රිබන් මලක් (Ribbon Flower) සාදන එක එතරම් අපහසු නැහැ. ලස්සනත්, සරලකමත් කැටිවුණු සොඳුරු හස්තකලා ක්‍රියාකාරකමක්. මේවා බොහෝවිට
ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මල් කලඹක්, ගිෆ්ට් පැකින්, හෙයාර් ක්ලිප්, සහ සැරසිලිවලට භාවිත කරන්නට හැකියි.
මෙවර තරුණී නුගසෙවණ සුසංයෝගය දිගහැරෙනුයේ රිබන් මලක් සහ මල් කවඹක් සාදන ආකාරය පිළිබඳවයි. අමුද්‍රව්‍ය සහ පියවරෙන් පියවර විස්තරාත්මකව පහදා තිබේ.
අවශ්‍ය අමුද්‍රව්‍ය :-
🌹රිබන් (අඟල් 1 / 1.5/ 2)
🌹ග්ලූ ගන්
🌹ඉටි පන්දමක්
🌹BBQ Stick එකක්
🌹පබළු
🌹මල් කලඹ සෑදීමට රවුමට කපාගත් රිජිෆෝම්
සාදාගන්නා ආකාරය :-
1 පියවර
රිබන් කපන්න. (මේ සඳහා ATM කාඩ් පතක් භාවිත කළ හැකියි.)
2 පියවර
ඉටිපන්දමක් ආදාරයෙන් කපා ගත් රිබන් කැබලි දෙපැත්ත පුළුස්සා අලවාගන්න.
3 පියවර
අලවාගත් මල් පෙති එකිනෙකට ග්ලූ ගන් ආධාරයෙන් වැලක් මෙන් අලවා ගන්න. වැලට පෙති දහයක් අවශ්‍ය වේ. ඊට අමතරව පෙති හයක් වෙනම ළඟ තබා ගන්න.
4 පියවර
අමුණා ගත් මල් පෙති දහය BBQ stick එකෙහි රඳවා ග්ලූ ගන් භාවිතයෙන් අලවා එහි ඔතා ගන්න.
5 පියවර
ළඟ තබා ගත් අනෙක් මල් පෙති හය වෙන වෙනම ග්ලූ ගම්වලින් අලවාගන්න.
6 පියවර
සාදා ගත් මල් රවුමට කපා ගත් රෙජිෆෝම් එකෙහි වර්ණ ගළපමින් ගසා මල් කළඹක හැඩය එන ලෙස සාදාගන්න.
7 පියවර
අවසානයේ මල් කළඹ ලස්සන කර ගැනීම සඳහා මල මැදට පබළුවක් බැගින් අලවා ගන්න.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
