10
කොළඹ දිස්ත්‍රික් සුවහස් මල් සමිති එකමුතුව විසින් සංවිධානය කරන “සුවහස් අභිමන් – 2026” මල් ප්‍රදර්ශනය 23, 24, 25, 26 දිනයන්හි බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පැවැත්වේ.
පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තිබෙන මේ ප්‍රදර්ශනයේ දී ඉතාමත් දැකුම්කලු මල් සහ විසිතුරු පැළ නැරඹිය හැකි අතර මෙය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙනු ඇත.
