දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමූහයේ වාර්ෂික සමුළුව මේ මස 16, 17 දෙදින පුරා කොළඹ ශැංග්‍රිල්-ලා හෝටලයේදී පැවැත්විණි. Tides of Transformation යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙවර සමුළුව ප්‍රධාන අනුග්‍රාහකත්වය සැපයූවේ Home Lands සමාගම මඟිනි.
ටෝස්ට් මාස්ටර් සමාජයෙහි ප්‍රධාන වාර්ෂික ඉසව්ව ලෙස මෙම වාර්ෂික සමුළුව සැලකේ. එය ටෝස්ට් මාස්ටර් දිස්ත්‍රික්කයක් තුළ සිටින හොඳම කථිකයින් තරග වදින ටෝස්ට් මාස්ටර් නායකයින් ඇගයීමට ලක්වන සුවිශේෂී අවස්ථාවකි.
වාර්ෂික සමුළුවේ ප්‍රමුඛ අනුග්‍රාහකයා ලෙසJanatha Steels සමාගම ද, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස A.J. Medichem International හා නිව් ඇන්තනීස් සමාගමද, ගෝල්ඩ් අනුග්‍රාහකයින් ගෙස Jayes Investment හා Nestle Coffeemate සහ Zero Tapesද සිල්වර් අනුග්‍රාහකයා ලෙස Maliban Biscuit සමාගම ද කටයුතු කරන්නට විය.
TEXT – ආශිර්වාදිනි
