VB යන වේදිකා නාමයෙන් ද, ආදරයෙන් “Vibu” ලෙස ද හඳුන්වන විභූෂා පංචාලී යනු, ශ්‍රී ලංකාවේ නව පරපුර නියෝජනය කරන, සංගීතයට දැඩි ආදරයක් සහ කැපවීමක් ඇති නව ගායිකාවකි. ඉදිරියේ දී ගීත cover මෙන්ම තම පළමු නව සිංහල ගීතය නිකුත් කිරීමට සැලසුම් කරමින් ඇය සංගීත ක්ෂේත්‍රයට නව පියවරක් තැබීමට සූදානම් වේ.
කුඩා වියේ සිටම සංගීතයට විශේෂ කැමැත්තක් දක්වමින් පැමිණි විභූෂා පංචාලී (Vibu); ලතා මංගේෂ්කර්, ශ්‍රේයා ඝෝෂාල්, ආරියානා ග්‍රැන්ඩේ, ABBA, ආනා කෙන්ඩ්‍රික් සහ K-pop සංගීතය වෙතින් ද විශාල ආභාසයක් ලබා ඇත. විවිධ සංගීත ශෛලීන්ගෙන් ලැබුණු මෙම ආනුභාව ඇයගේ ගායන ශෛලිය තවත් පුළුල් කර ඇත.
සිංහල, හින්දි, ඉංග්‍රීසි සහ කොරියානු (K-pop) ගීතවලට සමාන ලෙස ආදරය කරන Vibu, විවිධ භාෂා සහ සංස්කෘතික පසුබිම් ඇති ප්‍රේක්ෂකයන් සමඟ සම්බන්ධ වීමට හැකි නව කලාකාරියක් ලෙස ඉදිරියට පැමිණෙයි.
සංගීතය පිළිබඳ වෘත්තීය දැනුම වැඩි කර ගැනීම සඳහා ඇය දැනට භාත්ඛණ්ඩේ (Bhatkhande) සංගීත ආශ්‍රමයෙන් සංගීත අධ්‍යාපනය ලබමින් සිටී. ඒ සමඟම, ඇය ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපයට යාමට සූදානම් වන අතර, ඇයගේ මුළු පවුලම වර්තමානයේ යුරෝපයේ වාසය කරයි. සංගීතය සහ අධ්‍යාපනය සමබරව රැගෙන යාම ඇයගේ විශේෂත්වයකි.
විභූෂා පංචාලීගේ පවුල් පසුබිම ද අධ්‍යාපනයට සහ වෘත්තීය ජීවිතයට මහත් වටිනාකමක් දක්වන එකකි. ඇගේ මව මංජුලා මොරායස් මහත්මිය කථිකාචාර්යවරියක් වන අතර, පියා සරත් මහතා වෘත්තියෙන් යාන්ත්‍රික ඉංජිනේරුවරයකි. ඇයට දනුජ නම් කුඩා සහෝදරයකු ද, විෂ්මි සහ ශනුද්‍රි නම් සහෝදරියන් දෙදෙනකු සිටි. ආදරය, සහයෝගය සහ උනන්දුව මත ගොඩනැඟුණු මෙම පවුල් පසුබිම ඇයට විශාල ශක්තියක් වී ඇත.
දැනට විභූෂා පංචාලී, තම කලාත්මක අනන්‍යතාවය ගොඩනැඟීම සඳහා ගීත cover මඟින් ද, තම පළමු නව සිංහල ගීතය හරහා ද සූදානම් වෙමින් සිටී. අනාගතයේ දී ශ්‍රී ලාංෙකය සංගීතය ජාත්‍යන්තර මට්ටමකට, විශේෂයෙන්ම ආසියානු සහ යුරෝපීය ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යාම ඇයගේ සිහිනයකි.
නව ගීතයකින් නව ගමනක් ආරම්භ කරන විභූෂා පංචාලී ඇයගේ සංගීත ගමනට උදවු දෙන සියලු දෙනාට තම හදවතින්ම ස්තුති කරන්නීය.
