මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කළ සුවිශේෂී වැඩසටහන කුරුණෑගලදී ඉතා සාර්ථකව නිම විය. මෙහි සංවිධාන සහයෝගිතාව කුරුණෑගල කාන්තා සිංහ සමාජය (306 D11) විසින් ලබාදුන් අතර, මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අභිමානවත් කාන්තා පුවත්පත වන ‘තරුණී’ විසින් පිරිනමන ලදි. ඉවුම් පිහුම්, මනාලියන් හැඩගැන්වීම් සහ වෘත්තීය රූපලාවණ්‍ය ඇතුළු දැනුමෙන් හා අර්ථවත් වූ වැඩසටහන් රාශියකින් සමන්විතව මෙය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
Pix By – සංජීවනී ආරියරත්න
