කාන්තා විරැකියාව අවම කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත බතික් පාඨමාලා සාර්ථකව නිම කළ තරුණීන්ට සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයක් ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී 2026.02.24 දින සිදු කෙරිණි.
නිවෙසේ සිට ආදායම් උපයමින් පවුලේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ස්වයං රැකියාවල යෙදීමට තරුණීන් දිරිගැන්වීම පිණිස මෙම පාඨමාලා සංවිධානය කර තිබේ. දේශීය වෙළෙඳපොළේ සිට විදේශීය වෙළෙඳපොළ දක්වා ගමන් කිරීමට මෙම පාඨමාලා හැදෑරූ කාන්තාවන්ට අවස්ථාව ලබාදීම හා මගපෙන්වීම බස්නාහිර පළාත් සභා ස්වයං රැකියා, කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබයි. මෙම අවස්ථාවට ජා-ඇළ ප්‍රාදේශීය ලේකම් නිලංගා ගුණවර්ධන, බස්නාහිර පළාත් කාන්තා කටයුතු හා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ලාලනී රණසිංහ, බතික් පුහුණු උපදේශිකා ජේ. පී. නෙරංජලා ශ්‍රීමාලි යන මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
