Monday, April 13, 2026
Epaper
Home විශේෂාංගනැකත් සීට්ටුව

නැකත් සීට්ටුව

by Shanaka Lakehouse

අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා පහත දැක්වෙන නැකැත් වේලාවන් සහ උපදෙස් නිවැරදි අයුරින් පිළිපැදීම මැනවි.

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා

මාර්තු මස 20 වැනි සිකුරාදා

අභිනව සූර්ය වර්ෂය සඳහා

අප්‍රේල් මස 19 වැනි ඉරිදා.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

දිනය

අප්‍රේල් මස 13 වැනි සඳුදා.

චාරිත්‍රය

දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර, තමාගේ ඉෂ්ට දේවතාවුන් සිහිපත් කරමින් ආගමික වතාවත්වල නිරත වන්න.

අලුත් අවුරුදු උදාව

වේලාව

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 09.32ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

කාලය

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එදින අපරභාග 03.56 දක්වා.

චාරිත්‍රය

අප්‍රේල් 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වීම මැනවි.

ආහාර පිසීම

වේලාව:

අප්‍රේල් මස 14 වැනි

අඟහරුවාදා

පූර්වභාග 10.51ට.

 

ඇඳුම

රතු පැහැති (රක්ත වර්ණ) වස්ත්‍රාභරණයෙන් සැරසී.

චාරිත්‍රය

දකුණු දිශාව බලා ළීප් බැඳ ගිනි මොලවා, කිරි උතුරවා, හකුරු හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් පිළියෙල කරගන්න.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

වේලාව

අප්‍රේල් මස 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ට.

ඇඳුම

රතු පැහැති (රක්ත වර්ණ) වස්ත්‍රාභරණයෙන් සැරසී.

චාරිත්‍රය

දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි.

හිසතෙල් ගෑම

වේලාව

අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 06.55ට.

ඇඳුම

කොළ පැහැති (පච්ච වර්ණ) වස්ත්‍රාභරණයෙන් සැරසී.

දිශාව

නැඟෙනහිර දිශාව බලා.

චාරිත්‍රය

හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කරන්න.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

දිනය

අප්‍රේල් මස 20 වැනි සඳුදා

වේලාව

පූර්වභාග 06.27ට (දකුණු දිශාව බලා) හෝ,

පූර්වභාග 06.50ට (නැඟෙනහිර දිශාව බලා).

ඇඳුම

සුදු පැහැති (ශ්වේත වර්ණ) වස්ත්‍රාභරණයෙන් සැරසී.

චාරිත්‍රය

කිරිබත් හා කැවිලි අනුභව කර නිවෙසින් පිටත්ව යාම මැනවි.

පැළ සිටුවීම

වේලාව

අප්‍රේල් මස 23 වැනි බ්‍රහස්පතින්දා

පූර්වභාග 09.01 ට.

ඇඳුම

රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී.

දිශාව

උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.

 

TEXT – දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?