Tuesday, March 17, 2026
Epaper
Home ස්වයං රැකියානෙළුම් මලක හැඩැති පෙන්ඩන්ට් එකක හැඩ

නෙළුම් මලක හැඩැති පෙන්ඩන්ට් එකක හැඩ

by Shanaka Lakehouse

ඔබ අසා තිබේද පොලිමර් ක්ලේ ගැන? පොලිමර් ක්ලේ යනු ආකෘති මැටි වර්ගයකි. වර්තමානයේ විවිධ නිර්මාණ සඳහා මෙම ක්ලේ වර්ගය භාවිතයට ගනී. ඒ අතරින් ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ ආභරණ සෑදීම සඳහායි. මෙය හොඳින් පදම් කරගත් පසුව සියුම් ලෙස විවිධ ආභරණ සෑදිය හැකියි.

සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

අවන් බේක් පොලිමර් ක්ලේ (Oven bake polymer clay) රෝස සහ කහ වර්ණවලින්

නෙක්ලස් සඳහා භාවිත කරන නෙක්ලස් වයර් එකක්

බ්ලේඩ් එකක් හෝ මුවහත් තලයක්

අයි පින් එකක්, පෙන්ඩන්ට් කැප් එකක් (eye pin, pendant cap)

අවන් එකක්

නිර්මාණය සාදන ආකාරය

ක්ලේ එක හොඳින් පදම් කරගන්න. ඉන්පසුව සමාන බෝල පහළොවක් සාදාගන්න.

ඡායාරූපවල පෙන්වා ඇති පරිදි කහපාටින් නෙළුම් මලේ මැද කොටසක් සාදාගන්න.

සකසා ගත් ඉතිරි ක්ලේ බෝල ටික රූපයේ ආකාරයට නෙළුම් පෙති ලෙස සකස් කරගන්න. (ඒ සඳහා බෝල් ටූල් එක භාවිතයට ගත හැකිය.)

ඉන්පසුව ඡායාරූපයේ තිබෙන පරිදි කලින් සාදාගත් නෙළුම් මලේ මැද කොටසට පෙති එකින් එක අලවන්න.

අප සාදාගත් සියලුම නෙළුම් මල් පෙති ටික රූපවලින් පෙන්වා ඇති පරිදි පිළිවෙළට අලවා ගත් විට අලංකාර නෙළුම් මලක් නිර්මාණය වේ.

තවත් අලංකාර කරගැනීමට නෙළුම් මලේ මැද කොටසෙ සියුම් සිදුරු සාදා ගන්න.

එයින් පසුව අප සාදාගත් නෙළුම් මලට අයි පින් එකක් (eye pin) ඇතුළු කරන්න.

ඉන්පසුව යටින් ඉතිරි වන වැඩි ක්ලේ කොටස බ්ලේඩ් එකක් මඟින් මලට හානියක් නොවන ලෙස කපා ඉවත් කරගන්න.

ඉන්පසුව අවන් එකේ දමා සෙල්සියස් අංශක 135ට විනාඩි 30ක් බේක් කරගන්න. (මේ වේලාව ඔබගේ අවන් එක අනුව වෙනස් විය හැකිය.)

ඉන්පසුව බේක් කරගත් නෙළුම් මලට පෙන්ඩන්ට් කැප් එක සම්බන්ධ කර මාලයට පෙන්ඩන්ට් එක සම්බන්ධ කරන්න.

දැන් ඔබ අලංකාර නෙළුම් මල් පෙන්ඩන්ට් එකක් සාදා අවසන්.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?