Tuesday, September 9, 2025
Epaper
Home Highlightsආදරණීය බැඳීමකට රෝස මල් මුද්දක්

ආදරණීය බැඳීමකට රෝස මල් මුද්දක්

by Thanushika

අලුත් නිර්මාණ පසුපස හඹා යන, නව නිර්මාණවලට ප්‍රමුඛස්ථානය හිමිවන යුගයකයි අපි මේ සිටින්නේ. එවැනි නිර්මාණ කලාවක් ගැනයි මෙවර තරුණී නුගසෙවණ සුසංයෝගය දිගහැරෙනුයේ, පොලිිමර් ක්ලේ (Polymer Clay) මඟින් රෝසමල් මුද්දක් මෙලෙස නිර්මාණය කර ගනිමු. ඔබට මෙමඟින් ජුවෙලරි සෙට්, ලස්සන මග්, කණ්ණාඩි නිර්මාණය කරගත හැකිය.

පොලිමර් ක්ලේ යනු ආකෘති මැටි වර්ගයකි. වර්තමානයේ විවිධ නිර්මාණ සඳහා මෙම ක්ලේ වර්ගය භාවිත කරයි. ඒ අතරින් ප්‍රධාන වශයෙන් ආභරණ සෑදීම සඳහා මෙය භාවිතයට ගනී. මෙම ක්ලේ වර්ගය හොඳින් පදම් කර ගැනීමෙන් පසුව අපට ඉතා සියුම් ලෙස විවිධ ආභරණ සෑදිය හැකිය.

🔴සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය

* අවන් බේක් පොලිමර් ක්ලේ කැමති වර්ණයකින්(Oven bake Polymer Clay)

* රිංග් බේස් ⁠(Ring base)එකක්

* ⁠බ්ලේඩ් එකක් හෝ මුවහත් තලයක්

* ⁠සුපර් ග්ලු(Super glue)එකක්

* අවන්⁠ එකක් (oven)

🔴නිර්මාණය සාදනය ආකාරය

01. ක්ලේ ටික හොඳින් පදම් කරගන්න. ඉන්පසුව සමාන බෝල 11ක් හදාගන්න.

02. ඉන්පසුව රූපයේ දක්වා ඇති ආකාරයට ක්ලේවලින් සාදාගත් එක බෝලයක් පොහොට්ටුවක ආකාරයට සකසා ගන්න.

03. සකසාගත් ඉතුරු ක්ලේ බෝල ටික රූපයේ තිබෙන පරිදි මල් පෙත්තක හැඩයට තුනී කරගන්න.

04. ඉන්පසුව රූපයේ තිබෙන පරිදි කලින් සාදාගත් පොහොට්ටුවට මල් පෙති එකින් එක අලවා ගන්න.

05. අප සාදාගත් සියලුම මල් පෙති ටික රූපවලින් පෙන්වා ඇති පරිදි පිළිවෙළට අලවා ගත්විට අලංකාරවත් රෝස මලක් නිර්මාණය වේ.

06. ඉන්පසුව රූපයේ දක්වා ඇති පරිදි වැඩි ක්ලේ කොටස තියුණු තලයක් ආධාරයෙන් මලට හානියක් නොවන ලෙස කපා වෙන්කර ගන්න.

07. ඉන්පසුව අවන් එකේ දමා සෙල්සියස් අංශක 135 උෂ්ණත්වයට විනාඩි 30ක් බේක් කරගන්න.(මෙම වේලාව ඔබගේ අවන් එක අනුව වෙනස් විය හැකිය.)

08. අවශ්‍ය නම් අප සාදාගත් රෝස මල තවත් අලංකාර කර ගැනීමට ක්ලේවලින්ම පත්‍ර සාදා එක් කරගත හැකිය .(රූපයේ දක්වා ඇති පරිදි)

09. ඉන්පසුව රෝස මල රිංග් බේස්(Ring Base)එකට තබා සුපර් ග්ලූ (Super Glue) යොදා අලවා ගත හැකිය.

10. දැන් ඔබ අලංකාර රෝසමල් මුද්දක් සාදා අවසන්ය.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?