Tuesday, September 9, 2025
Epaper
Home Beautyමේවා ගෑවා කියලා හානියක් වෙන්නෙ නැහැ
BEAUTY TIPS

මේවා ගෑවා කියලා හානියක් වෙන්නෙ නැහැ

by Thanushika

අද කාලේ ලස්සන වෙනවා කිවුවොත් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන තරමට තමන්ගේ රූපය ගැන ගොඩාක් හිතනවා. විශේෂයෙන්ම ඉතින් ගෑනු ළමයි. මේ සඳහා අනවශ්‍ය විදිහට වියදම් කරනවා. දකින දකින දේවල් කරනවා. වෙළෙඳපොළට එන හැම නිෂ්පාදනයක්ම මිලදී ගන්න යොමු වෙනවා. තරුණී අපිත් එක්ක එකතුවෙලා වියදමක් නැතුවම හැම රූපලාවණ්‍ය සත්කාරයක්ම කර ගන්න ඔයා කැමතිද? එමඟින්,

* සම පැහැපත් කරයි.

* glass skin එකක් ලබා දෙයි.

* කුරුලෑ සුව කරයි.

* ලප කැළැල්වලින් තොර පැහැපත් පැහැදිලි සමක් ලබාදෙයි.

* සම දීප්තිමත් කරයි.

* රැලි වැටීම, එල්ලා වැටීම වැනි වයස්ගත ලක්ෂණ පාලනය කරයි.

* සමට තෙතමනය ලබා දෙයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

ඕනෑම සහල් වර්ගයකින් කෝප්පයක්

කෝමාරිකා මේස හැඳි 03ක්

සුදු පොල්තෙල් මේස හැඳි 03ක්

සාදන ආකාරය

සහල් කිහිපවරක් හොඳින් සෝදාගන්න.

සෝදාගත් සහල්වලට වතුර අඬු කෝප්ප භාගයක් එකතුකර සහල් හොඳින් පෙඟීමට පැය 24ක් තබන්න.

පැය 24කින් පසුව අර වතුරත් සමඟම හාල් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පෙරාගන්න.

ඉන්පසු පෙරාගත් මිශ්‍රණය මඳ වේලාවක් නිශ්චලව තබන්න. (වතුර සහ සහල් පේස්ට් එක වෙන්වීම සඳහා)

වතුර පරිස්සමට පෙරා ඉවත්කර උකු සහල් පේස්ට් (දියරමය ස්වභාවයක් තියෙනවා නම් පදම හරි) එකෙන් මේස හැඳි 03ක් තම්බා පිරිසුදු කරගත් වීදුරු භාජනයට දමන්න.

එයට පිළිවෙළින් කෝමාරිකා මදය මේස හැඳි 03ක් සහ පොල්තෙල් මේස හැඳි 03ක් එකතු කර smooth creamy paste එකක් හැදෙනකම් හැන්දකින් කලවම් කරන්න.

මුහුණේ පැහැය බෙල්ලටත්

බොහෝ කාන්තාවන්ට මුහුණේ අනවශ්‍ය රෝම වැවෙන එක හරිම කරදරයක්. දැනට Bleaching, Threading, Electrolysis සහ Laser hair removal ඇසුරින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සිදු කෙරෙනවා. නමුත් මෙම ක්‍රම මඟින් රෝම ඉවත් කිරීම සිදු වන්නේ කෘත්‍රිමව නිසා මුහුණට විවිධ හානි සිදු වන්නට පුළුවන්. ඒනිසා ස්වාභාවික ද්‍රව්‍ය ඇසුරින් ස්වාභාවිකවම අනවශ්‍ය රෝම වැවීම පාලනය කිරීමෙන් ඔබේ මුහුණේ සම ලස්සනට තබාගත හැකි වේවි.

කහ සහ යෝගට්

කහ අතීතයේ පටන්ම කාන්තාවන් රුව වැඩීම සඳහා භාවිත කළ ඔසුවක්. ඔබේ මුහුණේ අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීමට වියළි කහ කුඩුකර යෝගට් සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කළ හැකියි. මෙමඟින් මුහුණේ රෝම වැවීමේ වේගය අඩු කරන අතර එක දිගටම කලක් භාවිතකර මුහුණ මත අනවශ්‍ය රෝම වැවීම සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකිවේ. ඒ වගේම මුහුණ පැහැපත් කර ගැනීමටත් හැකියි.

කඩල පිටි

කඩල පිටි සමඟ වියළි කහ හා දෙහි යුෂ අවශ්‍ය පමණට ගෙන මිශ්‍ර කර මුහුණ මත ආලේප කර එය වියළුණාට පසු උණුසුම් ජලයේ පොඟවා ගත් තුවායක් භාවිත කර රවුමට මුහුණ පිරිමදිමින් ඉවත්කර ගන්න. කඩල පිටි මඟින් ඔබේ මුහුණ පැහැපත් වීමත් සිදු වෙනවා.

බිත්තර

බිත්තර සුදු මද සමඟ සීනි හා ඉරිඟු පිටි අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍රකර මුහුණේ ආලේපකර හොඳින් වියළුණු පසු මඳ උණුසුම් තෙත තුවායක් මඟින් හෝ තෙත් කරගත් ඇඟිලි තුඩුවලින් ආලේපනය ඉවත්කර ගන්න. මෙම මිශ්‍රණය මුහුණ මත පැක් එකක් ලෙස ක්‍රියා කරන අතර මුහුණේ සම ඉතාමත් හොඳින් පවිත්‍ර කරනවා.

ඔබ තවදුරටත් ශරීරයට අහිතකර, රිදුම්දෙන, වියදම් අධික කෘත්‍රිමව සත්කාර ක්‍රමවලට යොමු නොවී සෞඛ්‍යාරක්ෂිත මෙවැනි ක්‍රම යොදා ගැනීම වැදගත් නොවේද?

ඔබ මේ රූපලාවණ්‍ය උපක්‍රම කරන ගමන් ඔබේ ආගමට දහමට අනුව ජීවත් වෙන්න. එයින් ලැබෙන ලස්සන කිසිදා මිලින නොවේ.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

තුසිත බෝපගේ (මොඩර්න් බියුටි සැලෝන් – ගාල්ල

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?