Monday, April 13, 2026
Epaper
Home කතිර මැහුම්සොඳුරු පූස් පැටවාගෙන් හැඩවන කතිර රටා

සොඳුරු පූස් පැටවාගෙන් හැඩවන කතිර රටා

by Shanaka Lakehouse

නිවෙස සඳහා අලංකාරයක් එක් කරන මෙම නිර්මාණය, කුෂන් කවරයක් නම් එහි පිටුපස රෙද්ද මසා ඇතුළට පුළුන් පුරවා නිම කරන්න.

බෑග් එකක් ලෙස සකසන්නේ නම්, ඇතුළතට ලයිනිං රෙද්දක් දමා ශක්තිමත් ලෙස මසා ගන්න.

මෙමඟින් ඔබේ නිවෙස මෙන්ම ඔබ පාවිච්චි කරන බෑගය ද ඉතා නිර්මාණශීලිව සහ ගැළපෙන අයුරින් අලංකාර කරගත හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්

රාමුව

ඉදිකටු

කතුර

නිර්මාණය කිරීම:-

මෙම නිර්මාණය අඟල් 2.4 x 3.6 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?