පුංචි දරු පැටියෙක් ගෙදරට එනවා කියන්නේ අපේ ජීවිතේ වැදගත්ම අවස්ථාවක්. ඉතින් එයාගේ කාමරය සරසන්න දැන් අලුත් අම්මලා හරිම ආසයි. දුවෙක් නම් රෝස පාට ලෝකයක්. පුතෙක් නම් නිල් පාට ලෝකයක්. එන්න එහෙනම් අපිත් සරසමු අපේ පැටියගේ නිල් පාට රෝස පාට හීනේ.
අවශ්‍ය දේවල්
fleess matierial එකෙන් තමන් කැමති පාටකින් රෙදි (රෝස පාට හෝ නිල් පාට)
පැඩිං
පාට දෙකෙන් නූල්,
ඉදිකටුවක්
කෝඩ් නූල් (මෙය අඩුම මිලිමීටර් ප්‍රමාණයේ කෝඩ් නූලකි)
රඳවනය සඳහා සුදු යකඩ රිංග්
ලී රවුම ( embroidery frame)
ලී රවුම වටේ එල්ලීම සඳහා පොම් පොම් ලේස් තමන් කැමති රෙදි පාටකින්
ග්ලූ ගන් එකක්
සාදන අාකාරය
පළමුව අපි මේ හැඩවලින් පතරොම් සාදා ගත යුතුයි. තරු හැඩය, වලාකුළු හැඩය, ටෙඩීගේ හැඩය , ලොකු හඳ බාගේ ඒවා වෙන වෙනම පතරොම් සාදා ගත යුතුය. තරුව අඟල් 4, වලාකුළ අඟල් 4.5 වගේ ලොකු හඳ පලුව අඟල් 6 7 වගේ පතරොම සාදාගෙන තමන් කැමති පාටකින් ෆ්ලීස් රෙද්දෙන් හොඳපිට මුහුණලා බ්ලොක් එක ඇඳ ගත යුතුයි. පසුව ඒවා කොටස් දෙක කපගෙන කණපිට මුහුණලා හොදපිට පිටට තබා බ්ලැන්කට් මැස්මෙන් වටේට මසාගෙන යන්න. පොඩි හිඩසක් ඉතිරි කර එයින් පැඩිං පුරවා (මෙයට තීන්ත ඉවර වූ පෑනක් භාවිත කරන්න) ෆිල් කර ගන්න. ඉන්පසුව බ්ලැන්කට් මැස්මෙන්ම මසා නිම කර ගන්න.
මෙසේ අපට අවශ්‍ය රෙදි කොටස් සියල්ල මසා පැඩිං පුරවා නිම කර ගත යුතුය.
අවසානයේ එම්බ්‍රොයිඩරි ෆ්‍රේම් එක රෙදි පටියකින් අාවරණය කර ගන්න. ඉන්පසුව එම්බ්‍රොයිඩර් ෆ්‍රේම් එකෙහි සමබරව නූල් එල්ලන තැන් ලකුණු කර උඩට රඳවා ගත හැකි වන ලෙස නුල් කොටසක් ඉතිරි කර පිත්තල රවුම ගෙන එල්ලා ගන්න. ඉන්පසුව පහළින් ඉතුරු වූ නූල් කොටස්වල සාදා ගත් හැඩතල trapasky ඉදිකටුවක් ගෙන අමුණා ගන්න. මෙලෙස තමන්ට රිසි සේ මෙය නිර්මාණාත්්මකව සාදා නිම කර ගන්න.
නිලක්ෂි ආරියරත්න
විදුමිණි දිසාකරුණා