වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අභියෝගවලට මම අභියෝග කළේ මෙහෙමයි
ජීවිතයම අභියෝගයක් අපේ වගේ පසුගාමී හා ගතානුගතික සමාජයක... මේාකද අපට සිදු වී තිබෙන්නෙ ජීවිතය විඳවන්නයි.. විඳින්න ඉඩ හසර අැත්තේ නෑ.. අපේ ජීවිතය කියන අමිල තිළිණය අපේ අාගම, සංස්කෘතිය හා අප පත් කරගන්නා ලද අාණ්ඩුවම අපෙන් උදුරා ගන්නවා. අැත්තටම ජීවත් වීම සඳහා සරිලන වටපිටාවක් නිර්මාණය කරන්නට අසමත් වීමේන් අාණ්ඩුවද සංස්කෘතිය කියන්නේ අඛණ්ඩව ගලා යන ප්‍රවාහයක් විනා එක තැන ගල් ගැසුණු යමක් නොවන බව වටහා ගන්නට අපොහොසත් සංස්කෘතිය ද අපේ නිදන කාමරයට එබී බලන තරමට වනචාරී වූ හා අපේ පසුම්බියේ තුට්ටු දෙක අපට මරණින් මතු දිව්‍ය සැපත පිළිබඳ අනේක අපේක්ෂා ජනිත කරමින් මංකොල්ල කන අාගමික පූජකයන් ද අපේ ජීවිතයේ ප්රමේා්දය පැහැර ගන්නවා. ඉතින් එහෙව් වාතාවරණයක ගැහැනියකට පමණක් නොවේ පිරිමියෙකුටත් ජීවිතය අභියෝගයක්.
ඒත් පවත්නා තත්ත්වය කෙතරම් කර්කශ වුණත් අපි ජීවිතයට මුහුණ දිය යුතුයි.
ගැහැනියකට විශේෂයෙන් කිසියම් කලා මාධ්‍යයක නිරත ගැහැනියකට පහසු හා සරල නෑ.. කුටුම්භය තුළ අැගේ කාර්යභාරය සුවිශාල වන අතර, අැය එය නොපිරිහෙලා ඉටු කරන්නේ දැයි සමස්ත සමාජය දෑස් දල්වා බලා සිටිනවා. ඒත් බොහෝ විට පිරිමියා වෙතින් එය එපරිද්දෙන්ම ඉටු නොවුණත් හේතු සහ සමාව වගේම එක්තරා නොතකා හැරීමක් සිදු වෙනවා.. මක් කරන්නද. ඒක ඒ ගෑනිගෙ කරැමේ.. ඒ ළමයින්ට වාසනාවක් නෑ.. පිරිමි ඔහොම තමයි.. ගෑනු දැනගන්න ඕනෑ ඉවසන්න යනාදී වශයෙන් අනාදිමත් කාලයක පටන් පිරිමියාට පක්ෂව පිරිමි පාර්ශ්වය පමණක් නොව ගැහැනිය ද කරුණු දක්වනවා. එහෙත් අැයට ඒ කිසිවක් අදාළ නෑ.. අැය කෙසේ හෝ කුටුම්බයේ කුදු මහත් කටයුතු සිදු කළ යුතුමයි. ඒ තමා සම්මත සමාජ මතය. මට ළමා කාලයෙන් පටන් ජීවිතය පහසු වුනේ නෑ. මගේ පියා ව්‍යාපාරිකයෙක් නිසා මට අාර්ථික ගැටලුවලින් පීඩා විඳින්නට සිදු වුණේ නෑ. ඒත් පරිසරයට දැඩිව ඇඟැලුම් කළ දැරියක ලෙස මම එවන් රමණීය පරිසරයක ජීවත් වන ගොවි කම්කරු ජනතාවගේ දුක්ඛිත ජීවිත පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත් වුණා. ඒ නිසා මා ජීවත් වුණේ සතුටින් නොවේ. සතුටින් සිටින විට පවා සිහින් මීදුම් වගේ සියුම් ශෝකයක් මගේ කුඩා හදවත පුරා පැතිරී ගියා. කුල භේදය වැනි මිනිසත් බවට නිගා දෙන කරුණු අබියස මම තදින් සසල වුණා.. හැකි හැම විටම මම මා දකින එහෙත් මා නොපෙළන අන්‍යයන් පෙළන සමාජ අසාධාරණයට එරෙහි වුණා.. ඒ නිසා මගේ ජීවිතය හැමදාමත් අභියෝගවලින් පිරී පැවතුණා.
@ මම මගේ පවුල වගේම පාඨක පිරිස සමබර කර ගත්තේ මේහෙමයි,
හැම දේම අහම්බයක්... කටියාව මහජන පුස්තකාලයට යද්දී ඒ දොර අැරලා තිබුණොත් මම ප්‍රීතියෙන් ඉපිලෙනවා.. ඒ තවත් පොතක් කියවන්න ලැබීමේ ප්රිති ප්රමේා්දය විතරක් නෙවි... රාක්ක අරා පොත් අත පත ගෑමේන් පවා මා ලැබුවේ අපමණ සතුටක්.. ඒ පොත් පිටු තුළ තිබුනේ මුද්‍රිත අකුරැ පමණක් නොවේ.. ජීවන අන්දර... ජීවිතයක කඳුළු සුසුම්... ඒත් සමහර දවස්වල පුස්තකාලය වහලා.. ඒ වැසුණු දොර අබියස මම බිඳුණු හදවතින් කඳුළු පිරි දෙනෙතින් හිඟන්නියක් වගේ අසරණව පසු වෙනවා.. පුස්තකාලය වසා අැති බව අැසින් දැක දැකත් මගේ මනස එය අදහන්නට සූදානම් නෑ.. එවන් දිනෙක මා සුවපත් කළේ උක්කුං මාමණ්ඩිගේ කතාන්දර.. තාත්තාගේ අසීමිත අාදරය... ඒ වගේම අහස පොළොව ගහකොළ ඒ දුක දුරැ කරන්න සැදී පැහැදී හිටියා... දරැවන් හා පවුල සමබර කිරීම යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක් දැයි මට වැටහුණත් එයට දිය හැකි සම්ප්‍රදායික පිළිතුරෙන් මම බැහැර වෙනවා.. අැත්තටම පවුලක් තුළ ලිවීම ද්වන්ද් සටනක් තරමට මාරාන්තිකයි. අතුරෙන් යාම තරමට බිහිසුණුයි. ඒ හින්දාම සුපර් මෑන් චරිතය රඟ දැක්වීමේන් මම පවුලේ සාමය අාරක්ෂා කර ගන්නට වෙහෙසෙනවා. සුපර් මෑන් කාර්යාලය තුළ අහිංසක හා ඔතෑනි කෙනෙක්.. ඔහු සුපර් මෑන් බව එහි කිසිවෙක් සිහිනෙන්වත් හිතන්නෙ නෑ. මගේ හැසිරීම පුරුෂාධිපත්‍යට අනුබල දීමක් කියා ඔබ චෝදනා කරයි. නමුත් ගැටුම් අවම පවුලක් තුළ වෙසෙන්නට දරුවන්ට තිබෙන අයිතිය රකින්න ඕන මාපියන්. කොහොමත් ඒ අෑත අතීතයේ දඩයමේ ගිය දඩයක්කාරයාට උවමනා වුණේ ලෙන තුළ දරැවන් වදන හදන ගැහැනියක්.. ඒ මුතුන් මිත්තන්ගෙන් පැවතෙන අපේ පිරිමියා තුළ ඒ අපේක්ෂාව තවමත් සුරැකිව තිබෙනවා. .. පවුල තුළ මම බිරිඳක හා මවක ලෙස මගේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්නේ වැඩිකොටම මම රැඩිකල් ලියන්නියක වුවත් පවුල තුළ සම්ප්‍රදායික ගැහැනියක් නිසා නොවේ. මට නිසැක මේ මේාහොත පමණයි. ඊළඟ නිමේශය නිසැක නෑ.. මම පසුතැවෙන්න කැමති නෑ..ඒ නිසා මගේ අාදරණියයන් වෙනුවෙන් කළ හැකි උපරිමය කරන්න මම වග බලා ගන්නවා. මම ඉවුම් පිහුම් අාදි ගෙදර දොරේ කටයුතු කරන්නේ අාශාවෙන්.. ඒවා කරදරකාරී හා මා හෙම්බත් කරන වැඩ කියා මම හිතන්නෙ නෑ. වැඩ කිරීමේ විනෝදයත් අපට දෑතක් ලැබී තියෙන්නේ වැඩ කරන්නට හා අපේ අාදරණීයයන් වැලඳ ගන්නට බවත් මම හිතනවා.. වෙහෙස වී වැඩ කළ යුතු බවට මගේ ජීවමාන නිදර්ශනය වුනේ මගේ තාත්තා.. බිංදුවෙන් පටන් ගත් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් විදියට ජීවිතය ජය ගත්තේ වෙහෙසී වැඩ කිරීමේන්.. වාමාංශික අදහස් තිබූ මගේ තාත්තා මිනිස් ශ්‍රමයේ වටිනාකම හා අප එයට සරිලන අගය ලබා දිය යුතු බව පහදා දුන්නා. කුටුම්බය තුළ වැඩපළ බෙදා හදා ගැනීම ගැනත් කියනවා. එය හොඳයි.. නමුත් මම වැඩ කරන අතරතුරත් මගේ මනසේ අලුත් කතාවක් වැඩෙනවා.... චරිත ලෙයින් මසින් පිරෙනවා.. ඒ නිසා මට ගෙදර වැඩ හුදු ගෙදර වැඩම නොවේ. කැත්ත හිරමනය මතත්... රෙදි කන්දක් සෝදා දමන අතරතුරත් මා වට කර ගන්නා අනේක චරිත එක්ක පයුරු පාසානය අැත්තටම අපුරුයි. මම කාල තරණ යන්ත්‍රයක් නැතිවම කාලය තරණය කරනවා.. බිත්ති හතරක් තුළ සිරව සිටියදීත් විවිධ ගැහැනු මිනිසුන් අැසුරු කරනවා.. එය අැත්තටම චමත්කාරජනකයි... ඒ වගේම පවතින කටුක යථාර්ථයෙන් මදකට හෝ බැහැර වන්නට මට ඉඩ දෙනවා. එක්තරා අන්දමකින් එය මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් ප්‍රකෘතියෙන් ඔබ්බට යාම හා සමානයි. නමුත් අප නැවතත් අප වෙළා ගත් කටුකත්වය තුළටම අැද වැටෙනවා... සත්‍යය හා කල්පිතය අතර මේ නිමක් නැති යාම් ඊම් විඩාව දනවන අතරම තෘප්තියක් ද ලබා දෙනවා.
පාඨක පිරිසක් ජය ගැනීම ? අැත්තටම එය ජයක් නොවේ.. දිනා ගැනීමක්... මම ලියන්නෙ අපට මීට වඩා හොඳ ජීවිතයක් තිබිය යුතු බව එත්තු ගන්වන්න.. අප ගත කරන ජිවිතයේ කටුක හා වේදනාකාරි බව වෙනුවට අපි ප්‍රීතිමත් හා සාමකාමී ජීවිතයක් උදෙසා අනවරත අරගලයක නිරත විය යුතු බව මගේ නිර්මාණ තුළින් හඬ නඟන්න මම දරන ප්රයත්නයට පාඨකයන් අාදරයෙන් හා ගෞරවයෙන් දිරි දෙන බවයි මා දකින්නෙ. ඔවුන්ට මා හුදු ලේඛිකාවක් නොවේ.. ඔවුන්ට මා යෙහෙළියක්.. දියණියක්.. මවක්..මට මම සාමාන්‍යයි.. නමුත් අනෙකා සුවිශේෂීයි.. මගේ ඒ අාකල්පය මගේ පාඨකයන්ට දැනෙනවා හැඟෙනවා... ඒ හැරැණු කොට මම අනුගමනය කරන විශේෂ යමක් නෑ.. හැම මිනිසෙක්ම අාදරණිිය යි.. ගෞරාන්විතයි... ඒ අාදරයත් ගෞරවයත් පෙරළා පිරිනමන්න මම අමතක කරන්නේ නෑ.. ජීවිතයක් කියන්නේ මේ වගේ අඳුරු රටක දුක් පිඩාවන්ගෙන් ගහණ රිදුමක්.. ඉතින් එවන් දැවෙන හිතක් අබියස සිහිලසින් හෙබි ගඟුලැල්ලක් සේ ගලා යන්න මම ප්‍රිය කරනවා... එය නිරායාසයෙන්ම සිදු වන්නක් මිස කිසිවෙක් ජය ගන්නා අභිප්‍රායෙන් දියත් කරන මේහෙයුමක් නොවේ.
@ ඇයි අපි ශක්තිමත් විය යුත්තේ
කාන්තාවන් විතරක් නොවේ පොදුවේ හැම පුරවැසියෙක්ම ශක්තිමත් හා සබුද්ධික විය යුතුයි. එසේ නොවන රටකට අත්ෙවිය හැකි දරුනුම ඉරණමට අපේ රට අද දවසේ ලෝකයට අාදර්ශයක් සපයනවා. ඒ බවක් පවසා තිබුණා වරක්.. කාන්තාව ශක්තිමත් විය යුතු බවට අපිට අද විශේෂයෙන් අවධාරණය කරන්නට සිදු වී තිබෙනවා.. ඒ මන්ද යත් අපේ කිරි අම්මලා මුත්තම්මලා වෙත තිබූ ශක්තිමත් හා නොසැලෙන ෙෙධර්යය අද අප වෙතින් ව්යැකෙමින් තිබෙනවා.එවක පැවති සරල සමාජය හා අල්ප අවශ්‍යතා සංකීර්ණ වී තිබීම නිසා පමණක් නොවේ. විවෘත අර්ථිකයේ අනිටු බලපෑම් වගේම ලෝකය සමඟ පෙරට යනවා වෙනුවට අාපස්සට යන රටක කාන්තාව තවදුරටත් සියුමැලි සුකොමල හා සුන්දර වස්තුවක් නොවේ. වානිජත්වය විසින් ගිල ගන්නා ලාලිත්‍ය වගේම අාර්ථිකයේ කඩා වැටීම සමඟ අැයට තවදුරටත් පුරුෂයාගේ රැකවරණය බලාපොරොත්තු විය නොහැකියි. මේාකද මේ වගේ පරිහානියක් තුළ ඔහු ද අසරණයි. අසරණයකුට තව අයෙකුට සරණ විය නොහැකි යි. ඒ වගේම පුරුෂ පීඩාව පතිත වන්නෙත් අැය මත.. කොහොමත් අාසියාතික ගැහැනිය දරැ දරන බැවින් වගකීම් සහගත බව විශාලයි. අපේ අතීත කාන්තාව පීඩාවෙන් තොරව සුන්දර ජීවිතයක් ගත කළ බව මා අදහස් කරන්නේ නෑ.. එදත් අැය ලිංගික මේවලමක් හා දරුවන් වදන හදන යන්ත්‍රයක් වූවා තමා. ප්‍රේමයේදී හා විවාහයේදී අැගේ කැමැත්ත සැලකීමට ලක් කළේ නෑ. අවනත විය යුතු සුවච කීකරු ජීවියෙක් ලෙස අැගේ ජීවිතය එකාකාරී වුණා. කුල භේ්දය වැනි ගැටලු ඉතාමත් අහිතකර හා අමානුෂික අන්දමින් අැයට බලපෑවා. නමුත් අද වන විට අාගම හා දේශපාලනය එකට එක්ව අැය අපයෝජනයට ලක් කරනවා. අාගමික ස්ථානවල වැඩි වශයෙන් සිටින්නෙ ගැහැනියයි. මිත්‍යාව පරපුරින් පරපුරට උරුම කරන්නේ අැයයි. දෙශපාලන සාක්ෂරතාවය අවම අැය රැවටීමට ගොදුරැ වෙමින් රටේ ඉරනමද සිය දරුවාගේ අනාගතයද මත අහිතකර හා විනාශකාරී අන්දමින් හැසිරෙනවා. නමුත් රටේ අර්බුදය අභියස පළමුව පෙරට පැමිණියේත් අැයයි. මීට වඩා යහපත් ජීවිතයක් දරැවන්ට උරැම විය යුතු බව හගිමින් ඒ වෙනුවෙන් නොබියව නැගී සිටින්නට තරම් අැය ශක්තිමත් වූවා. රටක් නිවැරදි දිශානතියට යොමු කිරීමේ්දි කාන්තාව සතු විභවතාවය ඇති මහත්.. කාන්තාව ශක්තිමත් විය යුතු අාර්තිකමය වශයෙන් විතරක් නොවේ.. අාකල්පමය පොහොසත් හා සාරවත් බැවින්ද අැය පිරිපුන් විය යුතුයි. මේාකද අනාගත පරපුර අැගේ අැකයේ නිසා එය මුළු මහත් රටක ඉරණම තීන්දු කරනවා.
@ මගේ ජීවිතයෙන් පෙනෙන දේ
කිසිවෙක් කිසිවෙකුට ආදර්ශයක් නොවේ. අපට යම්කිසි උත්තේජනයක් ලැබීය හැකියි. නමුත් එක හෙළා අණ කළ නොහැකි යි අහවලා වාගේ වෙන්න කියලා. චරිත ස්වභාවයන් වෙනස් විවිධාකාරයි. අනෙක අපි ළමා වියේ පටන් අත් විඳින්නෙ නිවැරදි දේ නොවේ.. ගෙදරදී පිරිමි දරුවාට විශේෂ හා ගැහැණු දරැවාට ඊට වඩා මඳක් හෝ අඩු සැලකිලි ලැබෙනවා. වත්මන් නාගරික සමාජය තුළ එය අවම වුවත් ගම්බද අදත් එය දැකිය හැකියි. මේාකද අපිට පුතෙක් අැතෙක් වගේ වටිනවා.. දුවක් බරක්.. කාන්තාවමයි බොහෝ විට පසුගාමී අාකල්ප පවත්වාගෙන යන්නේ හා ප්‍රවර්ධනය කරන්නේ. අැය නිදහස් හා නිවහල් ජීවියෙක් බවට පත් නොවන තාක් අපට මේ් ගතානුගතිකත්වයෙන් ගැලවෙන්නට බෑ. මම යෝජනා කරන්න කැමතියි වැඩියෙන් කියවන්න... සාහිත්‍යය විතරක් නොවේ සෙසු කලා ගත් අැසුරැ කරන්න කියලා.. කලාවෙන් හා නීතියෙන් පමණයි මිනිසා සුපුෂ්පිත හා විනයවත් කළ හැක්කේ. එහිදී අාගම අපොහොසත් බව අමුතුවෙන් කිව යුතු නෑ. අවබෝධය තුළින් හා හර්ද සංවේදි වීම වගේම නීති ගරැක වීමේන් තමා රටක් පෙරට යන්නේ.. බිය දැනවිමේන් යමේකු යහමඟට ගන්නට බැරි බව අප වටහා ගත යුතුයි. දරැවන් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි පොදුවේ ැපා අනෙකාට අැහුම් කන් දෙන්නට පුරැදු විය යුතුයි. අැත්තටම අද අපේ කාන්තාව අාර්තික ස්ථාවරත්වය අැති කරගන්නා අතරම අාකල්ප වෙනසින්ද මේ් අන්ධකාරයට අාලෝකය කැන්දාගෙන එන බව දකින්න පුළුවන්. එය සතුටට කරැණක්. ගිලන් සමාජයක් සුවපත් කිරීමට අැගේ දැතත් මෘදු හදවතත් සුවිසල් මේහෙවරක් කරනවා.
@ මම සහ අභියෝග
මම අභියෝග දකින්නෙ මග හැර යා යුතු නොවන අභියෝග කළ යුතු දෙයක් විදියට. ජීවිතය අමිල තිළිණයක්.. අප කිසිවෙක් හුදෙකලා නෑ. මම මගේ ජීවිතය සම්බන්ධයෙන් මේ් මහ පොලොවට.. නිල් අහසට.. ගහ කොලට ණය ගැතියි. අප හැම දෙනාම එහෙමයි. ජීවයට සරිලන සියලු සාධක සපිරි පෘතුවියේ වෙසෙන්නන් විදියට හුස්ම වෙනුවෙන් පවා මේ් පවිත්‍ර වාතයට අප ස්තූතිවන්ත විය යුතුයි. ඒ නිසා කවර අභියෝග මධ්‍යයේ වුවත් ජීවිතය කෙරෙහි අනුරාගය තුරන් කරගත යුතු නෑ. ඒ ලාලසාව වඩා සන්තුෂ්ටි සහගත ජීවිතයක් අපට හිමි හෝ අහිමි කිරීම කෙසේ වෙතත් මම හිතන්නෙ මා ලද දිවි තිළිණය වෙත පැවරී අැත්තා වූ මේහෙවර උපරිමයෙන් සිදු කළ යුතු බවයි. අවංකවම කියනවා නම් වරෙක පුරැෂාධිපත්ය විඳ දරා ගත නොහැකි තරමට දැඩියි. මේ් අැති.. තවත් මේ්ක ඉවසන්න බෑ කියන විලාපය මුවග නැගෙනවා. ඒත් එය හුදෙක් පුද්ගල වරදක් නොව සම්ප්රදාය්ක හා ගතානුගතික බව තුළින් පැන නැගෙන්නක් බව මට වැටහෙනවා.. මම නැවත නැවත සමාව දෙනවා.. මම නැවත නැගී සිටිනවා පෙර නොවු විරැ ශක්තියකින් පණ පෙවෙමින්.. මා උරණ විය යුත්තෙ මගේ දරැවන් ගේ පියා සමග නොවේ එවැනි අාකල්ප පිදූ සමාජ අාර්තික හා දේශපාලන හේතු සාධක සමග බව මම මටම ඒත්තු ගන්වා ගන්නවා.. එය පහසු නෑ.. ඉතාමත් පිඩාකාරියි. ඒත් සමාව දීම කියන්නේම අනෙකා විසින් තුවාල කළ තුවාල මත ගල්වන ඔසු.. දරැවන් මව හා පියා යන දෙදෙනා සමග එක වහලක් යට සිටීම වෙනුවෙන් මා දරන වෙහෙස අසීමාන්තික විය හැකියි. අනෙක් අතට එය පැරණි හා නව ලොවට නොගැලපෙන අදහසක් විය හැකියි. ඒත් සාමකාමී හා ප්රිතිමත් පවුලක දරැවෙක් ලෙස මා කැමතියි මගේ දරැවන්ද එබඳු පවුලක් තුළ ජීවත් වනවාට.. අැත්තටම මගේ උපක්‍රම හා රහස් කීපයක් තිබෙනවා. ගහක් බදාගෙන අඩන්න. වංචාකාරී මිනිස් අාත්මයේ ග්රහනයෙන් මිදී ගහකට තුරැලු වීම තුළ මා ස්වභාවිකත්වය හා ප්‍රකෘතිය සමග මුසු වන බව දැනෙනවා. මගේ බිඳුණු හද ඉක්මනින් පිරියම් කරන්න ස්වභාව ධර්මය සතු සුවිශේෂී හැකියාව ඔබටත් පිටුවහලක් වෙයි. එය ගසක්.. දිය දහරක් හෝ සුළං පොදක් විය හැකියි.
මේාහොත තුළ ජිවත්විමත් මගේ තවත් අවියක්.. මේ් අසිරැ හා දුක්ඛිත දුෂ්කර ගමනේදි සන්නද්ධ විය යුතුව තිබෙනවා. පොතක්.. ගීතයක්.. චිත්‍රපටයක්... දිව ඔසුම තමා. දරා ගත නොහැකි අාතතිය දුරැ කරන තවත් මගක් නර්තනයේ යෙදීම. මගේ රේඩ්යෝ කබල කුස්සියේම තියාගෙන නටන එක අැත්තටම මගේ සුන්දර රහසක්... හෙළි කරන්නේ අපේ කාන්තාවට සුළු හෝ උපකාරයක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.. වේදනාව දුරැ කරගන්න තවත් උපක්‍රමයක් තමා වැඩ කිරීම.. වෙහෙසී වැඩ කිරීම..කුටුම්භයේ ගැටුම් අපට අරැමයක් නොවේ. ඒත් අප සමඟ සයනය බෙදා ගන්නා තැනැත්තාගේ නපුරැ වචනවල එල්ලී තවත් දින ගණනාවක් නාස්ති කරන්න එපා. එය සිදු වී හමාරයි. දැන් සිටින ඔහුත් මමත් පෙර සිටියවුන් නොවේ. මිනිසෙක් එකම ගඟට දෙවරක් නොබසි කියනවා.. ඒක අැත්ත. අපි නිමේ්ශයෙන් නිමේ්ශය වෙනස් වෙනවා. ඒ බව වටහා ගත් විට බොහෝ ගැටුම් අවම කරගත හැකියි. අාදරය... ඒ තමා බලවත්ම අවිය. එයින් හද සිදුරු වන්නේ නෑ.. සැනහෙනවා... නිවෙනවා... අපි අාදරය කරමු... අප්පා දෙපා සිව්පා සකල සත් වගට.. අපට අැත්තේ ඉතාමත් කෙටි ජීවිතයක්.. එය විචිත්‍රවත් කර ගැනීම අපේ කාර්ය භාරයයි. එයින් අපටත් ලොවටත් යහපතක්ම වෙයි.
අප හැම දෙනා තුළම කිසිදා නොවැඩෙන ළමයෙකු සිටිනවා. ඒ ළමයාට ඉඩ දෙන්න ඉඳ හිට හෝ. එවිට ජීවිතයේ දුකත් බරත් වෙහෙසත් වියැකේවි
යන්ත්‍රයක් වූවා තමා. ප්‍රේමයේදි හා විවාහයේදි අැගේ කැමැත්ත සැලකීමට ලක් කළේ නෑ. අවනත විය යුතු සුවච කීකරු ජීවියෙක් ලෙස අැගේ ජීවිතය එකාකාරි වුණා. කුල බේදය වැනි ගැටලු ඉතාමත් අහිතකර හා අමානුෂික අන්දමින් අැයට බලපෑවා. නමුත් අද වන විට අාගම හා දේශපාලනය එකට එක්ව අැය අපයෝජනයට ලක් කරනවා. අාගමික ස්ථානවල වැඩි වශයෙන් සිටින්නෙ ගැහැනියයි. මිත්‍යාව පරපුරින් පරපුරට උරුම කරන්නේ අැයයි. දෙශපාලන සාක්ෂරතාවය අවම අැය රැවටීමට ගොදුරැ වෙමින් රටේ ඉරනමද සිය දරුවාගේ අනාගතයද මත අහිතකර හා විනාශකාරී අන්දමින් හැසිරෙනවා. නමුත් රටේ අර්බුදය අභියස පළමුව පෙරට පැමිණියේත් අැයයි. මීට වඩා යහපත් ජීවිතයක් දරැවන්ට උරැම විය යුතු බව හගිමින් එ් වෙනුවෙන් නොබියව නැගී සිටින්නට තරම් අැය ශක්තිමත් වූවා. රටක් නිවැරදි දිශානතියට යොමු කිරීමේදි කාන්තාව සතු විභවතාවය ඇති මහත්.. කාන්තාව ශක්තිමත් විය යුතු අාර්තිකමය වශයෙන් විතරක් නොවේ.. අාකල්පමය පොහොසත් හා සාරවත් බැවින්ද අැය පිරිපුන් විය යුතුයි. මොකද අනාගත පරපුර අැගේ අැකයේ නිසා එය මුළු මහත් රටක ඉරණම තීන්දු කරනවා.
මගේ ජීවිතයෙන් පෙනෙන දේ
කිසිවෙක් කිසිවෙකුට ආදර්ශයක් නොවේ. අපට යම්කිසි උත්තේජනයක් ලැබිය හැකියි. නමුත් එක හෙළා අණ කළ නොහැකියි අහවලා වාගේ වෙන්න කියලා. චරිත ස්වභාවයන් වෙනස් විවිධාකාරයි. අනෙක අපි ළමා වියේ පටන් අත්විඳින්නෙ නිවැරුදි දේ නොවේ.. ගෙදරදී පිරිමි දරුවාට විශේෂ හා ගැහැනු දරුවාට ඊට වඩා මඳක් හෝ අඩු සැලකිලි ලැබෙනවා. වත්මන් නාගරික සමාජය තුළ එය අවම වුවත් ගම්බද අදත් එය දැකිය හැකියි. මොකද අපිට පුතෙක් අැතෙක් වගේ වටිනවා.. දුවක් බරක්.. කාන්තාවමයි බොහෝ විට පසුගාමී අාකල්ප පවත්වාගෙන යන්නේ හා ප්‍රවර්ධනය කරන්නේ. අැය නිදහස් හා නිවහල් ජීවියෙක් බවට පත් නොවන තාක් අපට මේ ගතානුගතිකත්වයෙන් ගැලවෙන්නට බෑ. මම යෝජනා කරන්න කැමතියි වැඩියෙන් කියවන්න... සාහිත්‍යය විතරක් නොවේ සෙසු කලා ගත් අැසුරු කරන්න කියලා.. කලාවෙන් හා නීතියෙන් පමණයි මිනිසා සුපුෂ්පිත හා විනයවත් කළ හැක්කේ. එහිදී අාගම අපොහොසත් බව අමුතුවෙන් කිව යුතු නෑ. අවබෝධය තුළින් හා හෘද සංවේදි වීම වගේම නීති ගරැක වීමෙන් තමා රටක් පෙරට යන්නේ.. බිය දැනවිමෙන් යමෙකු යහමඟට ගන්නට බැරි බව අප වටහා ගත යුතුයි. දරුවන් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි පොදුවේ අපි අනෙකාට අැහුම්කන් දෙන්නට පුරැදු විය යුතුයි. අැත්තටම අද අපේ කාන්තාව අාර්ථික ස්ථාවරත්වය අැති කරගන්නා අතරම අාකල්ප වෙනසින් ද මේ අන්ධකාරයට අාලෝකය කැන්දාගෙන එන බව දකින්න පුළුවන්. එය සතුටට කරුණක්. ගිලන් සමාජයක් සුවපත් කිරීමට අැගේ දෑතත් මෘදු හදවතත් සුවිසල් මෙහෙවරක් කරනවා.
මම සහ අභියෝග
මම අභියෝග දකින්නෙ මඟ හැර යා යුතු නොවන අභියෝග කළ යුතු දෙයක් විදියට. ජීවිතය අමිල තිළිණයක්.. අප කිසිවෙක් හුදෙකලා නෑ. මම මගේ ජීවිතය සම්බන්ධයෙන් මේ මහ පොලොවට.. නිල් අහසට.. ගහකොළට ණය ගැතියි. අප හැම දෙනාම එහෙමයි. ජීවයට සරිලන සියලු සාධක සපිරි පෘථිවියේ වෙසෙන්නන් විදියට හුස්ම වෙනුවෙන් පවා මේ පවිත්‍ර වාතයට අප ස්තූතිවන්ත විය යුතුයි. එ් නිසා කවර අභියෝග මධ්‍යයේ වුවත් ජීවිතය කෙරෙහි අනුරාගය තුරන් කරගත යුතු නෑ. එ් ලාලසාව වඩා සන්තුෂ්ටි සහගත ජීවිතයක් අපට හිමි හෝ අහිමි කිරීම කෙසේ වෙතත් මම හිතන්නෙ මා ලද දිවි තිළිණය වෙත පැවරී අැත්තා වූ මෙහෙවර උපරිමයෙන් සිදු කළ යුතු බවයි. අවංකවම කියනවා නම් වරෙක පුරැෂාධිපත්ය විඳ දරා ගත නොහැකි තරමට දැඩියි. මේ අැති.. තවත් මේක ඉවසන්න බෑ කියන විලාපය මුවග නැගෙනවා. එ්ත් එය හුදෙක් පුද්ගල වරදක් නොව සම්ප්‍රදායික හා ගතානුගතික බව තුළින් පැන නැෙඟන්නක් බව මට වැටහෙනවා.. මම නැවත නැවත සමාව දෙනවා.. මම නැවත නැඟී සිටිනවා පෙර නොවු විරු ශක්තියකින් පණ පෙවෙමින්.. මා උරණ විය යුත්තෙ මගේ දරුවන් ගේ පියා සමඟ නොවේ එවැනි අාකල්ප පිදූ සමාජ අාර්ථික හා දේශපාලන හේතු සාධක සමඟ බව මම මටම එ්ත්තු ගන්වා ගන්නවා.. එය පහසු නෑ.. ඉතාමත් පිඩාකාරියි. එ්ත් සමාව දීම කියන්නේම අනෙකා විසින් තුවාල කළ තුවාල මත ගල්වන ඔසු.. දරුවන් මව හා පියා යන දෙදෙනා සමඟ එක වහලක් යට සිටීම වෙනුවෙන් මා දරන වෙහෙස අසීමාන්තික විය හැකියි. අනෙක් අතට එය පැරණි හා නව ලොවට නොගැළපෙන අදහසක් විය හැකියි. එ්ත් සාමකාමී හා ප්‍රීතිමත් පවුලක දරුවෙක් ලෙස මා කැමතියි මගේ දරුවන් ද එබඳු පවුලක් තුළ ජීවත් වනවාට.. අැත්තටම මගේ උපක්‍රම හා රහස් කීපයක් තිබෙනවා. ගහක් බදාගෙන අඬන්න. වංචාකාරී මිනිස් අාත්මයේ ග්රහණයෙන් මිදී ගහකට තුරුලු වීම තුළ මා ස්වභාවිකත්වය හා ප්‍රකෘතිය සමඟ මුසු වන බව දැනෙනවා. මගේ බිඳුණු හද ඉක්මනින් පිරියම් කරන්න ස්වභාව ධර්මය සතු සුවිශේෂී හැකියාව ඔබටත් පිටුවහලක් වෙයි. එය ගසක්.. දිය දහරක් හෝ සුළං පොදක් විය හැකියි.
මොහොත තුළ ජීවත්වීමත් මගේ තවත් අවියක්.. මේ අසිරු හා දුක්ඛිත දුෂ්කර ගමනේදී සන්නද්ධ විය යුතුව තිබෙනවා. පොතක්.. ගීතයක්.. චිත්‍රපටයක්... දිව ඔසුම තමා. දරා ගත නොහැකි අාතතිය දුරැ කරන තවත් මඟක් නර්තනයේ යෙදීම. මගේ රේඩ්යෝ කබල කුස්සියේම තියාගෙන නටන එක අැත්තටම මගේ සුන්දර රහසක්... හෙළි කරන්නේ අපේ කාන්තාවට සුළු හෝ උපකාරයක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.. වේදනාව දුරු කරගන්න තවත් උපක්‍රමයක් තමා වැඩ කිරීම.. වෙහෙසී වැඩ කිරීම..කුටුම්බයේ ගැටුම් අපට අරුමයක් නොවේ. එ්ත් අප සමඟ සයනය බෙදා ගන්නා තැනැත්තාගේ නපුරු වචනවල එල්ලී තවත් දින ගණනාවක් නාස්ති කරන්න එපා. එය සිදු වී හමාරයි. දැන් සිටින ඔහුත් මමත් පෙර සිටියවූන් නොවේ. මිනිසෙක් එකම ගඟට දෙවරක් නොබසි කියනවා.. එ්ක අැත්ත. අපි නිමේශයෙන් නිමේශය වෙනස් වෙනවා. එ් බව වටහා ගත් විට බොහෝ ගැටුම් අවම කරගත හැකියි. අාදරය... එ් තමා බලවත්ම අවිය. එයින් හද සිදුරු වන්නේ නෑ.. සැනහෙනවා... නිවෙනවා... අපි අාදරය කරමු... අප්පා දෙපා සිවුපා සකල සත් වගට.. අපට අැත්තේ ඉතාමත් කෙටි ජීවිතයක්.. එය විචිත්‍රවත් කර ගැනීම අපේ කාර්ය භාරයයි. එයින් අපටත් ලොවටත් යහපතක්ම වෙයි.
අප හැම දෙනා තුළම කිසිදා නොවැඩෙන ළමයෙකු සිටිනවා. එ් ළමයාට ඉඩ දෙන්න ඉඳහිට හෝ. එවිට ජීවිතයේ දුකත් බරත් වෙහෙසත් වියැකේවි