කොපි කළාට සම කරන්න බැරි ලංකාවේ විශාලතම රූපලාවණ්‍යාගාර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොමැකෙන සන්නාමය Teelan Salon Care (Pvt) Ltd.
TEELAN සන්නාමය විශේෂිත වන්නේ ඇයි ?
අප සියලුම නිෂ්පාදනයන් සඳහා යොදාගන්නේ ඉතා උසස් තත්ත්වයේ ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් වන අතර අලෙවියෙන් පසු සේවාවක් ද පවත්වාගෙන යනු ලබන අතර ඕනෑම අවස්ථාවක ලබාගත හැකි ජංගම සේවාවක්ද අප සතුව පවතී.
දේශීය මෙන්ම විදේශීය වෙෙළඳ සබඳතා පවත්වාගෙන යනු ලබන්නේ අප සතුව පවතින වසර අටක පළපුරුද්ද හා විශ්වසනීයභාවය පදනම් කරගෙනය. අපගේ විශේෂිතම සේවාවක් වන්නේ වර්ණ 70 කටත් වඩා වූ නිර්මාණාත්මක සංකලනයන් ඔබ වෙත ලබා දීමයි.
Salon chairs
🔸Manicure Tables
🔸Pedicure chairs
🔸Shower bed
🔸Dressing table
🔸Medical spa beds
🔸Receptions desks
🔸Waiting sofas
🔸Styling stations
🔸Barber stations
🔸Beauty carts and more
✅ 2018 වසරේ පෙබරවාරි මස එක් පුටුවකින් ආරම්භ කළ Salon Furniture ව්‍යාපාරය අද වන විට සේවකයන් 60කට අධික පිරිසකට රැකියා අවස්ථා සලසන වර්ග අඩි 12,000ක නිෂ්පාදන පරිශ්‍රයකින් සමන්විත දැවැන්ත ආයතනයක් දක්වා වර්ධනය වී තිබේ. ඔබ රූපලාවණ්‍ය කලාවේ නියැළි ශිල්පිනියක නම් මේ නාමය ඔබට වඩාත් ළෙන්ගතුය. ඔහු තිලාන් දුෂ්මන්ත බස්නායක නම් වන්නේය. Teelan සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය හොබවන්නේ ඔහුයි. ඔහු රූපලාවණ්‍ය උපකරණ ක්ෂේත්‍රයට පා තැබීමත් සමඟ “වර්ණ 70ක සංකල්පය” (Colors 70 Concept) සහ “අභිරුචි පරිදි සකස් කිරීමේ” (Customization) සේවාව හඳුන්වා දුන්නේය. වෙළෙඳපොළ තුළ ඒකාධිකාරියක් පවත්වාගෙන ගිය ආනයනික කළු පැහැති පුටු වෙනුවට පාරිභෝගිකයාට තමන්ගේම සිහිනයට අනුව නිෂ්පාදන තෝරා ගැනීමට ඉඩ සැලසූ විප්ලවීය පියවරක් විය.
ලංකාවේ ප්‍රථම වරට සැලෝන් උපකරණ සඳහා Door-to-door warranty වගකීම ලබා දෙන්නේද මෙම ආයතනයයි.
මෙම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් සියයට හැත්තෑවක් අසූවක්ම දේශීයව සපයා ගනිමින් ඉහළ අගය එකතු කිරීමක් (Value Addition) සිදු කරයි. මාලදිවයින, සීෂෙල්ස් වැනි රටවලට තම නිෂ්පාදන අපනයනය කරමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දීමට ද Teelan Salon Care ආයතනය සමත් වී ඇත.
හුදෙක් උපකරණ අලෙවියෙන් ඔබ්බට ගොස් සැලෝන් එකක් ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම්කරණයේ සිට අභ්‍යන්තර අලංකරණය (Interior Design) දක්වා වූ පූර්ණ විසඳුම් ලබා දෙන මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනය අද වන විට පරිවර්තනය වී ඇත.
රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ඔබ ඔබේ සේවාව විශ්වසනීය ලෙස ගොඩනඟා ගන්නට නම්, ලොව ජයගත් රූපලාවණ්‍ය නිෂ්පාදන පාරිභෝගිකයා ඔබ වෙත ඇද තබා ගන්නා අපූරු රහසයි.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
