'කොණ්ඩය' ඔබේ පෙනුම වෙනස් කරයි

ඔක්තෝබර් 7, 2020

 

"Your hair is your crown and glory” කාන්තාවක අරබයා මේ කියමන ඇත්තකි. සැබැවින්ම ඔබේ හිසකෙස් යනු ඔබේ ඔටුන්න සහ තේජසයි.

කැඩපතකින් ඔබේ රුව දිහා බලද්දී ඔබේ හිසකෙස්වල වර්ණය, එහි ස්වභාවය ඔබේ රූපයට ගෙන දෙන්නේ මොනතරම් අලංකාරයක් දැයි ඔබටම පෙනේ. එය ඔබේ පෞරුෂයට ද බෙහෙවින්ම බලපායි. මතකයට නගන්න, ඉතා පිළිවෙළට සකස් වුණු කොණ්ඩයකිනුත් අවුල් වුණු ස්වභාවයක් ගෙන දෙන කොණ්ඩයකිනුත් ඔබේ පෙනුම මොන තරම් වෙනස් කරනවා ද කියා.

පිළිවෙළකට මේකප් එකක් කරගෙන හිටියත් ඉතා හොඳීන් වර්ණ ගළපා ඇඳුම් ඇඳගෙන හිටියත් හිසට නොගැළපෙන වර්ණයක් ආලේප කරගෙන සිටීමෙන් ඔබේ පෙනුම ඉතා අවලස්සන වෙනවා. තම මුහුණට නො ගැළපෙන කොණ්ඩ මෝස්තර දාගෙන යෑම තම වයස වැඩි කරන්නත් පෙනම අඩු කරන්ුනත් හේතුවෙනවා.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

පාලිකා දිල්රුක්ෂි

2020/10/07 තරුණි පුවත්පත බලන්න.