අද කාලේ රූපලාවණ්‍යාගාරයකට යනවා කියන්නෙ ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. කාලය, මුදල් දෙකම ටිකක් වැඩිපුර වැයවෙනවා. එහෙම කියලා අපේ ලස්සන ගැන හිතන එක නවත්තන්නත් බැහැනෙ. වයසට ගැළපෙන මනා පිරිපුන් රුවක හිිමිකාරිනියක් වෙන්න කවුද අකමැති? ඔන්න ඉතින් තරුණී අපේ මේ සූදානම වැඩිපුර වියදම් නොකර ගෙදරදීම ලස්සන විය හැකි රුව රහස් කිහිපයක් කියා දෙන්නයි.
💐(1) ඔබේ උදෑසන වතුර වීදුරුව වෙනුවට
මඳ උණුසුම් වතුර වීදුරුවකට, දෙහි යුෂ මේස හැන්දක ප්‍රමාණය, පිපිඤ්ඤා යුෂ මේස හැඳි එකක ප්‍රමාණය සහ මී පැණි බිංදු කිහිපයක් එකතුකර පානය කරන්න.
ඔබේ සම පැහැපත් කර සමේ තෙතමනය හොඳින් රැකදේ.
💐(2) ඉක්මනින්ම සුදු වෙන්න ආස ඔයාට
බීට්රූට් පවුඩර් මේස හැඳි එකකට, සුදු හඳුන් මේස හැඳි එකක් සහ fresh milk මේස හැඳි දෙකක් එකතුකර එයට මී පැණි තේ හැඳි එකක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් මෙම අලේපනය ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි තිහක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
💐(3) ඔබගේ හිසකෙස් පිසින තුවායෙන් මුහුණ පිහදාන්න එපා.
ඔබ දන්නවද අපේ මුහුණ හරිම සංවේදීයි. ඉතින් හිසකෙස් පිසදාන තුවායෙන්ම ඔබේ මුහුණ පිසදානව නම් ඔබට දෙපාරක් හිතන්න වෙනවා.
අපි පාවිච්චි කරන shampoo, conditioner, තෙල් වර්ග සහ කෙස්වලට යොදන Hair spray වැනි දේවල් වගේම ඔයාගේ හිස්කබලේ හිස්හොරි සෑදී තිබෙනවා නම් මේ හැම දෙයක්ම පිසදාන තුවාය මඟින් අපේ සම මත බලපෑම් කරන්න ඉඩ තියෙනවා.
ඉතින් අනිවාර්යයෙන් ඔයා කොණ්ඩෙට සහ මුහුණ පිස දැමීමට තුවා දෙකක් භාවිත කළ යුතුයි.
💐(4) ඔබේ මුහුණ ඉක්මනින් පැහැපත් කර ගැනීමට
බිත්තර කහමදය සමඟ යෝගට් මේස හැඳි 1ක්, දෙහි යුෂ බිංදු කිහිපයක් සහ මී පැණි බිංදු කිහිපයක් එකතු කර සාදාගත් ෆේස් පැක් එකක් ඔබේ මුහුණේ ආලේපකර විනාඩි 30ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
💐(5) ඔබේ සමේ තෙතමනය රැක ගැනීමට
ඔබ භාවිත කරන ඕනෑම body cream (body moisturizer) එකකට, Glycerin oil බිංදු කිහිපයක් එකතුකර හොඳින් මිශ්‍ර කරගෙන අලේප කිරීමෙන් ඔබේ සමේ වියළි ගතිය තුරන් කර ගත හැකියි.
💐(6) වර්ධනය නොවූ ඇහිබැම ඝනව වර්ධනය කර ගැනීමට
එඬරු තෙල් Castor oil තේ හැඳි භාගයකට, Glycerin oil බිංදු කිහිපයක් සහ විටමින් E කරලක් එකතු කර ඔබේ ඇහි බැම මත ආලේප කරන්න.
විනාඩි පහක් පමණ මෘදුව සම්බාහනය කිරීමෙන් ඝනව ලස්සනට වර්ධනය වූ ඇහිබැම යුගලක් ඔබට ලබාගත හැකියි.
💐(7) ඔබේ මුහුණට ඉදිමුණු ඇස් අවලස්සනක් ලබා දෙනවා.
ඉදිමුණු ඇස් සහ Dark circles අඩු කිරීම සඳහා ශීතකරණයේ ලෝහ හැඳි දෙකක් සිසිල් කර, උදෑසන සහ රාත්‍රී කාලයේ ඔබේ ඇස් මත විනාඩි දහයක පමණ කාලයක් තබන්න.
💐(8) ස්වභාවික ලිප් ස්ක්‍රබ් එකක් ලෙස
දුඹුරු සීනි මේස හැන්දකට මී පැණි තේ හැඳි භාගයක් සහ ඔලිව් ඔයිල් බිංදු කිහිපයක් මිශ්‍ර කර දෙතොල් මෘදුව සම්බාහනය කරන්න.
විනාඩි තුනක පමණ කාලයක් මෘදුව සම්බාහනය කිරීමෙන් පසුව මඳ උණුසුම් වතුරෙන් සෝදාහරින්න.
💐(9) Sun cream එකක් භාවිත කරන්න.
වයසට යාම සහ හිරුඑළියෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා සෑම දිෙනකම එළියට යාමේදී සහ නිෙවසේ රැඳී සිටියදී පවා Sun cream එකක් භාවිත කිරීමට අමතක නොකරන්න.
සෑම දිනකම එස්.පී.එෆ් (SPF) 30 හෝ ඊට වැඩි අගයක් ඇති Sun cream එකක් භාවිත කිරීමට මතකයේ තබා ගන්න.
Sun cream එකක් භාවිත කිරීමෙන් ඔබේ මුහුණේ ඇති වී ඇති Hyperpigmentation සහ Dark spots, Age spots වැනි ලප කැළැල් ඉවත්කර ගැනීමට බොහෝ උදවු වන බවද අමතක නොකරන්න.
💐(10 ) පිටි සහිත සහ (සීනි අඩංගු) පැණි රස ආහාරයට ගැනීමෙන් වළකින්න.
මෙම ආහාර ගැනීමෙන් ඔබ වයසට යාම ඉක්මන් කරන අතර තරබාරුව වැඩි දියුණු කරයි.
* ⭕️ස්වාභාවික බ්ලීචිං අඩංගු පැක් එකක්⭕️
*ස්වාභාවිකව සුදු වන්න පුළුවන් සත්කාරයක් (natural bleaching pack)එකක්✅
අතුරු ආබාධ නැතුව සුදු වෙන්න ඕනෙ නම් අනිවාර්යයෙන්ම මේ පැක් එක අාලේප කරන්න.
මේ පැක් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා,
✅තම්බපු අල ගෙඩියක්
✅යෝගට් 1/2ක්
✅කඩල පිටි තේ හැඳි 02ක්
✅කහ කුඩු ස්වල්පයක්
✅ලෙමන් යුෂ බිංදු කිහිපයක්
👉කුරුලෑ සහිත තෙල් සමකට මුං ඇට පිටි එකතු කරගන්න.
⭕️සාදන ආකාරය –
අල, යෝගට් කෝප්ප භාගයක්, කඩල පිටි තේ හැඳි දෙකක්, කහ කුඩු පොඩි ප්‍රමාණයක් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ක්‍රීම් එකක් වෙනකම් ඊට පස්සේ මේ ටික එකට දමා ලෙමන් යුෂ එකතුකර හොඳින් කලවම් කරගන්න.
දැන් අපි මේ ක්‍රීම් එක හදලා ඉවරයි. දැන් ඔයා ඔයාගේ මුහුණ හොඳට පිරිසුදු කරලා මුහුණේ මේ ක්‍රීම් එක හොඳට ගාන්න පැක් එකක් විදිහට.
ඔයාගේ මූණේ black heads white heads (කළු ලප) තියෙනවා නම් ඒවා ඔක්කොම ඉවත් වෙනවා. බ්ලීචිං ක්‍රීම් ආලේප කර ඔයාගේ මූණ විනාශ වෙලා නම් අනිවාර්යයෙන්ම මේ පැක් එක ගාලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. මේක මුළු ඇඟටම වුණත් ගාන්න පුළුවන්. හැබැයි ඔයා පාවිච්චි කරන්න ඕනෙ සතියට එක දවසයි.
මේ පැක් එක ගාලා පැය භාගයක් විතර යනකොට පැක් එක වේළෙනවා. ඉන්පසුව ඔයාට පුළුවන් සාමාන්‍ය වතුරෙන් වගේ මූණ හෝදලා toner එකක් පාවිච්චි කරන්න. toner එකක් විදිහට අයිස් වතුර, රෝස් වතුර වගේ දේවල් පාවිච්චි කරන්න. පොල් වතුර වුණත් හොඳ ස්වාභාවික toner එකක්.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
කුමාරි දිසානායක
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර