Monday, April 13, 2026
Epaper
Home Recipeකිරිබත් රස ගන්වන ලුණු මිරිස් වර්ග 03ක්

කිරිබත් රස ගන්වන ලුණු මිරිස් වර්ග 03ක්

by Shanaka Lakehouse

කරපිංචා ලුණු මිරිස්

කරපිංචා ලුණු මිරිස් කියන්නේ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමක් තියෙන අයට නම් ඉතාමත්ම ගුණදායී ආහාරයකි. මෙය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, කරපිංචා, රතුලූනු ගෙඩි 03 – 04ක්, සුදුලූනු බික් 02ක්, ලුණු කුඩු, දෙහි යුෂ ආදියයි. මේ සඳහා ඉතා ළපටි කරපිංචා දලු යොදා ගන්න. ඒවා ඉතා පහසුවෙන් ඔබට අඹරා ගත හැකි වෙනවා. කරපිංචා කිනිත්තෙන් කොළ ඉවත් කරගන්න. කරපිංචා කොළ හොඳින් අඹරා ගන්න. නැවතත් කරපිංචා කොළ, රතුලූනු, සුදුලූනු සහ ලුණු එකතු කරමින් අඹරා ගන්න. තලපයක් ආකාරයට සෑදෙන තෙක් හොඳින් සියල්ල අඹරා ගන්න. සියල්ල හොඳින් අඹරා ගත් පසු එයට දෙහි යුෂ එක් කරන්න. ඔබට මෙය කිරිබත්, බත්, පාන්, ආප්ප වැනි දෑ සමඟ ආහාරයට ගත හැකි වේ.


වියළි කූනිස්සෝ දාලා හදාගත් ලුණු මිරිස්

කිරිබත් සඳහා වඩාත් රසවත් වේ. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, කූනිස්සන් ග්‍රෑම් 200ක්, වියළි මිරිස් කරල්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, රතුලූනු ගෙඩි ටිකක්, සුදුලූනු බික් 02ක්, දෙහි යුෂ, පොල්තෙල් ස්වල්පයක්. ඉන්පසුව හොඳින් වියළි කූනිස්සන් ටිකක් අරගෙන කබලේ බැද ගන්න. ඒ වගේම වියළි මිරිසුත් කබලේ බැදලා මේ දෙවර්ගයම මිරිස්ගලේ දාලා හොඳට හීනියට අඹරලා ගන්න. ඊට පස්සේ රතුලූනු, සුදුලූනු දමා අඹරා ගන්න. පසුව දෙහි ඇඹුල් දමා හොඳින් අනාගන්න. කැමැති නම් බදින වෙලාවට තෙල් චුට්ටක් එකතු කරලා බැදගන්න. ඉන්පසුව රසය තවත් වැඩි වේ.


අමු මිරිස් ලුණු මිරිස්

මෙය ද කිරිබත් සඳහා වඩාත් රසවත් වේ. අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ, සූදුරු තේ හැඳි එකයි, වියළි මිරිස් කරල්, කරපිංචා කොළ, උම්බලකඩ කුඩු ස්වල්පයක්, රතුලූනු ගෙඩි ටිකක්, ගම්මිරිස්, සුදුලූනු, දෙහි බෑයක ඇඹුල් ආදියයි. පසුව සූදුරු, වියළි මිරිස් කරල්, කරපිංචා, ගම්මිරිස්, උම්බලකඩ කුඩු කබලක දමා රන්වන් පාට වන තුරු බැදගන්න. ඉන්පසු ලුණු දමා මේ සියල්ල හීනියට අඹරාගන්න. ඉන්පසු රතුලූනු, සුදුලූනු එක් කර හීනියට අඹරාගන්න. මැටි භාජනයකට දමා දෙහි ඇඹුල් දමා හොඳින් අතින් අනාගන්න.

 

TEXT – පවනි උමේෂා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?