Monday, April 6, 2026
Epaper
Home Beautyගිනියම් අව්වේ වුණත් ඔබේ සම’ෆ්‍රෙෂ්’ එකේ

ගිනියම් අව්වේ වුණත් ඔබේ සම’ෆ්‍රෙෂ්’ එකේ

by Mavan Perera

උණුසුම් කාලගු ණය අපේ ශරීරයටත් සමටත් විශාල බලපෑමක් ඇති කරයි. හිරුගේ දැඩි රශ්මිය නිසා ශරීරයෙන් ජලය ඉක්මනින් ඉවත් වීමෙන් සම වියළීම, අකාලයේ වයස්ගත වීම සහ සමේ විවිධ ගැටලු ඇති වේ. එබැවින් මෙම කාලසීමාව තුළ ජලය පරිභෝජනය සහ නිවැරදි සමේ රැකවරණය ඉතා වැදගත් වේ.

ජලය සමට වැදගත් වන්නේ ඇයි?

සම නීරෝගිව තබා ගැනීමට මූලිකම
සාධකය ජලයයි
සම තෙත් කරයි. ප්‍රමාණවත් ජලය පානය
කිරීමෙන් සම වියළී යාම වැළැක්වේ.

විෂ ද්‍රව්‍ය ඉවත් කරයි. ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කර සම පැහැපත් කරයි.

සම මෘදු කරයි: සමට ස්වභාවික මෘදු බවක් සහ නම්‍යශීලී බවක් ලබා දෙයි.

වයස්ගත වීම පාලනය කරයි.
රැලි සහ ලප ඇති වීම ප්‍රමාද කරයි.

උණුසුම් කාලයේ දිනකට ජලය කොපමණ පානය කළ යුතුද?
සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර් 2.5 – 3 අතර ප්‍රමාණයක් පානය කිරීම සුදුසුය. එහෙත් වැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නම් එම ප්‍රමාණය තවත් වැඩි කළ යුතුය.

ස‍ෙම් රැකවරණය සඳහා උපදෙස්
නිතර ජලය බොන්න
පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ජලය පානය කරන්න.

ගැළපෙන ආහාර රටාව
ජලය බහුල පලතුරු සහ එළවළු (කොමඩු, පිපිඤ්ඤා, රාබු, පතෝල, වැටකොළු, ගර්කින්, ගෝවා, නෝකෝල්) ආහාරයට එක් කරගන්න.
තැඹිලි වතුර,දොඩම්,දෙහි,කෝමාරිකා ජූස් නිතර පානය කිරීමෙන් සමෙහි තෙත්බව රැකගත හැකිය.

මුහුණ පිරිසිදු කිරීම
දිනකට වාර කිහිපයක් මෘදු ජලයෙන් මුහුණ සෝදන්න.

මොයිස්චරයිසර් භාවිතය
උණුසුම් කාලයට ගැළපෙන සැහැල්ලු (Lightweight) ජලය පදනම් කරගත් (Water-based) ලෝෂන් වර්ගයක් තෝරාගන්න.

හිරු ආරක්ෂාව
SPF අගය 50 ට වැඩි සන්ස්ක්‍රීන් (Sunscreen) වර්ගයක් භාවිත කරන්න.මේ දිනවල පවතින අධික හිරුඑළිය නිසා එළිමහනට යන විට කුඩයක් හෝ තොප්පියක් භාවිත කිරීමට අමතක නොකරන්න.

දැඩි රශ්මියෙන් මේකප් ආරක්ෂා කරගන්නා සරල ක්‍රම

උණුසුම් කාලගුණයේදී මේකප් එක දවස පුරා නැවුම්ව තබා ගැනීමට මෙම උපක්‍රම
අනුගමනය කරන්න.

අයිස් ප්‍රතිකාරය
මේකප් කිරීමට පෙර අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා මුහුණේ තැවීමෙන් සමේ සිදුරු (Pores) කුඩා වී දහඩිය පාලනය වේ.

ප්‍රයිමර් භාවිතය
Mattifying Primer එකක් භාවිත කිරීමෙන් මේකප් එක සම මත ස්ථාවරව පවතී.

ෆවුන්ඩේෂන් සීමා කරන්න
තද උණුසුමේදී thick ෆවුන්ඩේෂන් වෙනුවට BB Cream එකක් හෝ ඉතා තුනී Waterproof වර්ගයක් භාවිතා කරන්න.

Setting Powder
මේකප් අවසානයේ Translucent powder එකක් මඟින් මුහුණේ තෙල් ගතිය පාලනය කරන්න.

ඇස් සහ තොල්
දිය නොවන (Waterproof) මස්කාරා සහ අයිලයිනර් මෙන්ම Matte Lipstick භාවිත කිරීම වඩාත් සුදුසුය.

ස්වභාවික සත්කාර සම සඳහා
දහවල් කාලයේ පිටතට ගොස් පැමිණි පසු යෝගට් ස්වල්පයකට මී පැණි බින්දු කිහිපයක් දමා මුහුණේ සහ අත්පාවල ආලේප කර විනාඩි 20-30කින් සෝදා හරින්න. මෙය සමට තාවකාලික අසහනයන්ගෙන් මිදී සිසිලසක් ලබා ගැනීමට මහෝපකාරී වේ.

දෑස් සඳහා
විඩාබර දෑස් මත පාවිච්චි කළ සීතල කළ ටී බෑග්, පිපිඤ්ඤා පෙති, අල පෙති හෝ අයිස් වතුර පෙඟවූ පුළුන් තැබීමෙන් කළු වීම සහ වියළි බව අවම කරගත හැකිය.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?