ඕනෑම නිවෙසකට බලශක්තිය අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයේ අපගේ නිවෙස්වල ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙස විදුලිය සැලකෙන අතර, ගෑස්, සූර්ය පැනල ආදී මාර්ගවලින්ද බලශක්තිය ලබාගැනීම සිදු වේ.
අතීතයේ අපේ මුතුන්මිත්තන්ගේ ජීවන රටාව අනුව බලශක්තිය මෙතරම් වැදගත් නොවීය. එහෙත් අද වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. බලශක්තියෙන් තොර නිවෙසක් පිළිබඳ සිතාගැනීම පවා අපහසු වී තිබේ.
එදා ගෘහිණියන් මුළුතැන්ගෙයි කටයුතු බොහෝවිට සිදු කළේ දෑතේ ශක්තියෙනි. ඉවුම් පිහුම් සඳහා දර භාවිත වූ අතර, අද එවැනි ක්‍රම බොහෝ දුරට අඩුවී ඇත. වර්තමානයේ විවිධ විද්‍යුත් උපකරණ භාවිතය ඉහළ යාමත් සමඟ නිවෙසේ සියලුම සාමාජිකයන් ඒවා භාවිතයට නැඹුරු වී සිටී.
විශේෂයෙන් යුද්ධය සහ ජාත්‍යන්තර ආර්ථික අවපීඩන නිසා, රටකට බලශක්තිය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. විදුලි බලාගාරවලින් සහ ආනයනික ඉන්ධන මූලාශ්‍රවලින් විශාල ප්‍රමාණයක් විදුලිය නිෂ්පාදනය සඳහා වැය වන අතර මේ සියල්ල රටේ ආර්ථිකය මත දැවැන්ත බලපෑමක් ඇති කරයි. මේ අනුව බලන කල විදේශ විනිමය මඟින් විදුලි පරිභෝජනය සපුරා ගැනීම සඳහා රජයට දැවැන්ත වියදමක් දැරීමට සිදුව තිබේ. එබැවින් බලශක්තිය සුරකිමින් භාවිත කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමකි.
බලශක්ති කාර්යක්ෂමතාවයේ වැදගත්කම
නිවෙසේ කටයුතු පහසු කරන උපකරණ භාවිත කිරීම වැදගත් වුවද, ඒවා බලශක්ති කාර්යක්ෂම විය යුතුය. එක් නිවෙසකින් පවා සුළු ප්‍රමාණයක් බලශක්තිය ඉතිරි කළහොත්, රටක් ලෙස විශාල ප්‍රතිලාභයක් ලැබිය හැකියි.
බලශක්ති කාර්යක්ෂම උපකරණ භාවිත කිරීමෙන්,
• නිවෙසේ විදුලි බිල අඩු කර ගත හැකියි.
• රටේ විදේශ විනිමය ඉතිරි කර ගත හැකියි.
• පරිසරය ආරක්ෂා කර ගත හැකියි.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුන්වා දී ඇති බලශක්ති කාර්යක්ෂමතා ලේබලය මෙම කාර්යයට වැදගත් මඟපෙන්වීමකි. නිවෙසේ භාවිත කරන ශීතකරණය, වායු සමීකරණ යන්ත්‍ර, විදුලි බල්බ ඇතුළු විවිධ විද්‍යුත් උපකරණ සඳහා බලශක්ති කාර්යක්ෂමතාව ඇතුළත් කළ ලේබලයක් හඳුන්වා දී තිබේ. මෙම ලේබලය මඟින්, ඒ උපකරණය කෙතරම් බලශක්ති කාර්යක්ෂමද යන්න පැහැදිලිව දැනගත හැකියි.
ලේබලයේ 1 සිට 5 දක්වා තරු (Star Ratings) දර්ශකය භාවිත කරයි.
තරු 1 (*) – අඩු කාර්යක්ෂමතාව; වැඩි විදුලි පරිභෝජනය.
තරු 2 (**) – සාමාන්‍යයෙන් අඩු කාර්යක්ෂමතාව; සාමාන්‍ය පරිභෝජන මට්ටම.
තරු 3 (***) – සාමාන්‍ය කාර්යක්ෂමතාව; විදුලි බිල්පත් සාමාන්‍යයෙන් පාලනය වේ.
තරු 4 (****) – ඉහළ කාර්යක්ෂමතාව; විදුලි පරිභෝජනය අඩු සහ වාසියක් ලබා දේ.
තරු 5 (*****) – ඉතා උසස් කාර්යක්ෂමතාව; අඩුම විදුලි පරිභෝජනය සහ උපරිම වාසිය.
නිවෙස්වල විද්‍යුත් උපකරණ මිලදී ගැනීමේදී, මෙම ලේබලය සහ තරු පදනම් කරමින් උපකරණ තෝරා ගැනීම ඉදිරියේදී විදුලි බිල්පත් අඩු කර ගැනීම, බලශක්ති ආරක්ෂාව වැඩි කිරීම සහ පරිසර ආරක්ෂාවට දායක වීම සඳහා අත්‍යවශ්‍ය වේ. උදාහරණයක් ලෙස සාමාන්‍ය බල්බයක් පරිහරණය කිරීමට වඩා LED බල්බයක් සාමාන්‍යයෙන් මිලෙන් වැඩි වුවත් එහිදී බලශක්ති කාර්යක්ෂමතාව නිසා විදුලි බිලේ අඩුවීමක් මෙන්ම බලශක්ති කළමනාකරණයක්ද සිදුවේ.
නිවෙසේ බලශක්තිය ඉතිරි කිරීම සඳහා භාවිත කළ හැකි සරල උපක්‍රම
1. දෘශ්‍ය උපකරණ / විදුලි
ආලෝක (Lighting & Visual
Appliances) භාවිතයේදී,
• LED බල්බ භාවිතයට මාරු වන්න
• අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න.
කාමරයෙන් පිටවන විට සෑම
විටම විදුලි පහන් නිවා දමන්න.
• දිවා කාලයේ ස්වාභාවික
ආලෝකය උපරිමයෙන් භාවිත
කරන්න.
2. ගෘහ උෂ්ණත්ව උපකරණ
(Heating & Cooling
Appliances) භාවිතයේදී,
• Air Conditioners, Fans, Heaters අවශ්‍ය නොවන වේලාවල ක්‍රියාත්මක කිරීම වැළැක්වීමෙන්, එම උපකරණ සඳහා අවශ්‍ය උෂ්ණත්වය නියමිත සහ පහසු මට්ටමට පවත්වා ගැනීමට හැකි වේ.
• Water Heater සහ Geyser අවශ්‍ය වේලාවක පමණක් ක්‍රියාත්මක කිරීම, බලශක්ති පරිභෝජනය අඩු කර, විදුලි බිල්පත් පාලනය කිරීමට උපකාරී වේ.
• Curtains සහ Blinds නිවැරදිව භාවිත නොකිරීම, ශීත/තද උණුසුම් පාලනයේ ක්‍රම අඩු වීමකට හේතු විය හැකි බැවින්, ඒවා නිසි ලෙස භාවිත කිරීමද නිෙවසේ ශක්ති කාර්යක්ෂමතාව වැඩි කිරීමට දායක වේ
• වායු සමීකරණයට වඩා විදුලි පංකා භාවිතය වැඩි කරන්න – Pedestal fan හෝ table fan මෙන්ම Ceiling fan පවා වායු සමීකරණ යන්ත්‍රවලට වඩා බෙහෙවින් අඩු ශක්තියක් භාවිත කරයි.
• වායු සමීකරණයේ උෂ්ණත්වය 24–26°C අතර තබාගන්න.
3. මුළුතැන්ගෙයිහිදී,
• Refrigerator සහ Freezer දොර නිතර විවෘත කිරීම, Electric Kettle හෝ Coffee Maker අවශ්‍යතාවට වඩා වැඩි ලෙස භාවිත කිරීම සහ භාවිත නොවන විට උපකරණ standby mode හෝ idle තත්ත්වයේ තැබීම, නිවෙසේ බලශක්ති පරිභෝජනය අනවශ්‍ය ලෙස වැඩි කරයි. එමඟින් විදුලි බිල්පත් වැඩි වීමක් ඇතිවන අතර, උපකරණ කාර්යක්ෂමතාව අඩු විය හැකියි. මෙම උපකරණ අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක කිරීම සහ භාවිත නොවන විට විදුලි සබඳතාවයෙන් ඉවත් කිරීම සුදුසු වේ.
• භාජන ආවරණය කර පිසීම – තාපය සුරක්ෂිතව පවත්වා ගැනීමෙන් ආහාර ඉක්මනින් පිස ගත හැකිය.
• මයික්‍රෝවේව් / Pressure cooker ඥානවන්තව භාවිත කරන්න – උඳුන්වලට වඩා උණුසුම සඳහා මයික්‍රෝවේව් අඩු ශක්තියක් භාවිත කරයි.
• ශීතකරණය තුළ අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය ඇසීරීමෙන් වළකින්න-කාර්යක්ෂම සිසිල සඳහා වාතය සංසරණය විය යුතුය.
පවුලේ අයට ප්‍රමාණවත් අන්දමින් ඉවීම.
4. උපාංග / සන්නිවේදන
(Electronics & Chargers)
උපකරණ භාවිතයේදී,
• Mobile සහ Laptop chargers, Wifi routers දිගටම සම්බන්ධව තබා ගැනීම, Computer, Printer, Audio Systems සහ TV, AC, Microwave, Washing Machine වැනි උපකරණ standby mode හෝ idle තත්ත්වයේ තැබීම, නිවසේ බලශක්ති පරිභෝජනය අනවශ්‍ය ලෙස වැඩි කරයි. එමඟින් විදුලි බිල්පත් වැඩි වන අතර, උපකරණ කාර්යක්ෂමතාව අඩු විය හැකියි. එනිසා, මෙම උපකරණ අවශ්‍යතාව මත පමණක් ක්‍රියාත්මක කිරීම සහ භාවිත නොවන විට සබඳතාවයෙන් ඉවත් කිරීම වඩාත් සුදුසු වේ.
ශ්‍රී ලංකාවේ දිවා කාලයේ සූර්ය බලශක්ති එකතු කිරීම ඉහළ වුවත්, රාත්‍රී කාලයේ බලශක්ති නිෂ්පාදනය දේශීය නොවන සහ පරිසරයට හානිකර ඉන්ධන මත පදනම්ව සිදු වන බැවින්, night-time load shifting ක්‍රම භාවිතය වඩාත් වැදගත් වේ. නිවෙසේ ආලෝක සහ උපකරණ පරිහරණය Morning සහ Evening peak period වල වැඩි බලශක්ති උපකරණ පාවිච්චි කිරීම සීමා කිරීම, රාත්‍රී කාලයේ ශක්ති පරිභෝජනය දින කාලයට මාරු කිරීම (night-time load shifting) ක්‍රම භාවිත කිරීම, සහ Smart Plugs, Timers, Motion Sensors වැනි උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීය පාලනය ක්‍රියාත්මක කිරීම, නිවෙසේ බලශක්ති පරිභෝජනය අඩු කර, විදුලි බිල්පත් පාලනය කිරීමට, උපකරණ කාර්යක්ෂමතාව වැඩි කිරීමට සහ පරිසර ආරක්ෂාවට දායක වේ.
විදුලි බිලට නව මුහුණුවරක්
ඉදිරියේදී කාලය අනුව වෙනස්වන විදුලි බිලක් හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව, විදුලිය වැඩිපුර වැය වන Peak hours වලදී එක් ඒකකයක් සඳහා වන මුදල වැඩි වන අතර, අඩුවෙන් වැයවන වෙලාවන්හිදී ඒකකයක වැය වන මුදල අඩු වන ලෙස විදුලි බිල්පත් සැකසෙනු ඇත. මෙයින් බලාපොරොත්තු වන්නේ නිෙවසේ සහ ව්‍යාපාරික ආයතනවල බලශක්ති කළමනාකරණය වඩාත් කාර්යක්ෂම ලෙස සිදු වීමට උපකාර කිරීමයි. මේ සඳහා Smart Meter එකක් සවි කෙරෙනු ඇත. විදුලි පරිභෝජනය කාලය අනුව කළමනාකරණය කර නොගතහොත් ඉතාමත් වැඩි විදුලි බිලක් ඔබට ගෙවීමට සිදුවේ.
මේ අනුව බලන කල බලශක්තිය කාර්යක්ෂමව භාවිත කිරීම අද කාලයේ අත්‍යවශ්‍ය වගකීමකි. එය නිවෙසේ වියදම් අඩු කිරීමට පමණක් නොව, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් පරිසරය ආරක්ෂා කිරීමටත් උපකාරී වේ.
සෑම පවුලක්ම කුඩා පියවරක් ගතහොත්, එය රටක් ලෙස විශාල වෙනසක් ඇති කළ හැකියි.
TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
