රූපය යනු සරල දැක්මකට වඩා ඉතා ගැඹුරු අාධ්‍යාත්මික දැකීමකි. බොහෝ විට රූපය යන්නෙන් අදහස් කරන්නේ පිටතින් දකින ලස්සන පමණක් වන අතර එය රූපලාවණ්‍යයට පමණක් සීමා වී තිබේ. නමුත් සැබෑ වශයෙන් සුන්දරත්වය යනු අභ්‍යන්තර හා බාහිර ගුණාංගවල එකතුවකි. එය අලංකාර පුෂ්පයක ඇති සුවඳ මෙන් අපගේ ඇසට නොපෙනෙයි. නමුත් එහි සුවඳ අපට ආඝ්‍රාණය කිරීමට හැකියාව ඇත. ඔබගේ හදවතේ වූ ගුණාංග අපගේ ජීවිතය අර්ථවත් කරයි. එසේම ඔබගේ බාහිර රූපය ද අලංකාර කරයි. මෙම ගැඹුරු පරිකල්පනය බුදු දහමේ වඩාත් හොඳින් විග්‍රහ කර පෙන්වයි. බුදු දහමේ පෙන්වා දෙන ආකාරයට අාධ්‍යාත්මික වර්ධනය තුළ මිනිසාගේ සිත සුව සහනය ළඟා වන බව මැනවින් විග්‍රහ කරනු ලබයි. ඒ තුළින් තමුන්ගේ බාහිර රූපය නිරායාසයෙන්ම පැහැපත් වෙයි.
මිනිසාගේ රූපය යනු පුද්ගල හැසිරීම, කථනය, විභවය, විලාසිතාව, හැඟීම් හා චේතනාත්මක ස්වභාවය එක්කර ඇති සංකීර්ණ ප්‍රකාශයකි. රූපය යනු එකිනෙකාට පෙනෙන ආකාරය පමණක් නොව අභ්‍යන්තර ගුණාංග ද ඒ සඳහා බලපාන සාධක වේ. එබැවින් රූපය රැකීම යනු රූපලාවණ්‍යය පමණක්ම නෙවෙයි, ශරීර අභ්‍යන්තරය තුළින් මතුවෙන ආධ්‍යාත්මික ගුණ සමඟ ආලෝකවත් වේ.
රූපය සුරැකීමට ගැඹුරු අර්ථකථනයක්
වර්තමාන සමාජය රූපය පිළිබඳ බොහෝ විට බාහිර ආකාරය පමණක් වටහා ගනී. සුන්දරත්වය දැක්මකට පමණක් සීමා වී තිබේ. සමාජයක, අභ්‍යන්තර ගුණයන් පිළිබඳ අවධානය අඩුවෙයි. නමුත් සදාකාලිකව රූපය සුරැකිය හැක්කේ ගැඹුරු චරිතයකින් හා මනා හැසිරීමකින්ය. සුන්දර රූපයක් යනු භාහිරට පෙනෙන සාමාන්‍ය ජීවිතයේ ගති ලක්ෂණවලින් බිඳී එන සෞන්දර්යයකි.
රූපය රැක ගැනීමට අවශ්‍ය මූලික කරුණු
පිරිසුදුකම සහ ශරීර සුරක්ෂිතාව
ශරීරයේ පිරිසුදුකම හා සුරක්ෂිතතාවය (Hygiene & Physical Wellbeing)කෙරෙහි බලපාන සාධක කිහිපයකි.
ජල පරිභෝජනය
ප්‍රමාණවත් ජලය පානය ශරීරයේ ක්‍රියාකාරකම් රාශියක් අඩාල කරයි.පෝෂණය සහ ආහාර හැසිරීම, පරිපූර්ණ ආහාර නොලැබීම නිසා රෝග රාශියකට හේතු වේ. හොඳින් නිදා ගැනීමට නැතිවීම ශරීරය ප්‍රබෝධවත් වීමට බාධා කරයි. එසේම පුහුණු හා ශාරීරික ව්‍යායාම අඩුවීම. ව්‍යායාමයකින් වළකින්නේ ශරීරයේ ශක්තිමත්භාවය අඩු කිරීමයි.
ආහාරය, ජලය, නිවෙස ආදී බාහිර සාධක ද පිරිසුදුකම ශරීර සනීපාරක්ෂාවට බලපායි.
සන්සුන් හැසිරීම
සදාචාරය, උද්‍යොගිමත් හැසිරීම යන සියල්ල ආකර්ෂණීය රූපයකට මූලික වේ. එය බාහිර සුන්දරත්වය රැක ගැනීමට ප්‍රධාන ලෙස බලපාන සාධකයකි.
සරල බව, ආදරය, අනෙක් පුද්ගලයාට ගරු කිරීම හා ගෞරවාන්විත ලෙස කථා කිරීමෙන් ඔබ පිළිබඳ ආකර්ෂණීය ප්‍රතිරූපයක් නිර්මාණය වෙයි.
මනෝභාව හා විවේචනාත්මක සිතිවිලි
සාර්ථක මනෝභාවයක් පවතින පුද්ගලයෙකුට රූප ස්වභාවය එතරම් වැදගත් නොවෙයි. ඔහුගේ,ඇයගේ වයසට නොයන හැඟීම් හා ගුණදහම් එම පුද්ගලයාගේ ශරීර අභ්‍යන්තරය තුළට පැතිරෙයි.
පෝෂ්‍යදායී ආහාර සහ විවේකය
ශරීරයට සත්කාර කිරීමත්, ව්‍යායාම, නිදා ගැනීම සමබල ආහාර පුරුදුවලට අනුගත වීමත් දිගුකල් පවතින තාරුණ්‍යයේ පෙනුම රැක ගැනීමට උපකාරී වේ.
මනස තුළ සන්සුන් සිතුවිලි
මනස සන්සුන් වූ තරමටම අපගේ ජීවිතය ද අලංකාරවත් වෙයි. මනස ගැටලුවලින් පුරවා ගනිමින් සංකීර්ණ ජීවිතයක් ගත කිරීම අපගේ වයස ඉතා ඉක්මනින් අඩු කරයි. මනස සැමවිටම සැහැල්ලුවෙන් තබා ගැනීම, අනිත් පුද්ගලයා පිළිබඳව අනුකම්පාව,තමාට උපකාර කරන අයට කෘතඥතාව රැඳවීම ජීවිතයක් සුන්දර කිරීමට බලපාන සාධක කිහිපයකි.
රුව රැක ගැනීමට ඔසුවක්
රූපය යනු පෞද්ගලිකත්වය, අන් අය සමඟ හැසිරෙන ආකාරය, ජීවිතය පදනම් කරන අගයන් සියල්ල එකට ගැළපෙන සංකල්පයකි. නමුත් අභ්‍යන්තරයෙන් ඉහළ ගුණාංග ඇති පුද්ගලයකු සදාකාලිකවම ආකර්ෂණීය වේ.
ඔබගේ රූපය සුරැකීම යනු ඔබගේ ආත්මීය වටිනාකම් සුරැකීමයි. ඔබේ හැසිරීම, ඔබ වටා ආලෝකය, ඔබ විසින් අනිත් පුද්ගලයන් ආමන්ත්‍රණය කරන ආකාරය , ඔබගේ වාග් විලාසය යන සියල්ල ඔබගේ රුව දිගු කලක් තරුණ ලෙස තබා ගැනීමට හේතුවන රහසකි. එබැවින් රූපය සුරැකීමට කැමති නම් පළමුවෙන්ම ඔබේ හදවත, සිත හා හැසිරීම සුරැකීමට උත්සාහ කරන්න. එවිට ඔබේ රූපය දීර්ඝ කාලයක් සුන්දරත්වයෙන් බබළවයි.
තරුණ පෙනුම රැක ගැනීමට
දිනය ඉතාම ප්‍රබෝධයෙන් ආරම්භ කරන්න. දිනපතා අවම වශයෙන් ලීටර් 2ක් ජලය පානය කරන්න.
දිනයේ ආරම්භයේ සහ අවසානයේ මුහුණ සෝදා පිරිසුදු ප්‍රියමනාප ලෙසින් සිටින්න. නියම වෙලාවට පැය 7-8 ක හොඳ නින්දක් යෞවන බව රක්‍ෂා කරයි. සරල ව්‍යායාම කරන්න. දිනපතා මිනිත්තු 20-30 ලිහිල් ව්‍යායාම කරන්න. හිරු ආරක්ෂක ගුණ ඇති ක්‍රීම් වර්ගයක් යොදා ගනිමින් සම ආරක්ෂා කරන්න. ඇස් වටා සම සුරකින්න. ඇස් වටා සමට සුදුසු අයි ක්‍රීම් භාවිතයෙන් රැලි වැටීම වැළැක්විය හැකිය. මනස සැහැල්ලු කරගන්න. ආතතිය පාලනය කිරීම මඟින් සම හා ජීවිතය තරුණ බවෙන් පිරෙයි.මුහුණේ මෘදු ස්වාභාවික ව්‍යායාම (උදා: මුහුණ හිනැහෙන්න, නළල ටැප් කිරීම) සමේ තරුණ බව රැක ගැනීමට උපකාරී වේ.
මෙම සරල ක්‍රම දිනපතා පිළිපැදීමෙන් කාන්තා රූපයට අභ්‍යන්තර හා බාහිර වශයෙන්ම තරුණ පෙනුම සුරකින්නට හැකිය.
ඔබ මූලිකවම මෙම සරල ක්‍රමවේදයන් අනුගමනය කරන්න.දින 45 ක් පමණ කාලයක් මෙම ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඔබට දැක ගැනීමට හැකි වනු ඇත.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දශක හතරකට වඩා අත්දැකීම් සහිත ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශක
මැණික් හේමචන්ද්‍ර
රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ඔහුගේ දැනුම අප පාඨකයන්ට ලබාදෙන සමාජ සද්කාරය
