Monday, March 23, 2026
Epaper
Home විශේෂාංගනිල් මැණික් ඔප දමන රූ සෞන්දර්යයේ වේදිකාව

නිල් මැණික් ඔප දමන රූ සෞන්දර්යයේ වේදිකාව

Pearls of Sri Lanka

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාවේ තරුණියන්ගේ රූ සෞන්දර්යය, පෞරුෂය සහ දක්ෂතා ජාත්‍යන්තර වේදිකාවට ගෙන යෑම අරමුණු කරගත් “Pearls of Sri Lanka” නිරූපණ තරගාවලිය මෙවරත් උද්යෝගයෙන් පැවැත්වීමට නියමිතය. දේශීය නිරූපණ ක්ෂේත්‍රයට නව අවස්ථා විවර කරමින් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි තරුණියන් හඳුනාගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. රට තුළ සැඟවී ඇති රූ සෞන්දර්යය සහ දක්ෂතා ජාත්‍යන්තරයට හඳුන්වා දීමට මෙම තරගාවලිය වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.

මෙම තරගාවලියේ මූලික තේරීම් තරගය අප්‍රේල් 26 වැනි දින පෙ.ව. 10.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ Orchid ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය යටතේ Miss Tourism World, Miss Global International සහ Ms Sri Lanka Earth යන ජාත්‍යන්තර නිරූපණ තරගාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ හැකි තරුණියන් තෝරා ගැනීමට සැලසුම් කර තිබේ.

වයස අවුරුදු 17 සිට 40 දක්වා වූ අවිවාහක තරුණියන්ට මෙම තරගාවලිය සඳහා අයදුම් කළ හැකි අතර ඔවුන්ගේ රූ සෞන්දර්යය පමණක් නොව පෞරුෂය, දක්ෂතා, සමාජ සම්බන්ධතා සහ ආත්ම විශ්වාසය ද මෙහිදී විනිශ්චය සඳහා සැලකිල්ලට ගනු ඇත. නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට කැමැති තරුණියන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ජාත්‍යන්තර වේදිකාවට පියවර තැබීමට මෙය අගනා අවස්ථාවක් ලෙස සංවිධායකකෝ පෙන්වා දෙති.

මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන වෛද්‍ය අසංක වීරසිංහ මහතා සඳහන් කරන්නේ, “මම හිතන්නේ අන්තර්ජාතික නිරූපණ තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවේ තරුණියන් තෝරා ගන්නා අවස්ථාවක් එකවර සංවිධානය වීම විශේෂත්වයක්. ‘Pearls of Sri Lanka’ තරගාවලියෙන් අපගේ රටේ සැඟවුණු දක්ෂතා සහ රූ සෞන්දර්යය ඇති තරුණියන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර වේදිකාවට හඳුන්වා දීම අපගේ ප්‍රධාන අරමුණයි,”

එසේම මෙම තරගාවලිය තරුණියන්ට ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමටත් නිරූපණ ක්ෂේත්‍රයේ නව අවස්ථා සොයා ගැනීමටත් උපකාරි වන බව ද ඔහු පෙන්වා දෙයි.

තරගාවලියේ අධ්‍යක්ෂවරුන් ලෙස චරිත ගුණසේකර, ඉසුරු ගුණසේකර, නිරෝෂා මෙන්ඩිස් සහ අනුෂි ගුණරත්න යන අය කටයුතු කරන අතර, විනිසුරු මණ්ඩළ උපදේශකයන් ලෙස සේනක ද සිල්වා, රොෂෙල් ෆලන්කට් සහ අමා දිසානායක එක්ව සිටිති.

මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජූනි 6 වැන දින පැවැත්වීමට නියමිත අතර එහිදී ජයග්‍රාහී තරුණියන්ට ජාත්‍යන්තර නිරූපණ තරගාවලීන් වෙත ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

නිරූපණ ලෝකයට පිවිසීමට සිහින දකින තරුණියන්ට මෙම “Pearls of Sri Lanka” තරගාවලිය තම හැකියාවන් පෙන්වීමට සහ ජාත්‍යන්තර වේදිකාවක් දිනා ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් බව සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරති.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?