Monday, November 17, 2025
Epaper
Home Highlightsතරුණ පෙනුම රකින ස්මූති

තරුණ පෙනුම රකින ස්මූති

by Thanushika

සමේ තරුණ පෙනුම රැකගන්න බාහිරින් ආලේප කරන ක්‍රීම් ජාති අනම්මනම්වලට වඩා අපේ ඇඟ ඇතුළට දෙන පෝෂණයෙන්ම සමේ තරුණ බව රැකගන්න පුළුවන් නම් තමා වඩාත් හොඳ. ඉතින් අද අපි මේ ගෙනාවෙ ලස්සනට ඉන්න කැමති ගැහැනු පිරිමි ඕ‍ෙනම කෙනෙක්ට ලේසියෙන් හදලා බොන්න පුළුවන් ස්මූති රෙසිපි ටිකක්. මේ ස්මූති සම්පූර්ණ උදෑසන ආහරයක් විදියට ගන්නත් පුළුවන්. පුරුද්දක් විදිහට ස්මූති එකක් ගන්න එක ගොඩක් ගුණයි වගේම කියන්න බැරි තරම් ශරීරයට හිතකරයි.

සන්ෂයින් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් කෙසෙල් ගෙඩි 1ක්
දොඩම් යුෂ කෝප්ප 1/4ක්
ජම්බෝල ගෙඩියකින් බික් තුනක යුෂ
කපාගත් අඹ ගෙඩි 1/2ක්
කපාගත් අන්නාසි කෝප්ප 1/2ක්

 සාදන ක්‍රමය

කෙසෙල්, දොඩම් යුෂ, ජම්බෝල යුෂ, අඹ සහ අන්නාසි ගෙන වතුර ස්වල්පයක් එකතු කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. මේ ස්මූති එකේ පාට හරි ලස්සන නිසා පොඩ්ඩන් පවා රස විඳින්න ආස වේවි. කූල් කරලා බොන්නත් පුළුවන්. නැත්නම් බ්ලෙන්ඩ් කරන කොට අයිස් කියුබ් ටිකක් දාන්න.


ඇවකාඩෝ ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
පොල් වතුර කෝප්ප 1/2ක්
කපාගත් කෙසෙල් ගෙඩි 2ක්
සිහින්ව කපාගත් අන්නාසි කෝප්ප 1ක්
සිහින්ව කපාගත් අඹ කෝප්ප 1ක්
අලිගැටපේර ගෙඩි 1/2ක්
කළු තල ඇට මේස හැඳි 1ක්

 සාදන ක්‍රමය

පොල් වතුර, අන්නාසි, අඹ සහ අලිගැටපේර මේ ඔක්කොම එකට දාලා විනාඩි තුනක් පමණ ක්‍රීම් එකක් වෙන සේ බ්ලෙන්ඩ් කරගන්න. පොල් වතුරම එක්කර ගත්තොත් අපේ සමට ගොඩක් හොඳයි. පොල් වතුර නැත්නම් ආමන්ඩ් කිරි හෝ නැවුම් කිරි එක්කර ගත හැකියි. ඉන්පසු තල ඇට දමා මිශ්‍ර කර පානය කරන්න. ශීතකරණයේ තබා පානය කිරීම වඩා රසවත්.


ස්ට්‍රෝබෙරි මැන්ගෝ ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් ගෙඩි 2ක්
සකසා ගත් ඕට්ස් කෝප්ප 1/2ක්
දෙහි යුෂ කෝප්ප 1/4ක්
කපාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6-7ක්
යෝගට් කප් 1/2ක්
කිරි කෝප්ප 1/4ක්
කුඩුකරගත් ආමන්ඩ් ස්වල්පයක්

 සාදන ක්‍රමය
කෙසෙල් ගෙඩියක්, අඹ, දොඩම් යුෂ එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඝනකම් වැඩි නම් තවත් දෙහි යුෂ එකතුකර මෘදු වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. අවසානයට සකසා ගත් ඕටිස් එකතු කර මිශ්‍ර කරන්න. මෙය ග්ලාස් එකට දාගන්න.

ඉතිරි කෙසෙල් ගෙඩිය, ස්ට්‍රෝබෙරි, කිරි හා යෝගට් එක එකතු කරලා ආයෙමත් බ්ලෙන්ඩ් කරගන්න.
කලින් ග්ලාස් එකට දාගත් ස්මූති එකට උඩින් ලේයර් එකක් වගේ මේකෙන් දාගන්න. උඩින් ආමන්ඩ් ස්වල්පයක් ඉසගන්න.


ඇපල් කැරමල් ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය
පොතු ඉවත් කරගත්
ඇපල් ගෙඩි 2ක්
මී පැණි මේස හැඳි 1ක්
සීනි මේස හැඳි 2ක්
ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1/2ක්
කුරුඳු කුඩු තේ හැඳි 1ක්
 සාදන ක්‍රමය

මුලින්ම ඇපල් ටික පොඩි කෑලිවලට කපලා සීනි හා මී පැණි දාලා ළිපේ තියන්න.
ටිකකින් සීනි කැරමල් වේගෙන එනකොට ළිපෙන් බාලා බ්ලෙන්ඩර් එකට දාගන්න. මේකටම ෆ්‍රෙෂ් මිල්ක්, කුරුඳු කුඩු දාලා මෘදු වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. මෙය කදිම උදෑසන ආහාර වේලකි.
————–

ට්‍රොපිකල් එනර්ජි ස්මූති

අවශ්‍ය ද්‍රව්‍ය

ආමන්ඩ් කිරි කෝප්ප 3/4ක්
කෙසෙල් ගෙඩි 2ක්
සිහින්ව ගත් අන්නාසි කෝප්ප 2ක්
හීනියට කපාගත් නිවිති කෝප්ප 2ක්

 සාදන ක්‍රමය

ආමන්ඩ් කිරි, කෙසෙල්, අන්නාසි සහ නිවිති මේ සියල්ලම මිශ්‍රකර බ්ලෙන්ඩ් කරගන්න. ඝනකම් වැඩි නම් තව කිරි ටිකක් එකතුකර ගන්න. ආමන්ඩ් කිරි නැත්නම් පොල් වතුර, සෝයා කිරි වුණත් කමක් නෑ. ආමන්ඩ් කිරි ගන්නවනම් සීනි රහිත කිරි ගන්න.

 

උපදෙස් –
සූපවේදී සුජිත් ඕපාතාරච්චි
ෂැංග්‍රිලා හෝටලය
කොළඹ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?