සංස්කෘතික උරුමය සහ ආගමික ආශිර්වාදය කැටි වු මහා සංස්කෘතික මංගල්‍යක් වන පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන හෙවත් පුංච් කිරිවෙහෙර බක් මහා පෙරහැර හතරවැනි වරටත් අප්‍රේල් 25 සෙනසුරාදා දින අතිඋත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීමට විද්‍යාශාන්ති පිරිවෙන හි බක්මහ පෙරහැර සංවිධායක කමිටුව සියල්ල සැලසුම් කර ඇත.
සමගිය,සහජීවනය සහ සශ්‍රීකවත්වය, කැටිවූ සූර්ය මංගල්‍යය වන සිංහල හින්දු අලුත් අවුරුද්දට ආගමික ආශිර්වාදය එක් කිරීම සහ ජාති ආගම් බේදයකින් තොරව ආගමික සංස්කෘතික ප්‍රබෝධය ඔප්නැංවීම මෙහි මූලික අරමුණ බව මෙම බක්මහ පෙරහැර සංකල්පයේ නිර්මාතෘ විහාරාධිකාරී අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි අනුනායක ස්වාමීන්වහන්සේ පැවසූහ.
අලිඇතුන් 25කින් සහ සාම්ප්‍රදායික නර්තනාංග 35කට අධික සංඛ්‍යාවකින් ද ඒ ඒ යුගය සිහිගන්වන ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු කොඩි සේසත්කරුවන්ගෙන් ද සමන්විත මේ බක්මහ පෙරහැරේ තවත් විශේෂත්වයක් වන්නෙ එක් නිලමවරයකු ද ගම්බාරදේව ප්‍රතිමාව ද පමනක් පෙරහැර සංචාරයේදී නියෝජනය කිරීමයි.
