Tuesday, November 18, 2025
Epaper
Home Highlightsඔබ හොයන්නේ Luggages නම් නියම තැන මල්වත්ත පාර

ඔබ හොයන්නේ Luggages නම් නියම තැන මල්වත්ත පාර

by Thanushika

පිටකොටුව කියන්නේ ඒ කාලේ ඉඳන්ම අහන්න, දකින්න ලැබෙන කොයි කවුරුත් දන්න ප්‍රසිද්ධ ස්ථානයක්. අපේ රටේ නම් මේ පිළිබඳ නොදන්න කෙනෙක් නැති තරම්. ගොඩක් අය දිනපතා පිටකොටුව සමඟ ගනුදෙනු කළත් මෙහි සිදුවන්නේ කුමක් ද යන්න හරියටම දන්නේ නැහැ. පිටකොටුවේ ඉතින් නැති දෙයක් නැහැ කියලා තමයි කතාවට බොහෝ අය කියන්නේ.

පිටකොටුව වැඩිපුරම ප්‍රසිද්ධ ඒ ඒ අවශ්‍යතාවන්ට සරිලන ආකාරයේ වෙ‍ෙළඳ භාණ්ඩවලින් පිරිලා තියෙන නිසයි. ලංකාවේ අනිත් ප්‍රදේශවලින් හොයාගන්න බැරි දේවල් පිටුකොටුවෙන් සොයාගන්න පුළුවන් වීම තමයි මෙහි තියෙන මූලික විශේෂත්වය. ඒ වගේම පිටකොටුවට ආවොත් ඕනෑම දෙයක් අඩු මිලට ගන්න පුළුවන්. විශාල ප්‍රදේශයක් හරහා පැතිරිලා තියෙන පිටකොටුව සියලු වෙ‍ෙළඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විදිහට සලකනවා. මුල් වතාවට පිටකොටුවට යන කෙනෙක්ට නම් අනිවාර්යයෙන් එහි ගියාම වංකගිරියකට ගියා හා සමාන අත්දැකීමකට මුහුණ දෙන්න වෙන එක සුලබ කරුණක්. නමුත් ඉතින් තම අවශ්‍යතාවන් සපුරා ගන්න හොඳම වෙ‍ෙළඳසල්, ලා‍ෙබට බඩු ගන්න හරියනම තැන් හොයාගන්න වගේම හොඳම ගනුදෙනුකරුවන් හොයාගන්න පිටකොටු ගිහින් ඇවිදලම බලන්න වෙනවා.

ඉතින් ඔන්න ඔයා පිටකොටු යන්න ඉන්න කෙනෙක් නම් නැත්නම් පිටකොටුව පිළිබඳව ලොකු අවබෝධයක් නැති කෙනෙක් නම් අද අපි ලබාදෙන මේ තොරතුරු හුඟක් වැදගත් වේවි.

අගෝස්තු පාසල් නිවාඩු වාරය අත ළඟ. පොතපත ඇසුරේ වෙහෙසුණ පුංචි මනසට විරාමයක් තබමු නේද? ඔබේ දරුවන් සමඟ විනෝද ගමනක් යන්න හොඳම කාලයයි මේ.

එලෙස නිවෙසින් දින දෙක තුනක් පිටතට යන්නට සැරසෙන මෙවැනි අවස්ථාවක මවුවරුන් වැඩි දෙනකු මුහුණපාන ගැටලුව බවට පත්වන්නේ ඇඳුම් පැලඳුම් රැගෙන යන්නට තරමක් විශාල ගමන් මලු අවශ්‍ය වීමයි. වැඩි බඩු ප්‍රමාණයක් බහාලන්නට ශක්තිමත් බෑගයක් මේ සඳහා අවශ්‍ය වන අතර, මෙවර අපේ කොටුව විශේෂාංගය වෙන්වන්නේ අඩු මිලට එවැනි බෑග් මිලදී ගත හැකි වෙ‍ෙළඳ පුරවරයක් වෙනුවෙනි.

කොටුව, මල්වත්ත පාර බොහෝ දෙනෙකු දන්නා හඳුනන මාර්ගයයි. කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටින් වරාය දෙසට වැටී ඇති මේ මාර්ගයේ එක් පැත්තක පිහිටා ඇත්තේ මෙවැනි ගමන්මලු සහ පාවහන් අලෙවි කරන වෙ‍ෙළඳසල් පේළියකි. මෙහි මුල් අදියරේ සංයුක්ත තැටි මිලදී ගත හැකි කඩ කිහිපයක් හැරුණු විට ඉතිරි කඩ සාප්පු අසූවක් වැනි ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ මෙම බෑග් සහ සපත්තු අලෙවිසල් උදෙසාය.

මෙම වෙ‍ෙළඳසල් අද වන විට කොළඹ නගරයේ ඇති පැරණිම සපත්තු, බෑග් කඩ ලෙසින් හැඳින්වේ. එදා සිට අද දක්වාම හොඳ වෙ‍ෙළඳාමක් දැකිය හැකි මෙහි දේශීය නිෂ්පාදන මෙන්ම චීනය, තායිලන්තය වැනි රටවලින් ආනයනය කරනු ලැබූ නිෂ්පාදන ද බොහොමයක් වේ.

කුඩා දරුවන් සහ පාසල් යන දරුවන්ට පාසල් බෑග්, සපත්තු ප්‍රමාණයෙන් ලොකු – කුඩා ගමන් මලු පමණක් නොව පිරිමි පාර්ශ්වයේ විවිධ පාවහන් සහ බෑග් විශාල ප්‍රමාණයක් දැකිය හැකියි. විශේෂයෙන්ම පාසල් යන පිරිමි දරුවන්ට අවශ්‍ය කළු හෝ දුඹුරු වර්ණයේ සපත්තු, විවිධ ගමන් බිමන් සඳහා භාවිත කළ හැකි පාවහන්, සැහැල්ලු පාවහන් හා කුඩා දරුවන් ප්‍රිය කරන විවිධ වර්ණ සහිත සපත්තු, ක්‍රීඩා සපත්තු ආදී සියල්ලම මෙහි අලෙවි වන්නේ අඩු මුදලකටයි.

ඊට අමතරව පාසල් දරුවන් රැගෙන යන බෑග් මෙන්ම සැහැල්ලු ගමන් සඳහා උචිත බෑග් ආදියත් රුපියල් 500 – 1500ත් අතර මිලකට මෙහි දැකිය හැකියි.

මේ සියල්ලත් එක්කම මල්වත්ත පාර ජනප්‍රියම ගමන් බිමන් ගෙනයන බෑග් සඳහායි.

විදෙස් ගමන් සඳහා අවශ්‍ය කරන luggage bag වෙනුවෙන්ම වෙන් වූ පුරවරය ද මෙයයි.

 ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?