කිරිබත්ගොඩ – කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතියේ 64 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය ඉකුත් මාර්තු 8 වැනිදා ඊරියවැටිය සිල්මාතා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
සමිතියේ සභාපතිනී චාන්දනී විජේසූරිය මහත්මිය විසින් සමිතියේ තේමා පාඨය වන “ඉත්ථි භාවෝ නෝ කිං කයිරා – චිත්තම්හි සුසමාහිතේ” (සිත දියුණු නම් ගැහැනුකම බාධාවක් නොවේ) යන්න පැහැදිලි කරමින් පැමිණ සිටි පිරිස පිළිගනු ලැබුවාය. අනතුරුව සමිතියේ අනුශාසිකා හර්ෂිණී නවරත්න මහත්මිය විසින් මෙවර කාන්තා දින තේමාව පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.
ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ උපදේශිකා සාමා කරුණාරත්න මහත්මිය, ගම්පහ දිස්ත්‍රික්කයේ සිල්මාතා සංගමයේ ලේඛකාධිකාරී බලගල්ලේ සුබෝධා සිල්මෑණියන් සහ විශ්‍රාමලත් විදුහල්පතිනි සුමනා ප්‍රේමදාස යන මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූහ.
