Thursday, August 14, 2025
Epaper

BIZ ZONE

by Thanushika

සූර්ය බලශක්ති වර්ධනයට අග්‍රාමාත්‍යවරියගේ සහාය


ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වැනි සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම අවස්ථාව විවෘත කළ අතර එහි සමාරම්භක දේශනය පවත්වමින් ඇය ‘බලශක්ති සමානාත්මකභාවයේ වැදගත්කම අවධාරණය කළාය. එහිදී ඇය විසින් ගැඹුරු කලාපීය සහයෝගීතාව සහ තාක්ෂණය අන්තර්ගත වූ ප්‍රවේශයක් පිළිබඳ සඳහන් කළ අතර සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සහ කුඩා දූපත් (SIDS) මෙන්ම, පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා අවධානය යොමු කරමින් සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටියාය.

ISA සහ ශ්‍රී ලංකා රජය අතර හවුල්කාරිත්වය පිළිබඳ ගිවිසුම ද (CPF) මෙහිදී අග්‍රාමාත්‍යවරිය ඉදිරියේදී අත්සන් කළ අතර අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සහ ISA අධ්‍යක්ෂ ජනරාල් අශිෂ් ඛන්නා විසින් මෙම ගිවිසුම හුවමාරු කරගන්නා ලදි. ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති යෙදවීම, මූල්‍යකරණය සහ ආයතනික ධාරිතාව කාර්යක්ෂම කිරීම සඳහා උපායමාර්ගික කරුණු රැසක් මෙම ගිවිසුම මඟින් දැක්වේ.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ “2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීම සහ 2050 වන විට කාබන් උදාසීනත්වයට ළඟා වීම අපගේ ජාතික ඉලක්කය වන බවත්ය.


DIMOහි DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට


DIMOහි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම්වලින් යුත් නව ස්ථානයකට ගෙනයන ලදී.

DATS ආයතනය ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරගකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහිකිරීම සඳහා වසර 35කට අධික කාලයක් පුරා කැපවී සිටියි. Automobile Mechatronics සිට Pllant Engineering දක්වා DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ තුළ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමට ද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබෙන අතරම නැඟී එන කර්මාන්ත ප්‍රවණතාවන්ට සරිලන අනාගත වැඩසටහන් ද හඳුන්වාදීමේ හැකියාව ද වැඩිදියුණු වේ.


MATHFEST 2025 සාර්ථකව

SLIIT මඟින් පවත්වනු ලැබූ MATHFEST තරගාවලිය පසුගිය දිනක පැවැත්වුණු අතර, එය සිසුන් සිය විශ්ලේෂණාත්මක බුද්ධිය සහ ගණිතමය ගැටලු විසඳීමේ හැකියාවන් ප්‍රදර්ශනය කළ අභියෝගාත්මක තරගාවලියක් විය.

SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ ගණිත හා සංඛ්‍යා ලේඛන අධ්‍යයන අංශය විසින් අඛණ්ඩව තෙවැනි වරටත් සංවිධානය කරන ලද MATHFEST තරගය කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් 45ක අ.පො.ස උසස් පෙළ සිසුන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිණි.

MATHFEST 2025 තරගාවලියේ ශූරතාව කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් දිනා ගත් අතර මෙහි අනුශූරතාව වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, පස්යාල මහා විද්‍යාලය සහ කොළඹ විශාඛා විද්‍යාලය විසින් හිමිකර ගැනිණි.


ශ්‍රී ලංකාවේ ඖෂධ අපනයන කර්මාන්තය ගොඩනැඟීම සඳහා EDB සහ NIRDC එකතුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) පර්යේෂණ සහ සංවර්ධනය මඟින් ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සෙවීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණය සඳහා ජාතික වැඩපිළිවෙළ (National IniInitiative for R& D CCommercialization – NIRDC) සමඟ වැදගත් සංවාදයක් ආරම්භ කරන ලදී.

අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඖෂධ කර්මාන්තයේ පෞද්ගලික අංශ නියෝජිතයින්, NIRDC නියෝජිතයින් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් සහභාගි විය.

මෙම සාකච්ඡාව රජය සහ ඖෂධ කර්මාන්තය අතර සහයෝගීතාව ව්‍යාප්ත කිරීමට මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන සහාය ලබාදිය යුතු ප්‍රමුඛ ක්ෂේත්‍ර හඳුනා ගැනීම වැදගත් පියවරක් විය. ප්‍රතිපත්ති පර්යේෂණ සහ කර්මාන්තය අතර සංකලනයක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මත පදනම් වූ ශක්තිමත් ඖෂධ අපනයන කර්මාන්තයක් ගොඩනැඟීම සඳහා මෙය වටිනා පියවරක් විය.


City of Dreams Sri Lanka සමාරම්භක උත්සවයට සූදානම්


දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka එළැඹෙන අගෝස්තු 2 වැනි දින උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. City of Dreamsහි මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ලොව පිළිගත් මාධ්‍යවේදීන්, සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් 100කට අධික සංඛ්‍යාවක් පිළිගැනීමට සැලසුම් කොට ඇත. මේ සඳහා ඉන්දියාව, ආසියාව හා ගල්ෆ් කලාපය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වීමට නියමිතය.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අතර හවුල්කාරීත්වයේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන City of Dreams Sri Lanka සුඛෝපභෝගී කාමර 800කින් සමන්විත වන අතර ජාත්‍යන්තර තත්ත්වයේ ක්‍රීඩා හා විනෝදාස්වාද පහසුකම්, සුපිරි වෙළෙදසල්, විවිධ රසවත් හා ප්‍රණීත ආහාරපාන වර්ග, ව්‍යාපාරික උත්සව සහ සම්මන්ත්‍රණ සඳහා විශාල ඉඩකඩ පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රැසක් ජනතාවට ලබා දීමට ද සූදානම්ව සිටියි. තවද ඍජු හා වක්‍ර රැකියා 20,000කට අධික සංඛ්‍යාවක් මේ තුළින් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇති City of Dreams Sri Lanka ජාත්‍යන්තර මට්ටමේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ ගෝලීය සුඛෝපභෝගී සංචාරක මෙන්ම MICE කාණ්ඩයේ විශිෂ්ටයකු ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමටත් අපේක්ෂා කරයි.

City of Dreamsහි තවත් විශේෂත්වයක් වන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයටම සුවිසල් බලපෑමක් ඇති කරනු ලබන මෙන්ම එම කලාපයේ එවැනි පසුකම්වලින් සමන්විත පළමු හෝටල් සංකීර්ණය වීමයි. විශේෂයෙන් අසමසම සංචාරක, හෝටල් සහ ඒකාබද්ධ විනෝදාස්වාද අත්දැකීමක් ලබා ගැනීමේ නව මානයන් විවර කිරීමට සමත්ව ඇති City of Dreams මේ වනවිටත් ගෝලීය පාරිභෝගික උනන්දුව ඉහළ නැංවීමට සමත්ව ඇත්තේ කලාපීය සහයෝගීතාව, සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ තිරසර සංචාරක කර්මාන්තයේ වර්ධනය සඳහා නව අවස්ථාවන් විවර කරමිනි.


හේමාස් හෙල්ත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මධ්‍යස්ථානය වත්තල දී

හේමාස් රෝහලේ හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health Plus) බාහිර රෝගී සත්කාරක මධ්‍යස්ථානය එහි අලුත්ම හඳුන්වාදීමයි.

අති නවීන වෛද්‍ය පහසුකම්, සුවපහසුව මෙන්ම පෞද්ගලිකත්වය සුරකින්නට ද නිර්මාණය කරන ලද මෙම බාහිර රෝගී සත්කාරක සේවාව වත්තල හේමාස් රෝහලේ පිහිටා ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන සෞඛ්‍ය සේවා සංකල්පයක් ද වනු ඇත. මෙය සැලසුමක් සහිතව ඉදිකරන ලද බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයකි. මෙහි ඉඩකඩ සහිත උපදේශන කාමර, ළදරුවන්ට සෙල්ලම් කිරීම සඳහා වෙන්කළ ප්‍රදේශයක්, සුවපහසු ආපනශාලාවක් සහ සේවා සැපයීමේදී පෞද්ගලිකත්වය සුරකින සැහැල්ලු පරිසරයක් නිර්මාණය කර ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?