
Swiss Hotel Management Academy (SHMA) ආයතනයේ ප්‍රධානී Daniela J Munasinghe මහත්මියගේ පණිවුඩය
Rights. Justice. Action. For
ALL Women and Girls
“SHMA’s commitment to hospitality education is opening new doors for female youth in Sri Lanka. By providing accessible training and empowering future leaders through guaranteed paid internships, SHMA supports equal rights and career opportunities, ensuring that every female has a fair chance to thrive in the hospitality industry and contribute meaningfully to society”. Dean/Director SHMA Daniela J Munasinghe
“Rights, Justice, Action for All Women and Girls” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිනි. මෙම තේමාව තරුණියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ඔවුන්ට සමාන අවස්ථා ලබා දීම සහ සමාජයේ ඔවුන්ගේ ශක්තිය ඉදිරියට ගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් යොමු තෙරිනි.
රටක සංවර්ධනයේ ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. එම තරුණ පරපුරට වෘත්තීය අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සමාජ සංවර්ධනයට ඉතා වැදගත් වේ. මෙම අදහස යථාර්ථයක් කරමින් තරුණ තරුණියන්ගේ අනාගතයට නව මාවත් විවෘත කරන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් Swiss Hotel Management Academy (SHMA) ආයතනය අද සමාජයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය ජීවිතයට පිවිසීමට නව මාවත් විවෘත කරමින් SHMA ආයතනය ක්‍රියාත්මක කරන ආගන්තුක සත්කාර හා හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ තිරසාර කුසලතා සංවර්ධන වැඩසටහන (Skills for Sustainable Growth Programme – SSG) මේ වන විට විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තිබේ. මෙම වැඩසටහන හරහා තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමටත්, පුහුණුවෙන් අනතුරුව රැකියා අවස්ථා සොයා ගැනීමටත් හැකි වීම විශේෂත්වයකි. මේ නිසා බොහෝ තරුණියන්ට තම ජීවිතය සාර්ථක මාවතකට ගෙන යාමට මෙම වැඩසටහන විශාල පිටිවහලක් වී ඇත.
කිසිදු ජාති, ආගම්, කුල හෝ සමාජ භේදයකින් තොරව සෑම තරුණ තරුණියකටම හෝටල් සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා පිවිසීමට අවශ්‍ය පදනම සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. එමඟින් ශ්‍රී ලාංකීය තරුණ පරපුරේ අනාගතය ශක්තිමත් කිරීම ද එහි ප්‍රධාන අභිලාෂයක් ලෙස පවතී.
මෙලෙස මෙම පාඨමාලාව හරහා ජීවිතයේ වැදගත් පියවරක් තැබූ තරුණියන් අතරින් එක් අයකු වන්නේ අම්පාර යොවුන් සේනාංකයේ පුහුණුව ලැබූ නිම්සියා හනීෆ් ය. පෞද්ගලික බැංකුවක සේවය කරමින් සිටිය දී මෙම පාඨමාලාව පිළිබඳ දැනගත් ඇය, යොවුන් සේනාංකයේ මිතුරන්ගේ මාර්ගයෙන් එයට සම්බන්ධ වූවාය. මාස නවයක කාලයක් පුරා පැවති මෙම පුහුණුව තුළ හෝටල් කළමනාකරණය, සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ මූලික දැනුම ලබා ගැනීමට ඇයට හැකි විය. මෙම පාඨමාලාවේ මුල් මාස හතර තුළ සිද්ධාන්ත දැනුම ලබාගත් ඇය, ඉන් අනතුරුව මාස පහක සීමාවාසික පුහුණුව Aprota Villas හෝටලයේදී ලබා ගත්තාය. එහිදී පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කරමින් හෝටල් කාර්යාල කටයුතු සහ ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම වැනි ප්‍රායෝගික අත්දැකීම් රැසක් ලබා ගැනීමට ඇයට හැකි විය. මේ වන විට ඇය හෝටල් ක්ෂේත්‍රයේ සේවය කරමින් තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යමින් සිටින අතර එම ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යාම ඇයගේ අනාගත බලාපොරොත්තුව වේ.
මෙම ආයතනයේ පුහුණුවෙන් ප්‍රයෝජන ලැබූ තවත් තරුණියක් වන්නේ හංසිකා මධුෂානි ය. මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි ඇය වයස අවුරුදු 22ක් වන අතර, මෙම පුහුණු වැඩසටහන හරහා ජීවිතයේ වැදගත් ඉදිරි පියවරක් තැබූ තරුණියකි. මිතුරියක මඟින් මෙම පාඨමාලාව පිළිබඳ දැනගත් ඇය හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම වැඩසටහන මහත් පිටුවහලක් වූ බව සඳහන් කරයි.
පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව ඇය Oruthota Chalet Eco Lanka Resort (Pvt) Ltd ආයතනයේ Food & Beverage අංශයේ මාස පහක සීමාවාසික පුහුණුවක් ලබා ගත්තාය. පසුව එම ආයතනයේම රැකියාවක් ලබා ගෙන මේ වන විට එහි සේවය කරමින් සිටී. තම වෘත්තීය ජීවිතයේ මෙම මට්ටමට පැමිණීමට SHMA ආයතනයෙන් ලැබුණු පුහුණුව විශාල පිටිවහලක් වූ බව ඇය අවධාරණය කරයි.
එසේම මල්මි මෙව්නා වයස අවුරුදු 20ක තරුණියකි. ලුණුගම්වෙහෙර පුහුණු මධ්‍යස්ථානයෙන් මෙම පාඨමාලාවට සම්බන්ධ වූ ඇය මේ වන විට වීරවිල DoubleTree by Hilton හෝටල් සමූහයේ සීමාවාසික පුහුණුව ලබමින් සිටී. Food and Beverage අංශයේ ප්‍රායෝගික දැනුම ලබාගෙන සිටින ඇය අනාගතයේදී එම අංශයේ කළමනාකාරිනියක වීම තම සිහිනය බව ද පවසයි.
මෙවැනි සාර්ථක පුහුණු වැඩසටහන් හරහා හෝටල් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තීයවේදීන් බිහි කරමින් SHMA ආයතනය තරුණ තරුණියන්ට නව අවස්ථා සහ බලාපොරොත්තු ලබා දෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අද සමාජයේ විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාවට ගැළපෙන අයුරින් තරුණියන්ගේ හැකියාවන් ඉදිරියට ගෙන යමින් ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම සඳහා මෙම ආයතනය ඉටු කරන සේවය ශ්‍රී ලංකාවේ තරුණියන්ට දිරිගන්වන ප්‍රබල පියවරක් බවට පත්වෙමින් තිබේ.
