Monday, September 15, 2025
Epaper
Home Highlightsගෙතුම් කලාවෙන් ලස්සන බ්ලවුස්

ගෙතුම් කලාවෙන් ලස්සන බ්ලවුස්

by Thanushika

අපි අද තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් කතා කරන්නේ Crochet Lace Blouse එකක් ගොතා ගන්න පහසුම ක්‍රමය ගැනයි.

මෙහි රටාව තියෙන්නෙ මලක හැඩයක්.

ඒ මල් පේළි හයක් ගෙතූ පසුවයි මලේ හැඩේ එන්නේ. ඒක නිසා අපි පේළි හයක් ගෙතුවට පස්සේ මල් පේළියක් හැදෙනවා. අපි දැන් බලමු ඒක ගොතන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම අපි කොටස් දෙකක් හදාගන්න ඕනේ. පිටුපස කොටසයි, ඉදිරිපස කොටසයි කියලා. ඊට පස්සේ වෙනමම තමයි අපි අත කොටස හදාගන්නේ. අත කොටසටත් අපි කොටස් දෙකක් හදාගන්න ඕනේ.

මිනුම් ලබාගන්නා ආකාරය

1. ඉණවට මැනගන්න. (අඟල් 19ක්)

2. ඉණ ගාව ඉඳන් උරහිසට උස මැන ගන්න. (අඟල් 12ක්)

3. අත්වට මැන ගන්න. (අඟල් 16ක්)

4. උරහිසේ සිට අතේ මැණික්කටුව ගාවට එනකම් දිග මැන ගන්න. (අඟල් 20ක්)

දැන් අපි මුලින්ම පපුව කොටස සහ පිටුපස කොටස ගොතා ගනිමු.


01 වැනි පේළිය

දම්වැල් 121ක් දාගන්න.

හතරවැනි චේන් එකට දෙපොට පිරවිලි එකයි දම්වැල් පහක් දාන්න.

දම්වැල් පහක් අතාරින්න.

ඊළඟ දම්වැල් තුනට තනිපොට පිරවිලි එක බැගින් දාලා අන්තිම සිංගල් ක්‍රෝෂයකට චේන් පහක් දාන්න.

නැවතත් චේන් පහක් අතාරින්න.

ඊළඟ චේන් හතරට දෙපට පිරවිලි එක බැගින් දාලා අවසාන ඩබල් කෝෂයකට අයිති චේන් එකට චේන් පහක් දාන්න.

ඊළඟ චේන්වලට තනිපොට පිරවිලි එක බැගින් දාලා අන්තිම සිංගල් ක්‍රොෂ් එකට චේන් පහක් ගන්න.

මේ රටාවට දිගටම කරගෙන යන්න.

අවසානයේදී ඉතුරු වෙන චේන් දෙකට දෙපොට පිරවිලි එක බැගින් දාන්න.

02 වැනි පේළිය

දම්වැල් තුනක් දාලා අනිත් පැත්තට හරවන්න.

ඊළඟ දම්වැලට ඩබල් ක්‍රෝෂේ එකක් දාන්න. ඊළඟට පහෙන් පහේ හිස්තැනට එකට දෙපට පිරවිලි තුනයි, චේන් හතරයි දාන්න.

ඊළඟ තනිපොට පිරවිලි තුන තියෙන තැනක් මැද තියෙන තනිපට පිරවිල්ලට තනිපොට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟට චේන් පහේ හිඩසට එකට දෙපට පිරවිලි තුනක් දාන්න.

ඊළඟ චේන් එකට දෙපොට පිරවිලි එකයි, චේන් තුනයි තුනයි දාන්න.

ඊළඟ චේන් දෙක අතාරිනවා.

තුන්වැනි චේන් එකට ඩබල් කුසේ එකක් දාන්න.

ඊට පස්සේ චේන් හතර හිස්තැනට දෙපොට පිරවිලි තුනයි චේන් හතරයි දාන්න.

මේ රටාවට දිගටම කරගෙන යන්න.

අවසානයේදීත් පහේ හිස්තැනට එකට දෙපට පිරවිලි තුනයි

ඊළඟ චේන් එකට දෙපොට පිරවිලි එකයි. ඊළඟට චේන් තුනේ තුන්වැනි චේන් එකට දෙපොට පිරවිලි එකයි.

03 වැනි පේළිය

චේන් තුනක් දමා අනිත් පැත්ත හරවන්න.

ඊට පස්සේ එතැනටම තනිපට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟ චේන් තුන අතාරින්න.

ඊළඟ චේන් එකට දෙපොට පිරවිලි එකයි.

ඊළඟ චේන් හතරේ හිස්තැනට දෙපොට පිරවිලි තුනයි චේන් දෙකයි දාන්න.

ඊළඟ චේන් හතරේ ස්පේස් එකට දෙපොට පිරවිලිි තුනක් දාන්න.

ඊළඟ චේන් එකට දෙපොට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟ දෙපට පිරවිලි තුන අතාරින්න.

ඊළඟ චේන් තුනේ ස්පේස් එකට තනිපට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟට දෙපොට පිරවිලි තුනෙන් අතාරින්න. හතරවැනි දෙපොට පිරවිල්ලට දෙපොට පිරවිලි එකක් දාන්න.

ඊළඟ චේන් හතරේ ස්පේස් එකට දෙපොට පිරවිලි තුනයි චේන් දෙකයි දාන්න.

ඊළඟ චේන් හතරේ ස්පේස් එකට දෙපොට පිරවිලි තුනක් දාන්න.

ඊළඟ චේන් එකට දෙපොට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟ දෙපොට පිරවිලි තුන අතාරින්න.

ඊළඟ චේන් තුනේ හිස්තැනට එකට තනිපට පිරවිලි එකයි චේන් හතරයි දාන්න.

ඊළඟට දෙපොට පිරවිලි තුනක් අතහැර හතරවැනි දෙපොට පිරවිල්ලට දෙපොට පිරවිලි එකක් දාන්න.

ඊළඟට චේන් හතරේ ඉඩට දෙපොට පිරවිලි තුනයි චේන් දෙකයි දාන්න.

මේ රටාවට දිගටම කරගෙන යන්න.

මේ පේළිය අවසානයේදී චේන් හතර දාලා අන්තිම චේන් තුනේ තුන්වැනි චේන් එකට තනිපොට පිරවිලි එකක් විතරක් දාන්න.

04 වැනි පේළිය

01 වැනි පේළියේ රටාවට කරන්න.

05 වැනි පේළිය

02 වැනි පේළියේ රටාවට කරන්න.

06 වැනි පේළිය

03 වැනි පේළියේ රටාවට කරන්න.

මේ වගේ පේළි හයක් ඉවර වුණාට පස්සේ සම්පූර්ණ මල් පේළියක් හැදෙනවා.

මේ වගේ පේළි 36ක් කරන්න.

37 වැනි පේළිය පළමුවැනි රටාවෙන් අවසන් විය යුතුයි.

38 වැනි පේළිය

චේන් එකක් දමා අනිත් පැත්ත හරවන්න.

ඊළඟ චේන් එකට තනිපොට පිරවිලි එකක් දාන්න.

ඊළඟ චේන් පහේම ඉඩට තනිපොට පිරවිලි පහක් දාන්න.

ඊළඟ චේන් තුනට තනිපොට පිරවිලි එක බැගින් දාන්න.

මේ විදිහට සියලුම ඒවාට තනිපොට පිරවිලි එක බැගින් දාන්න.

අත කොටස සාදා ගැනීම

අත්වට දිග අඟල් 16යි.

චේන් 104ක් දාන්න.

ඉහත කියා දුන් රටාවටම පේළි 61ක් කරගන්න.

මෙම කොටස සාදා ගැනීමේදීත් පෙර පරිදිම පේළි හයක් අවසන් වූ පසු එක මල් පේළියක් සෑදේ.

මේ වගේ අත කොටස සඳහා අඟල් 16ක් දිග අඟල් 20ක් උස කොටස් දෙකක් සාදා ගන්න.

බ්ලවුස් එක සම්පූර්ණ කිරීම

මුලින්ම ගොතා ගත් අඟල් 19ක් පළල අඟල් 12ක් උස කොටස් දෙක එක මත තබා දෙපැත්තෙන්ම අඟල් 05 බැගින් ලකුණු කර තනිපොට පිරවිලිවලින් ගොතා ගන්න.

පසුව කොටස් දෙක දිගහරින්න.

පසුව අත සඳහා ගොතාගත් කොටසක් අරගෙන දෙකට නමා මැදින් ලකුණු කරගන්න.

පසුව ලකුණු කරගත් මැදින් කළින් ගොතාගත් උරහිස කොටස සම්බන්ධකර කටුවක් ගසා ගන්න.

පසුව අත කොටසක් තනිපට පිරවිල්ලෙන් සම්බන්ධ කර ගොතා ගන්න.

මේ විදිහට අනිත් අතත් සාදාගන්න.

රූපයේ කඩඉරිවලින් පෙන්වා ඇත්තේ තනිපොට පිරවිලි දමා ගැනීමෙන් ගොතා ගත් ස්ථානයි.

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

ලක්මිණි අනුෂිකා ප්‍රේමරත්න

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?