Monday, September 1, 2025
Epaper
Home Highlightsමේ දිනවල ප්‍රසිද්ධ ගඩුගු ඩා

මේ දිනවල ප්‍රසිද්ධ ගඩුගු ඩා

by Thanushika

මේ දිනවල ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන පලතුරක් වශයෙන් ගඩුගු ඩා හැඳින්විය හැකිය. රඹුටන්,මැංගු ස් හා දූරියන් වැනි පලතුරු බොහෝ සෙයින් ගස්වල පලදරන මේ කාල සීමාව තුළදී ගඩුගු ඩාත් නිරන්තරයෙන්ම අපට දක්නට ලැබේ. මලයාසියාවට හා ඉන්දුනීසියාවට ආවේණික භෝගයක් වශයෙන් ගඩුගු ඩා හැඳින්විය හැකිය.

ලංකාවට මෙම ශාකය මැලේසියාව විසින් හඳුන්වා දී ඇති අතර අප රටේ ද වසර තිහක් හෝ පනහක් පමණ පැරැණි හා හඳුනා නොගත් ගඩුගුඩා ශාකද දක්නට ලැබේ.මන්දයත් ශ්‍රී ලංකාවේ පුරාතන කාලයේ සිටම වගා කරන ලද බවට මෙන්ම විශේෂයෙන්ම ගම්මාන ආශ්‍රිතව සිටින ගැමි ජනයා විසින් ගඩුගුඩා වගා කර ඇති බවට එම පැරැණි ගඩුගුඩා ශාකවලින් හඳුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ මධ්‍යම හා දකුණු පළාත් හි බහුලවම ගඩුගුඩා දැකගැනීමට හැකිවන අතර විශේෂයෙන්ම ගඩුගුඩා වගාකරුවන් අතර මෙම පලතුර ඉතා ජනප්‍රිය වන්නේ එය ඉතා රසවත් හා පෝෂණයෙන් පරිපූර්ණ පලතුරක් වීම නිසාවෙනි. එම නිසාම කුඩා දරුවන් හා වැඩිහිටියන් අතර ද ඉතාමත් ජනප්‍රිය පලතුරක් ලෙස ගඩුගුඩා විශේෂ වේ.

ගඩුගුඩා ප්‍රචාරණය වන්නේ බීජ පැළ මගිනි. මහා පරිමාණයෙන් හා වාණිජ වශයෙන් වගා නොකළ ද වර්තමානයේ ගඩුගුඩා පලතුර සඳහා වෙළඳපොළෙහි ඉතාමත් ඉහළ ඉල්ලුමක් ඇත. එබැවින් ආර්ථිකමය වශයෙන් ද ඉහළ වටිනාකමක් ලද පලතුරක් වශයෙන් ගඩුගුඩා වැදගත් පලතුරකි.

එනමුත් අස්වැන්න නිසි‍ ෙලස නෙළා නොගැනීමත්, ලේනුන් හා දඬුලේනන් වැනි සතුන්ගෙන් අස්වැන්නට සිදුවන හානිය ප්‍රබල බැවින් ගොවීන් විසින් ගඩුගුඩා ආර්ථිකමය භෝගයක් වශයෙන් සැලකිල්ලට ගෙන නොමැත.එමෙන්ම මෙම භෝගය තවදුරටත් දියුණු කිරීමටත්, සංවර්ධනය කිරීමටත් හෝ අස්වැන්න නිසිලෙස ප්‍රයෝජනය ගැනීමටත් දේශීය වශයෙන් දායකත්වයක් තවමත් ලැබී නැත. ගඩුගුඩා ශ්‍රී ලංකාවේ තෙත් කලාපවල බොහෝ සෙයින් වගා කළ හැකිය. ගම්පහ, කොළඹ, රත්නපුර ,කෑගල්ල ආදී දිස්ත්‍රික්කවල බහුලවම ගඩුගුඩා ශාකය දක්නට ලැබේ. ජලය හොඳින් බැස යන ගංගා, ඇළ දොළ ආශ්‍රිතව ද ගඩුගුඩා වැඩීමට බොහෝ සෙයින් හිතකර වෙයි.

ගඩුගුඩා පලතුරෙහි පෝෂණය පිළිබඳව හඳුන්වාදීමේ දී පොටෑසියම් බහුල පලතුරක් ලෙස මෙන්ම විටමින් සී, කැල්සියම්, පොස්පරස් ආදී පෝෂණ ගුණාංගවලින් යුත් ගඩුගුඩා ඉතාමත්ම රසවත් පලතුරකි. එමෙන්ම ආහාර ජීරණය පහසු කරන අතර, ශරීරයට ජලාවශෝෂණය ලබා දෙන පලතුරක් ලෙසත් ගඩුගුඩා වැදගත් වේ. එනමුත් දියවැඩියා රෝගීන් සඳහා අවදානමක් මෙම පලතුරෙහි ඇත. ඒ මන්දයත් සීනි ප්‍රමාණය ගඩුගුඩා හි ඉහළ බැවිනි. ගඩුගුඩාහි පවත්නා විශේෂත්වය පිළිබඳව තවදුරටත් සඳහන් කිරීමේදී රසායනික පොහොර නොයොදා වැඩෙන ශාකයක් බැවින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ගුණදායක පලතුරක් ලෙසද ගඩුගුඩා විශේෂ වේ. එමෙන්ම ගඩුගුඩා මල් හා පත්‍ර ද ගුණාත්මක ඖෂධයක් ලෙසත් භාවිත කරනු ලබයි. තවද ජෑම්, අච්චාරු, චට්නි හා වයින් ආදී ආහාරයන් ද ගඩුගුඩා මගින් නිෂ්පාදනය කළ හැකිය.

********

ගඩුගුඩා ලෙලි හින්දුම

ගඩගුඩා ගෙඩි හොදින් සෝදා පොතු ඉවත් කර භාජනයක් ගෙන එම භාජනයට වතුර දමා ලුණු ඉස ගඩුගුඩා පොතු එම භාජනයට දමා ගන්න. ඉන්පසු මද වේලාවක් එම භාජනය වසා තබන්න. ලුණු වතුරේ දමා ගත් ගඩුගුඩා පොතු වෙනත් භාජනයකට වෙන්කොට ගෙන එයට මිිරිස් කුඩු, ලුණුකුඩු, තුනපහ, රට ලුණු, කරපිංචා, තක්කාලි, සුදුලුණු හා කුරුදු ආදිය දමා හොඳින් අතාගන්න. ඉන්පසු එයට දියකිරි දමා අතින් මිශ්‍ර කර ලිප තබන්න. කිරි හිදෙන තෙක් ලිප තබා ඉන්පසු මිටිකිරි දමන්න. හොද්ද පැසුණු පසු හැලිය ලිපෙන් බා ඉන්පසු වෙනත් හැලියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් ද දමා ූඋළුහාල්, කරපිංචා, වියළි මිරිස්, රට ලුණු හා කිතුල් හකුරු ද දමා මඳ වේලාවක් හොඳින් මිශ්‍ර කරගන්න. පසුප සකසාගත් ගඩුගුඩා පොතු එයටම එක්කොට මඳ වේලාවක් ලිප තබා බාගන්න. දැන් ඔබට ගඩුගුඩා ලෙලි හින්දුම ආහාරයට එක්කර ගත හැකිය.

********
ගඩුගුඩා චට්නි

පළමුව ගඩුගු ඩා ගෙඩි හොඳින් සෝදා ගන්න. පසුව භාජනයක් ගෙන එයට වතුර දමා ලුණු ස්වල්පයක් ඉසින්න. ගඩුගුඩා ගෙඩිවල පොතුහැර එම පොතු භාජනයට දමා වසා පසෙක තබාගන්න.

ඉන්පසු ගඩුගුඩා ගෙඩිවල මදය හෙවත් ගඩුගුඩා බික් වෙනත් භාජනයකට දමා ගන්න. පසුව වෙනත් හැළියක් ගෙන එයට සීනි, ලුණු, සුදුලුනු දමා සීනි ටික හොඳින් උණුවන තෙක් ළිපේ තබා ගන්න. සීනි උණු වූ පසු වතුර ස්වල්පයක් දමා ගන්න ඉන්පසු වෙන්කරගත් ගඩුගුඩා මඳ එම හැළියටම දමා එක් කරගෙන හොඳින් පැහෙන විට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු දමා හොඳින් මිශ්‍ර කර මඳ වේලාවකින් ළිපෙන් බා ගන්න. උණුගතිය අඩු වූ පසු වතුර නොමැති වීදුරු බෝතලයකට හෝ දමා ඔබේ ආහාර වේල සඳහා ගඩුගුඩා චට්නි එක්කර ගන්න.

********
ගඩුගුඩා අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය වනුයේ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, හා සීනි. ගඩුගුඩා ගෙඩි හොඳින් සෝදා පොතුහැර මදය හෙවත් බික් වෙන්කොට ගෙන එයට ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා සීනි එක්කොට හොඳින් කලවම් කරගන්න. මෙහිදි ඔබට අවශ්‍ය තරමට, රස අනුව මිරිස්, ලුණු, සීනි ආදිය එක්කරගත හැකිය. කුඩා දරුවන් හට ඉතාමත් රසවත් ආහාරයක් වශයෙන් ගඩුගු ඩා අච්චාරු ලබාදිය හැකිය.

මේ දිනවල බොහෝ සෙයින් ගඩුගුඩා වෙළෙඳපොළෙහි දක්නට ලැබේ. එම නිසා දරුවන් වෙනුවෙන් ගුණදායක ආහාරයක් ලෙස මෙවැනි නව අාහාර වට්ටෝරු ලබාදීම මඟින් ඔවුන්ගේ ආහාර රුචිය වැඩිවන අතරම දරුවන්ගේ පෝෂණය ද වර්ධනය වනු අැත. එපමණක් නොවේ අපගේ දේශීය ආහාර සංස්කෘතියේ පවතින විශේෂතාවන් ද මෙමඟින් පෙන්නුම් කරන බැවින් ගඩුගුඩා පලතුර ඉතා වැදගත් පලතුරක් වන බවද අප මතක තබාගත යුතුවේ.

සඳලි සත්සරණි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?