ආත්ම විශ්වාසය ජයග්‍රහණයේ රහසයි

මාර්තු 6, 2019

ජීවිතය දිරියෙන් ජයගත් ඇත්තන්ගේ රහස් සොයා අපි සාර්ථකත්වයේ රහස් කියන්නෙමු. ඒ ඔබේ ජීවිතය ද ජයග්‍රහණයේ මාවතට යොමු කරවන අදහසිනි. මෙතෙක් විදෙස් රටවල ඉපදී ජීවිතය දිනූ අයත් ඔවුන්ගේ සාර්ථකත්වයේ රහසුත් කියැවූ ඔබට අද අපේම රටේ ඔබත් සමඟ හිඳින ජීවිතය දිනූ දිරිය ගැහැනියක් ගැන කියන්නටයි මේ ඇරඹුම. තවත් එක් ලෝක කාන්තා දිනයක් අභියස හිඳ අපි ඇගේ ජයග්‍රහණයේ රහස් කියවමු.

මිහිමවගේ සොඳුරුතම දායාදයක් වූ මල් විසිතුරු බැලූ බැලූ අත දිස්වේ. නා නා වර්ණ ඇන්තූරියම් මල් කොමළියන්ගේ ආඩම්බරකාරී සිනාව දසත විසිරී ඇත.

මෙතරම් සොඳුරු ලෝකයක්... මම දෑස් පිසදා නැවතත් හොඳින් බැලුවේ මෙය සිහිනයක් හෝ සැබෑවක්දැයි හොඳින්ම දැනගනු රිසියෙනි. මගේ දෑස් ඉදිරියේ ඇති සුන්දර ලෝකය සිහිනයක් නොව යථාර්ථයකි.

ඉඳින් මම මේ කියන්නේ නෙක පැහැයෙන් දිදුලන ඇන්තූරියම් ලෝකයේ ලාංකේය සලකුණ ගැනයි. විශ්වයේ ශක්තියත් ඇගේ කැපවීමත් මේ මල් ලොව ඇයට ජයග්‍රහණය හිමිකර දුන්නාය.

ඕ ‘මහිම ප්ලාන්ට් නර්සරි’ හා ‘සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම්’ හි නිර්මාතෘවරිය වූ යාමිකා ගුණවර්ධනයි. අන්තූරියම් මල් හා පැළ අලෙවිය, අපනයනය, මල් සැකසුම් කලාව, ඇන්තූරියම් වගාව පිළිබඳ පාඨමාලා මෙහෙය වීම ආදී පුළුල් පරාසයක ඇගේ දායකත්වය විසිරී තිබේ. මෙතැන් සිට ජීවිතය දිනූ අයුරු පහදන්නට ඇයට අවසර.

තරුණි 2019/03/06 බලන්න.