මේ දිනවල ශ්‍රී ලංකාව තුළ චිකුන්ගු න්යා රෝගය බහුලව පැතිරිලා. මෙහි දැකගත හැකි ප්‍රධාන ලක්ෂණය නම් උණ රෝගය සුව වී ගියද ඉන්පසුව ඇතිවන ශරීර වේදනාව, හන්දි ඉදිමීම පහව නොයෑමයි. උණ සුව වී ගිය පසු ශරීරයට දැනෙන අපහසුතා නිමක් නැහැ. චිකුන්ගු න්යා රෝගය තුළ මෙය බරපතළ තත්ත්වයක්. ඒ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය චමිලා නිශාදරී පැවසූයේ මෙසේය.
වෛද්‍යතුමියනි, චිකන්ගු න්යා රෝගය කියන්නේ කුමක්ද?
ඊඩ්ස් ඊජිප්ටයි’ කියන මදුරු වර්ගය මඟින් බෝ වන වයිරස් රෝගයක් තමයි චිකුන්ගුන්යා කියන්නේ. ඩෙංගු වගේ මාරාන්තික නොවුණද චිකුන්ගුන්යාවලදී ඩෙංගුවලට සාපේක්ෂව ශරීර වේදනාව අධිකයි. පුද්ගලයන්ගෙන් පුද්ගලයාට බෝවීමක් සිදු වෙන්නේ නෑ. නමුත් ආසාදිත රෝගියෙකුට දෂ්ට කළ මදුරුවකු තවත් පුද්ගලයකුට දෂ්ට කළ විට රෝගය වැලඳෙනවා.
චිකුන්ගු න්යාවල රෝග ලක්ෂණ කල්තියා හඳුනාගත හැකිද?
මදුරුවා දෂ්ට කරලා දින 2-7ත් අතර කාලයකදී තමයි ලක්ෂණ පහළ වෙන්නේ. අධික උණ දින 3-5 අතර කාලයක් තිබිලා තමයි පසුව දරුණු හන්දි වේදනාව, මස්පිඬු වේදනාව, හිසේ කැක්කුම, ඔක්කාරය ආදී තත්ත්වයන් ඇතිවෙන්නේ. සතියක වගේ කාලයකදී මේ රෝග ලක්ෂණ පහව ගියත් හන්දි වේදනාව, ඇඟපත වේදනාව සතියක්, මාසයක් පමණක් නොවේ අවුරුද්දක් දෙකක් වුවද තිබෙන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණය මත වෙනස් වෙනවා. දිනකට රෝගීන් විශාල ප්‍රමාණයක් චිකුන්ගුන්යා නිසා ඇති වූ හන්දි වේදනාව සහ ශරීර වේදනාව නිසා ඖෂධ ගැනීමට පැමිණෙනවා.
ගැබිනි මවුවරුන්ට, කුඩා දරුවන්ට හා නිදන්ගත රෝගීන්ට මෙහි බලපෑම කෙසේද?
ඉහත කාණ්ඩවල ප්‍රතිශක්තීකරණය එකම මට්ටමක පවතින්නේ නැති නිසා වැඩිපුර රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ හින්දම ඒ අය වැඩිපුර ප්‍රවේසම් වීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම කියන්න ඕෙන ආතරයිටිස් රෝගීන්ට චිකුන්ගුන්යාවල බලපෑම අධිකයි. දුර්වල හන්දිවලට මෙම වයිරසය ඇතුළුව පසු තීව්‍ර ලෙස ක්‍රියා කරන නිසා ආතරයිටිස් රෝගීන් විශේෂයෙන් ප්‍රවේසම් වීම වැදගත්.
උණ රෝගය සුව වී ගිය පසු ශරීරය නීරෝගි යැයි සිතා සිටීම නිවැරදි නැහැ නේද?
එය බහුතරයක් රෝගීන් තුළ ඇති මතයක්. උණ සුව වී ගිය පසු ඇතිවන දැඩි ශරීර වේදනාව හමුවේ රෝගීන් බොහෝ විට නිෙවසේ විවේකීව සිටීමට පමණක් වග බලා ගන්නවා. ගණන් ගන්නේ නැහැ. දින කිහිපයකින් පසුව මෙය බරපතළ තත්ත්වයට පැමිණ ඇවිදීමට පවා නොහැකි තත්ත්වයට පත්වීමට ඉඩ තියෙනවා. ඒ නිසා කලින්ම ප්‍රතිකාර සඳහා යොමුවීම තමයි හොඳම දේ.
ඒ සඳහා කළ හැකි ආයුර්වේද ප්‍රතිකර්ම මොනවාද?
මෙහිදී ගොඩක් වැදගත් වෙන්නේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම. දියර වර්ග පානය සහ හොඳින් මූත්‍රා පිටකිරිම අත්‍යවශ්‍යයි. දෙහි, දොඩම් වගේම වෙනිවැල්, කොත්තමල්ලි, නෙල්ලි වැනි ඖෂධීය පාන වර්ග සුදුසුයි. ආයුර්වේදය තුළ ඖෂධ ගණනාවක් මිශ්‍ර කර සාදා ගන්නා පාන වර්ගත් තියෙනවා. බාහිර වශයෙන් හන්දි තෙල් ගල්වන්න පුළුවන්.
මේ සඳහා නිෙවසේදී කළ හැකි ප්‍රතිකර්ම තිබෙනවාද ?
නිවෙසේදිත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දණිස් ආශ්‍රිත වේදනාවක් තිබෙනවා නම් වාත තෙල් සමඟ පාවට්ටා, එඬරු, කොට්ට පොල් දමා පොට්ටනියක් සාදා තැවීම සිදු කරන්න පුළුවන්. වාත සමන තෙල් ගාන්න පුළුවන්. නුග පොතු, බෝපොතු, අත්තික්කා, ගන්සූරිය, කොහොඹ යොදාගෙන සාදාගත් කුඩු වර්ග උපයෝගී කරගෙන බෙහෙත් සාදා ගන්න පුළුවන්. ඒ කිසිවක් නැතිනම් මඳ උණුසුම් වතුරට ලුණු දමා අදාළ සන්ධි ස්ථාන තැවීමට හැකියි. හොඳින් මතක තබාගත යුතු කාරණය නම් මේ සියල්ල සාමාන්‍ය අත් බෙහෙත් පමණයි. තමන්ට ඇවිද ගැනීමට තරම් අපහසුවක් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවීම තමයි සිදු කළ යුතු හොඳම දේ.
චිකන්ගු න්යා රෝගියෙකු ගත යුතු ආහාර පාන රටාව තුළ වෙනසක් තිබේද ?
සාමාන්‍ය දිනවලට වඩා මේ දිනවලදී ආහාර පානවලින් බොහෝ ප්‍රවේසම් විය යුතුයි. තක්කාලි, බලමාළු, අච්චාරු, ඉස්සෝ, දැල්ලෝ, චොකලට්, මෝල්ට්, ගඩුගුඩා, අන්නාසි, මැංගුස්, දුරියන්, රඹුටන්, සෝස් වර්ග, කෝපි, නෙස්කැෆේ වැනි උෂ්ණාධික ආහාර වර්ග අවම කිරීම අත්‍යවශ්‍යයි. අභ්‍යන්තරික පිත සමනය වන ආහාර ගත යුතුයි.
මේ සඳහා කොස් ආහාරයට ගැනීම සුදුසුද?
චිකන්ගුන්යා රෝගය සමඟ හන්දි වේදනාව ඇතිවන නිසා කොස් ආහාරයට ගැනීමේදී තරමක් සැලකිලිමත් විය යුතුයි. නමුත් කොස් ප්‍රතිශක්තීකරණයට ඉතා හොඳ ආහාරයක්. කොස් කියන්නේ ලඝු ආහාරයක් නොවේ ගුරු ආහාරයක්. කොස්වල ඇති බරභාවය නිසා ශරීරයට අපහසුතා ඇති වෙන්න පුළුවන්. නමුත් මෙය සෑම කෙනකුටම වලංගු වන්නේ නැහැ. පොළොස් වගේ දෙයක් ආහාරයට ගන්නවනම් ඉතා හොඳින් ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගන්න පුළුවන් ගැට පොළොස් තම්බා කොටා මැල්ලුම් සාදා ආහාරයට ගැනීම ඉතාමත් සුදුසුයි.
චිකුන්ගු න්යා රෝගය වැලඳුනාහොත් එයින් ආරක්ෂා වීම සහ චිකුන්ගුන්යා රෝගය වළක්වා ගන්නේ කෙසේද ?
චිකුන්ගුන්යා රෝගය වැලඳුණු රෝගියකු ට වෙහෙස වීමෙන් වැළකී ඇඳ විවේකය ගැනීම අත්‍යවශ්‍යයි. තමාට වැලඳුණු උණ රෝගය ටික දිනකින් සුව වූ පසු බොහෝ දෙනා හිතන්නේ රෝගය සුව වුණා කියලා. නමුත් වර්තමානයේ රෝහල්වලට එන බොහෝ රෝගීන් පැමිණෙන්නේ ඇඟිලි තුඩුවලින්. ඇවිද ගැනීමට නොහැකි තරම් හන්දි වේදනාවලින් ඔවුන් පෙළෙනවා. ඒ හින්දා කොයි වෙලාවකවත් රෝගය සුව වුණා කියා නොසැලකිල්ලෙන් කටයුතු කරන්න එපා. වෙනදාට සාපේක්ෂව වැඩි වශයෙන් දියර වර්ග පානය කළ යුතුයි. සීතල ජලය, සීතල වාතය භාවිතය අඩු කිරීම සහ උෂ්ණාධික ආහාර භාවිතය අඩු කිරීම කළ යුතුයි. චිකුන්ගුන්යා රෝගය බෝ වීම වැළැක්වීමට නම් මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කිරිම ඉතා වැදගත්.
උපදෙස්:
ආයු ලංකා ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය
චමිලා නිශාදරී
බුද්ධිකා සංජීවනී