගත් රවුම් දෙකට සම්බන්ධ කළ හැක.
සම්පූර්ණ කරන ලද බෑගය අවසාන රූපයෙන් දැක්වේ.
🌸 මෙම පරිසර හිතකාමී මැක්‍රම් නිෂ්පාදන 100% handmade නිෂ්පාදන වන අතර දේශීය හා විදේශීය වශයෙන් ලොකු ඉල්ලුමක් ඇත.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
