සුප්‍රකට ඉන්දීය Pan-Asian සත්කාරක සන්නාමයක් වන ‘Yazu’ (Yazu at the Beach), ඉන්දියාවෙන් බැහැරව සිය ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදි.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන ගාලු කොටුව සහ සුන්දර වෙරළ තීරය නිසා, ජාත්‍යන්තර සන්නාමයක් ස්ථාපිත කිරීමට වඩාත්ම ගැළපෙන ස්ථානය ගාල්ල බව Yazu Hospitalityහි ප්‍රධාන විධායක නිලධාරී රන්බීර් සිං නාග්පාල් මහතා ප්‍රකාශ කළේය. Sino Lanka Holdings සමාගමේ සභාපති බොබ් කුණ්ඩන්මාල් මහතා සඳහන් කළේ, ගාල්ලේ සංචාරක වර්ධනය සමඟ මෙවැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ අත්දැකීම් හඳුන්වා දීමට මෙය හොඳම කාලය බවයි. එමෙන්ම Yazu Hospitalityහි සහකරු අතුල් චොප්රා මහතා පැවසුවේ, මෙය හුදෙක් අවන්හලක් නොව පරිපූර්ණ ජාත්‍යන්තර ජීවන රටා අත්දැකීමක් වනු ඇති බවයි.
මෙමඟින් දකුණු වෙරළ තීරයේ සුඛෝපභෝගී සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ යනු ඇත.
