වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සා/පෙළ විභාගයට තව දින 5 යි...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (අපොස) සා/පෙළ විභාගය තව දින 5කින්, එනම් දෙසැම්බර් මස 02 වැනිදා ඇරැඹීමට නියමිතය. එය දෙසැම්බර් 12 වැනි දා දක්වා පැවැත් වේ.
මධ්‍යස්ථාන 4987 ක පැවැත්වෙන විභාගය සඳහා මෙවර පාසල් අයදුම්කරුවන් 433050 ක් ද, පෞද්ගලික අයදුම්කරුවන් 283958 ක් ද ලෙස සමස්ත අයදුම්කරුවන් 717008 පෙනී සිටීමට නියමිතය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද පැවැත්වේ. රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම විශේෂ විභාග මධ්‍යස්ථානයි.
සාමාන්‍යයෙන් අපේ රටේ පැවැත්වෙන විභාග අතරින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යන විභාග තුන පාසල් කාලය තුළ දරුවකු මුහුණ දෙන ප්‍රධාන කඩඉම් තුන වේ.
මේ අතරින් ශිෂ්‍යත්ව විභාගය මවුපියන්ගේ (මවුවරුන්ගේ) විභාගය ලෙසත්. සාමාන්‍ය පෙළ විභාගය ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ විභාගය සිසු දරු දැරියන්ගේ විභාගය ලෙසත් සමාජයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
එම කියමනෙහි කිසියම් දුරකට සත්‍යතාවක් ඇතිබව දරුවන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් වටහාගත හැකිය.
කෙසේ වෙතත් අපොස සාමාන්‍ය පෙළ විභාගය යනු දරුවකුගේ අනාගතය තීරණය කරන ප්‍රධානතම කඩඉමයි. දරුවා තමන්ගේ අනාගත සිහින සැබෑ කරගන්නට අවශ්‍ය ගමන් මාර්ගය තෝරාගන්නට මූලික සුදුසුකම් සපුරා ගන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ සමත්වීම මතයි.
මේ නිසා මෙවර විභාගයට පෙනී සිටින දරුවන් සිටින මවුපියන් ඒ පිළිබඳ විශේෂයෙන් කල්පනාකාරී විය යුතුයි.
දරුවන් වසර ගණනාවක් පුරා ඉගෙන ගත් විෂය දැනුම පැය කිහිපයකදී පිළිතුරු පත්‍රයක් මත සටහන් කළ යුතුය.
මේ සඳහා ඔවුනට අවශ්‍ය වන්නේ දැනුමයි. එහෙත් දැනුමින් පිරිපුන් වූ පමණින් විභාග කඩඉම ජයගන්නට එය ප්‍රමාණවත් වන්නේ නැත.
ඒ සඳහා හොඳ සූදානමක් තිබිය යුතුය. (පෙර සූදානම) එසේම හොඳ නින්දක් ලබා විවේකීව සිට ප්‍රබෝධමත්ව විභාගයට සූදානම් විය යුතුය.
සෙම්ප්‍රතිශ්‍යාව, උණ, බඩෙහි අජීර්ණ, හිසරදය වැනි ලෙඩ රෝග වැලඳෙන්නට අවස්ථාව නොදී දරුවන්ව ආරක්ෂා කර ගත යුතුය.
පවුලේ රණ්ඩු සරුවල් තිබේ නම් ඒවායින් වැළකී පවුලේ සමගිය පවත්වාගෙන යන්නට මවුපියන් කටයුතු කළ යුතුය.
සමහර නිවෙස්වල රූපවාහිනී යන්ත්‍රයක් නැත. තිබුණත් සමහරු එය ගලවා පැත්තකට දමා ඇත.
2019/11/27 තරුණි බලන්න