Thursday, August 14, 2025
Epaper
Home Highlightsගෙත්තම් පාරාදීසය

ගෙත්තම් පාරාදීසය

by Thanushika

සැහැල්ලු සෙල්ලම් සතුන් නිර්මාණයේදී සුරතල් බලු පැටවූ හා පෙන්ගු වින්, බෝනික්කන්, වලස් පැටවූ ආදී ඕනෑම එකක් දැන් ඔබට කළ හැකියි. උසස් නිමාවකින් යුතු ආකර්ෂණීය වූල් සෙල්ලම් භාණ්ඩවලට වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතී. ඒ නිසාම ඔබේ අත මිට සරු කරලීම වෙනුවෙන් මේ අනගි නිර්මාණය තිළිණ කෙරේ. මෙවර තරුණී නුගසෙවණ සුසංයෝගය සැබැවින්ම ළෙන්ගතු වන්නේ ඔබේ ආදරණීය දුවට පුතාටය.

අවශ්‍ය අමුද්‍රව්‍ය-

කැමති පාටකින් වූල් බෝලයක්

මිලිමීටර් 2 ගොතන කටුව

පිරවීමට පැඩින්

මිලි මීටර් 10 ප්‍රමාණයේ ඇස් දෙකක්

ඉදිකටුවක්

නිර්මාණය කිරීම –

කකුල් දෙක

පළමුවැනි වටය

මැජික් රින්ග් එකට දෙපොට පිරවිලි හයක් ගොතන්න.

දෙවැනි වටය

දෙපට පිරවිලි එකකට දෙක ගාණනේ ගොතන්න.

තුන්වැනි වටය – හතරවැනි වටය

දෙපට පිරවිලි එකකට එක ගාණනේ ගොතන්න.

පස්වැනි වටය

දෙපට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

හයවැනි වටය – හත්වැනි වටය

දෙපට පිරවිලි එකකට එක ගාණනේ වට දෙකක් ගොතන්න.

අටවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දෙකයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

නවවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ එක වටයක් ගොතන්න.

මේ රටාවෙන් එක කකුලක් ගොතලා නූල කපා පැත්තකින් තියලා දෙවැනි කකුල ගොතා ගන්න. නූල කපන්න එපා. දැන් කකුල් දෙක එකිනෙකට සම්බන්ධ කර ගනිමු.

දහවැනි වටය

නූල කපපු නැති කකුලේ දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දොළහක් ගොතන්න. නූල කපපු කකුල ගන්න. එහි දෙපොට පිරවිලි එකකට එක ගාණනේ විසි හතරක් ගොතන්න. නැවත අනික් කකුලේ දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දොළහක් ගොතන්න.

දැන් කකුල් දෙක සම්බන්ධ කරගෙන ඉවරයි.

එකොළොස්වැනි වටය – විසිවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට දහයක් ගොතන්න.

විසිඑක්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හයයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න.

විසිදෙවැනි වටය විසිතුන්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට දෙකක් ගොතන්න.

විසිහතරවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ පහයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න.

විසිපස්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ එක වටයක් ගොතන්න.

විසිහයවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හතරයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න.

විසිහත්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ තුනයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න.

විසිඅටවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දෙකයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න.

විසිනවවැනි වටය

දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. මේ රටාව ගොතන්න.

නූල කපන්න. පැඩින් පුරවාගන්න.

ඔළුව කොටස ගොතමු.

පළමුවැනි වටය

මැජික් රින්ග් එකට දෙපොට පිරවිලි හයක් ගොතන්න.

දෙවැනි වටය

දෙපොට පිරවිලි එකකට දෙක ගාණනේ ගොතන්න.

තුන්වැනි වටය

දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකයි මේ රටාව ගොතන්න.

හතරවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දෙකයි, දෙපොට පිරවිලි දෙකයි, මේ රටාව ගොතන්න.

පස්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ තුනයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

හයවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හතරයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

හත්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ පහයි, දෙපොට පිරවිලි දෙකයි මේ රටාව ගොතන්න.

අටවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හයයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

නවවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හතයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

දහවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ අටයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

එකොළොස්වැනි වටය විසිපස්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට පහළොවක් ගොතන්න

විසිහයවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ අටයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

විසිහත්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හතයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

විසිඅටවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හයයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

විසිනවවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ පහයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

තිස්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ හතරයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

තිස්එක්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ තුනයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

තිස්දෙවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ දෙකයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. මේ රටාව ගොතන්න.

තිස්තුන්වැනි වටය

දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු මේ රටාව ගොතන්න.

නූල දිගට තියලා කපා ගන්න.

ඇස් දෙක සම්බන්ධ කරන්න. 14 – 15 වැනි වටයත් අතර පිරවිලි අටක පරතරය තබා ඇස් සම්බන්ධ කරගන්න.

ඇස් දෙක අතර පහළට වෙන්න පුංචි නහයක් මහගන්න.

ඊට පහළින් ඇල ඉරක් සේ කට මහගන්න.

ඇසට උඩින් ඇහිබැම කළු වූල් කෑල්ලකින් මහගන්න.

කන් දෙක ගොතමු.

පළමුවැනි වටය

මැජික් රින්ග් එකට දෙපොට පිරවිලි හයක් ගොතන්න.

දෙවැනි වටය

දෙපොට පිරවිලි එකකට දෙක ගාණනේ ගොතන්න.

තුන්වැනි වටය

දෙපට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න

හතරවැනි වටය

දෙපට පිරවිලි එකකට එක ගාණනේ දෙකයි, දෙපොට පිරවිලි දෙකයි මේ රටාව ගොතන්න.

පස්වැනි වටය – අටවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට හතරක් ගොතන්න.

නූල දිගට තියලා කපා ගන්න.

ඔළුව මුඳුනේ ඉඳලා වට පහක් ගණන් කරන්න. එතැන ඉඳලා පහළට කන සම්බන්ධ කරන්න.

අත්දෙක ගොතමු.

පළමුවැනි වටය

මැජික් රින්ග් එකට දෙපොට පිරවිලි හයක් ගොතන්න.

දෙවැනි වටය

දෙපොට පිරවිලි එකකට දෙක ගාණනේ ගොතන්න.

තුන්වැනි වටය

දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකයි. මේ රටාව ගොතන්න.

හතරවැනි වටය – පස්වැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට දෙකක් ගොතන්න.

හයවැනි වටය

දෙපොට පිරවිලි එකයි, දෙපොට පිරවිලි දෙකක් එකට එකතු කරන්න. දැන් මේ රටාව ගොතන්න.

හත්වැනි වටය – දහනවවැනි වටය

දෙපොට පිරවිලි එකකට එක ගාණනේ වට 13ක් ගොතන්න.

අත් දෙකේ මුල් වට පහට පමණක් වන සේ පැඩින් ටිකක් දාන්න. අතේ උඩට පැඩින් පුරවන්න එපා.

අත් දෙක ඇඟ දෙපසට තබා මහගන්න.

ඉන්පසු ඔළුව කොටස ඇඟට සම්බන්ධ කර මහගන්න.

උපදෙස් අත්කම් නිර්මාණ ශිල්පිණි

ලක්මාලි ඒකනායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?