Monday, May 25, 2026
Epaper
Home කලා ලොවරතී රදළ යුවතියකගේ තීරණාත්මක ජීවන ගමන රිදී තිරයට

රතී රදළ යුවතියකගේ තීරණාත්මක ජීවන ගමන රිදී තිරයට

by Shanaka Lakehouse

නූතන සමාජයේ කාන්තාව මුහුණ දෙන අතිශය සංකීර්ණ සහ තීරණාත්මක සමාජීය ගැටලු කිහිපයක් තේමා කරගත් “රතී” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. සුදේශ් වසන්ත පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ ශ්‍රීමාල් සොයිසා මහතාගේ නිෂ්පාදනයෙන් හැඩවන මෙම සිනමා නිර්මාණය, ප්‍රේක්ෂක කුතුහලය ඉහළ නැංවීමට සමත් කතා පුවතක් රැගෙන එයි.

ධනවත් රදළ පවුලකට අයත් රූමත් යුවතියක වන මේනකා, මුහුණු පොත හරහා හඳුනාගත් සුරාජ් නම් තරුණයෙකු සමඟ නි‍ෙවසින් පලා යන්නේ අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු ඇතිවයි. එහෙත් ඇය සතු ස්වර්ණාභරණ සහ මුදල් ද රැගෙන ඇයව අතරමං කර සුරාජ් පලා යයි. තනිවන මේනකා අතිශය කටුක අත්දැකීම් රාශියකට මුහුණ දෙන අතර, අවසානයේ ඇය තාවකාලික වියරු ස්වරූපයකට පවා පත්වේ.

සමාජ සම්මතයන්ට එහා ගිය සබඳතා සහ ස්ත්‍රී පුරුෂ භූමිකාවන්හි සංකීර්ණත්වය මැනවින් විදහා දක්වන මෙම නිර්මාණය, අවසානයේ ඇය තම ජීවිතයට හානි කළ පුද්ගලයාගෙන් පළිගන්නා ආකාරය දක්වා දිවයයි.

සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම අධ්‍යක්ෂණය වන ‘රතී’ චිත්‍රපටයේ තිර රචනය ප්‍රවීණ ලේඛක සරත් ධර්මසිරි මහතා විසින් සිදු කර ඇති අතර, කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම ගෙනි.

මෙහි රංගන ශිල්පීන් ලෙස ඩිස්නි රාජපක්ෂ, චමීර ලියනගේ, චාන්දනී සෙනවිරත්න, රොජර් සෙනවිරත්න, ගීතා කාන්ති ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු නළු නිළියන් රැසක් දායක වී ඇත.

SNET INTERNATIONAL PVT LTD ඉදිරිපත් කිරීමක් වන “රතී”, කාන්තා ජීවිතයක නන්නාඳුනන ඉසව් ස්පර්ශ කරන සුවිශේෂී සිනමා අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

TEXT – මධුර ප්‍රභාත්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?