ජනප්‍රිය අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායකගේ නවතම දෘශ්‍ය කාව්‍යය”ඇත්තමයි මං ඔයාට ආදරෙයි” ටෙලි නිර්මාණය සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට හිරු රූපවාහිනියෙන් විකාශනය වේ. මෙම නාට්‍යය, ආදරය, සටන් සහ සංගීතය මුසු වූ කුතුහලය පිරි අත්දැකීමක් ලෙස දිග හැරේ.
අශෝක් ජයකොඩි නිෂ්පාදනය කරන මෙහි තිර පිටපත ලක්ෂාන් වාත්තු හේවාගෙනි. මෙහි සුවිශේෂීත්වය වන්නේ නවක නළු සාරත බණ්ඩාර හඳුන්වා දීමයි. ඔහු සමඟ සුහන්දි වෝසදි, නිමේෂ් එදිරිසිංහ, ශෙනායා වැන්හොෆ් ඇතුළු යොවුන් පරපුරත්, හිමාලි සයුරංගි හා ගයාන් වික්‍රමතිලක වැනි ප්‍රවීණ පිරිසකුත් රංගනයෙන් දායක වෙති.
ඉරුෂ්ක බෝගොඩ සහ නිමල් කරුණාතිලකගේ කැමරාකරණයෙන් හා ඩිල්ෂාන් එල් සිල්වාගේ සංගීතයෙන් හැඩවන මෙම නිර්මාණය, සුන්දර දර්ශන තලයන් ඔස්සේ ප්‍රේක්ෂක මනස සුවපත් කරයි. සංගීතවත් ආදර කතාවකට ප්‍රිය කරන ඔබට මෙය නැවුම් අත්දැකීමක් වනු ඇත.
