Friday, October 3, 2025
Epaper
Home Highlightsඅලුත් හීන එක්ක අලුත් අවස්ථා

අලුත් හීන එක්ක අලුත් අවස්ථා

by Thanushika

අද යෞවන පරම්පරාවෙ අපි අලුත් හීන සහ අලුත් අවස්ථා හොයාගෙන ජීවිතේ ආපසු හැරීමක් නැති දිවිල්ලක නතර වෙලා ඉන්නවා. තාරුණ්‍යය කියන්නෙම ජීවිතේ හැම දෙයක්ම අලුත් විදිහට අත්විඳින්න, හැකියාවන් හඳුනාගන්න, අනාගතය ගොඩනඟන්න හොඳම වෙලාව. පොඩි කාලේ දැක්ක පයිලට් වෙන්න, ගුරුවරියක් වෙන්න, ගායකයෙක් වෙන්න” වගේ සරල හීන, මේ අවස්ථාවේදී වෙනස් වෙලා තවත් ගැඹුරු අරමුණු එක්ක ඒ හැම හීනයක්ම බැඳෙන්න පටන් ගන්නවා. අලුත් අත්දැකීම්, අලුත් තාක්‍ෂණය, අලුත් මිතුරන් මේ හීනවලට නව පැතිකඩක් ගෙනෙනවා. ජීවිතේ කියන්නේ එක තැනක නතර වෙලා නැති, එක තැනක නතර කරන්නත් බැරි ලස්සනට කළමනාකරණය කර ගන්න ඕන විෂයයක් කියන එක, අන්න එතැනදි අපට තේරෙන්න ගන්නවා.

අද තරුණයින් වන ඔයාලට තිබෙන විශේෂම හැකියාව තමයි අලුත් අවස්ථාවන් අල්ලාගන්න එක. Smart phone එක,internet connection එක්ක තරුණයෙක්ට ලෝකය පුරා දැනුම, රැකියා අවස්ථා, ව්‍යාපාර සන්දර්භ සහ නව තොරතුරු සියල්ලම එකම විශාල දොරටුවක් විදිහට විවෘත වෙලා තියෙනවා. Online learning හරහා ලොව ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල දැනුම ලබා ගන්න පුළුවන්. Freelancing හරහා ගෙදර සිට ගෝලීය clients සමඟ වැඩ කරන්න පුළුවන්.

Social media හරහා තරුණියක් හෝ තරුණයෙක් විදිහට තමන්ගේ හැකියාව ලෝකයට පෙන්නන්න පුළුවන්. ඔවුන්ගේ singing, dancing, photography, gaming හැකියාවන් ව්‍යාපාරයක් හෝ රැකියාවක් බවට පත් කරන්නත් අද ඉතා පහසුයි.

මේ ඔයාට ලැබෙන හොඳම අවස්ථා. සරලව නි‍ෙවසට වෙලා නිකම් නොඉඳ ඔයාගෙ හීන පාට කර ගන්න තියෙන අවස්ථා මේවා. මේ අවස්ථා අරගන්න යන මග අභියෝගයෙන් තොර නැහැ. Social mediaවල සැරිසරන තරුණ තරුණියන්ට comparison culture, peer pressure, depression, anxiety වගේ ගැටලු නොවෙන අවදානම්. තාක්‍ෂණය සහ විනෝදය සමඟම distraction ද එනවා.

මේවා ජයගන්න හොඳම මාර්ගය තමයි සියල්ල සමබරව පවත්වාගෙන යෑම. වැඩටත්, ඉගැන්වීම්ටත්, විවේකයටත්, සමාජ ජීවිතයටත් සමාන අවධානය යොදන එක. Clear goals, time management, සහ හොඳ habits තිබුණොත් තරුණ ඔයාගේ අභියෝග සියල්ල ජය ගෙන අවස්ථාවන් සාර්ථකත්වයට හැරවිය හැකියි.

දන්නවද, හීන කියන්නේ සරල සිතිවිල්ලක් නෙවෙයි. ඒක ක්‍රියාවට නැංවීම මඟින් ඔයාට අලුත් අවස්ථාවන් නිර්මාණය කර ගන්න අවස්ථාවක් ලැබෙනවා. කොහොමද මේ හීන හීනයක් නොකර ක්‍රියාත්මක කරන්නේ? ඔබේ හීන ලියන්න. හීනයක් සාර්ථක කර ගැනීම කියන්නේ ඔබේ දැක්මක්, අරමුණක් හෝ ලොකුම හීනයක් යථාර්ථයක් බවට පත්වීමයි. මුලින්ම, ඔබේ හීනය පැහැදිලිව සහ විස්තරාත්මකව ලියන්න. ඊට පස්සේ, ලොකු අරමුණ කුඩා අදියරවලට බෙදා, අදියරෙන් අදියරට ක්‍රියාත්මක කරන්න. ක්‍රියාවලියට අභියෝග සහ බාධා ඇති විය හැකි බැවින්, ඒවාට විසඳුම් සොයා ගැනීමත් අත්‍යවශ්‍යයි.

පරිශීලන කාලය, උද්යෝගය, අධ්‍යාපනය සහ නිතර පුහුණු වීමෙන් ඔයාගේ දක්ෂතාවය දියුණු කර ගත හැකියි. අවසන් වශයෙන්,

මිතුරන්, උපදේශකයන්ගෙන් උපදෙස් සහ ප්‍රතිචාර ලබා ගැනීම, ඔයාගේ හීනය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වන වැදගත් සාධක. ඒ හීනය සාර්ථක කරගන්න අවසානයක් දකින්න ඕ‍ෙන දවසට deadline එකක් දාගන්න.Online course එකක් පටන් ගන්න. creative project එකක් try කරන්න. ඔයාගේ හැකියාව ලෝකයට පෙන්නන්න.

අලුත් අවුරුද්දට නැතිනම් ඔයාගේ ජීවිතේ විශේෂ අවස්ථාවක අනාගතය වෙනුවෙන් අලුත් දෙයක් කරන්න පොඩි පියවරක් ගන්න. මේක තමයි හීනය අවස්ථාවක් වෙලා ජීවිතේ වෙනස් කරන මොහොත.

අවසාන විශ්ලේෂණය තමයි, අලුත් හීන කියන්නේ අලුත් මඟක්. අලුත් අවස්ථා කියන්නේ ඒ මඟේ විවෘත වන දොරටු. තරුණ ඔයාලට මේ මොහොතේ හැකියාවක් තියෙනවා හීන දැක්කොත් ඒවා අතහැර නොදමා, අවස්ථාවන් අල්ලාගන්න. තාක්ෂණය ලෝකය පුරා එක විදිහට ගමන් කරනවා. සරලව තමන්ගේ හැකියාවන් පෙළගස්වන්න. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා. Chatgpt ,GeminiAl වගේ වැඩ පහසුකර ගත හැකි තාක්ෂණික සුහුරුව සමඟ ඔබට පහසුව ලැබිලා තියෙනවා.

අනාගත බලාපොරොත්තු සාර්ථක කර ගන්න AI තාක්ෂණය විශාල සහයක්. මුලින්ම, AI මඟින් දත්ත විශ්ලේෂණය, තොරතුරු රැස්කිරීම සහ නිවැරදි තීරණ ගැනීම පහසු කරන අතර මේවා මඟින් අපේ කාර්යයන් කාර්යක්ෂමව සැලසුම් කළ හැකියි. අනිවාර්යයෙන්ම ඒ අලුත් දේවල් අත්හදා බලන්න. වැය වන කාලය සහ ශ්‍රමය අඩු කරගන්න.

AI මඟින් පුහුණු වීමේ, නව තාක්ෂණ සහ හැකියාවන් ඉගෙනීමේ අවස්ථා වැඩි දියුණු කරගන්න. නිර්මාණශීලී අදහස් සොයා ගැනීමට, ව්‍යාපාරික තීරණ සහ නව ව්‍යාපෘති සැලසුම් කිරීමට AI උපකාරී වෙන බව මතක තියාගන්න. තාක්ෂණය එක්ක ඔයා ඉදිරියට ගමන් කරන්න. ඉතින් හීන එක්ක පියඹන්න, ගමනාන්තය තෙක්ම අපි ඒ හීන එක්ක පියාඹන විදිහ හෙමි හෙමින් කතා කරමු. මතක තියාගන්න,“හීන අත්හරින දෙයක් නෙමෙයි, අවස්ථාවක් අල්ලා ගත යුතු දෙයක්.” එය ඔබව, ජීවිතේ සාර්ථකත්වයට රැගෙන යාවි.

රුවංගා දිසානායක

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?