Tuesday, March 31, 2026
Epaper
Home පුවත්බලාපොරොත්තුවේ පාගමන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ලියෝ සමාජය පෙරමුණට

බලාපොරොත්තුවේ පාගමන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ලියෝ සමාජය පෙරමුණට

by Shanaka Lakehouse

කැලණිය විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ Education and Literacy avenue මඟින් ලාංකීය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා අධ්‍යාපනික හා ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන WALK FOR HOPE ව්‍යාපෘතිය මෙවරත් සංවිධානය කරන ලදී. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දිවයිනේ ලියෝ සමාජ 20ක සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටීම මෙවර විශේෂත්වයකි. මෙයට සම්බන්ධ වූ ලියෝ සමාජ මඟින් සාමූහිකත්වය වර්ධනය වීම සිදු විය.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරමහාදේවි උද්‍යානය දක්වා පාගමනක් සංවිධානය කරන ලදී. මෙහි අරමුණ වන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඒ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමයි. සමාජ වගකීම, මනුෂ්‍යත්වය සහ සාමූහිකත්වය වර්ධනය කිරීම මෙම පාගමන තුළින් සිදු විය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?