Thursday, August 14, 2025
Epaper
Home Highlightsවිස්ම විශ්වය

විස්ම විශ්වය

by Thanushika

ප්ලාස්ටික් අනුභව කරන දිලීරයක්

ඇමසන් වැසි වනාන්තරයේදී විද්‍යාඥයින් අසාමාන්‍ය දෙයක් හොයාගෙන තියෙනවා. ඒ ප්ලාස්ටික් අනුභව කරන දිලීරයක්. මේ දිලීරයේ නම පෙස්ටලෝටියොප්සිස් මයික්‍රොස්පෝරා (Pestalotiopsis microspora). මෙය සාමාන්‍ය දිලීරයක් නොවේ.

මේ දිලීරයට පුළුවන් ප්ලාස්ටික් ආහාරයට ගන්න. ඒ වගේම වඩාත් සුලබ, වඩාත්ම නොනැසී පවතින ප්ලාස්ටික් වර්ගවලින් එකක් වන පොලියුරේතන් (poliuretan) ද සම්පූර්ණයෙන්ම අනුභව කරන්න පුළුවන් විශේෂ හැකියාවක් මේ පෙස්ටලෝටියොප්සිස් මයික්‍රොස්පෝරා දිලීරයට තියෙනවා. ඒ විතරක්ම නෙවේ මේ දිලීරයට පුළුවන් ඔක්සිජන් නොමැති පරිසරවල පවා මේ දේ කරන්න.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කාර්යක්ෂමව සහ තිරසරව බිඳ දමන්න මේ දිලීරය උදවු වෙනවා. ප්ලාස්ටික්වලින් පිරුණු දූෂිත පරිසර පිරිසුදු කිරීම වෙනුවෙන් ජෛව ප්‍රතිසංස්කරණය සඳහා මෙම දිලීර විශේෂය යොදා ගැනීමට මේ වන විට පර්යේෂකයන් තවදුරටත් පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

මැටි ගිලින ගිරවු

ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන ගිරවුන් නායගිය බෑවුම්වල ඇති නැවුම් මැටි ආහාරයට ගනු ලබයි.

ඔවුන් විසින් ආහාරයට ගන්නා ලද විෂ සහිත ඇට වර්ගවල විෂ සහිත බව උදාසීන කර ගැනීමට උදවු වන මැටිවල අඩංගු සෝඩියම් මුලද්‍රව්‍ය ශරීරයට එකතු කර ගැනීමට මෙලෙස මැටි ආහාරයට ගැනීමේ රහස ලෙස සත්ත්ව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.

 

පොළොව යට නගරය

කූබර් පෙඩී (Coober pedy) කියන්නේ දකුණුදිග ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරයක් වන ඇඩිලේඩිවල ඉඳලා කිලෝමීටර් 846ක් විතර වයඹ දෙසට වන්නට පිහිටලා තියෙන නගරයක්. කර්කශ වියළි දේශගුණය විසින් අඩපණ කරන ලද මෙම නගරය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ Opal නමින් හැඳින්වෙන වටිනා මැණික් සුලබව හමුවන ප්‍රදේශයක් විදිහට.

Opal මැණික් නිසා ප්‍රසිද්ධ වුණත් Coober pedy නගරයේ තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ නගරයේ ජීවත්වෙන මිනිස්සු තමන්ගේ වාසස්ථාන හදාගෙන තියෙන්නේ පොළොව අභ්‍යන්තරයේ වීම. 2011 වර්ෂයේ කරන ලද සංගණනයකට අනුව මේ විදිහට පොළොව ඇතුළේ නිවෙස් හදාගෙන ජීවත් වෙන පිරිස 1,695ක් විතර වෙනවා.

මේ ප්‍රදේශයේ තියෙන අධික උණුසුම නිසා තමයි මොවුන් පොළොව අභ්‍යන්තරයේ ජීවත් වෙන්නේ. ගිම්හානයේදී මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ක් 47 කට විතර ඉහළ යන හින්දා මේ අධික උණුසුමෙන් බේරෙන්න තමයි මේ නගරයේ වැසියන් පොළොව යටට සංක්‍රමණය වෙලා තියෙන්නේ.

මතුපිට පොළොව උෂ්ණත්වය වැඩි හින්දා ඔවුන් කරලා තියෙන්නේ මැණික් හොයන්න හාරපු උමං මාර්ග උපයෝගී කරගෙන නිවාස ඉදිකර ගත්ත එක. ඒකෙන් තමයි මේ අපූරු පොළොව යට නගරය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි සැතපුම් ගණක් දිග උමං තුළ නිවාස 1500 අධික ප්‍රමාණයක් දැක ගත හැකියි. මෙම නිවාස සියලුම පහසුකම්වලින් සමන්විත වෙනවා.

ගෙවල් දොරවල් විතරක් නෙවෙයි අලංකාර දේවස්ථානයක්, පොත් හලක්, සුපිරි වෙළෙඳසල්, ස්වර්ණාභරණ අලෙවිසල්, භෝජනාගාර සහ නගරයක දක්නට ලැබෙන සියලුම අංග උපාංගවලින් මෙම භූගත නගරය සැරසිලා තියෙනවා.

 

මායා දියඇල්ල

මුරුසි දිවයින ආසන්නයේ මුහුදේ දක්නට ලැබෙන මේ දර්ශනයේ ඇත්තේ හරි පුදුමාකාර බවක්. මුහුදු පත්ල ගිලා බැසීමෙන් නිර්මාණය වූ දිය ඇල්ලක් ආකාරයකට පෙනෙන මේ දර්ශනය සැබැවින්ම එසේ සිදු වන්නක් නොවෙයි. ඇත්තෙන්ම මෙය මායාවකි.

මුරුසි දිවයින ආසන්නයේ ඇත්තේ සුපැහැදිලි සාගර ජලතලයකි. එම සුපිරිසුදු ජල තලයට වැටෙන හිරුඑළිය මුහුදු පත්ලේ ඇති වැලි සහ මඩ තැන්්පතුවලින් පරාවර්තනය කිරීමේදී සාගර ජලයේ ඇති වර්ණය සමඟ මිශ්‍ර වීමෙනුයි මේ මායාකාරී දර්ශනය නිර්මාණය වෙන්නේ. මෙය නැරඹීමට නම් ගුවන්යානයක හෝ හෙලිකොප්ටරයක නැඟී ගමන් කළ යුතු වේ.

 

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?