ඔන්න අද අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ දහස් ගාණක් දීලා මිල දී ගන්න කොලජන් වෙනුවට අඩු වියදමින් ගෙදරදීම හදාගන්න පුළුවන් කොලජන් පානයක් ලේසියෙන්ම හදාගන්න විදිහ. මේක නම් අනිවාර්යයෙන් හදන්න. මොකද ස්වාභාවික දේ්වලින් ලැබෙන ප්‍රතිඵල පෙති බීලා නම් ගන්න බෑ.
කොලජන් යනු කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයි? කියලා අපි මුලින්ම බලමු.
කොලජන් යනු මිනිස් සිරුරේ බහුලම ප්‍රෝටීනය වන අතර එය මුළු ප්‍රෝටීනවලින් 25% සිට 30% දක්වා ප්‍රමාණයක් වේ. එය සම, මාංසපේශි, කණ්ඩරාවන්, බන්ධනීයන් සහ රුධිර නාලවල අත්‍යවශ්‍ය අංගයකි. නාලයත් සමඟ කොලජන් නිෂ්පාදනය අඩුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සම රැලි වී එල්ලා වැටීම සහ වයසට යාමේ වෙනත් සලකුණු ඇති වේ.
ඉතින් මේ කොලජන් අපිට පිටතින් ගන්න පුළුවන් වගේම අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩිකර ගන්නත් පුළුවන්. මේ කාරණා දෙකටම ගැළපෙන විදිහට සුපිරි කොලජන් පානයක් හදාගන්නෙ කොහොමද කියලා අපි දැන් බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය
බීට්රූට් පවුඩර් තේ හැඳි 2ක්
පොල් වතුර හෝ තැඹිලි වතුර වීදුරුවක්
දෙහි හෝ ලෙමන් තේ හැඳි 2ක්
පොඩි ඉඟුරු කෑල්ලක්
තියනවා නම් ඇපල් ගෙඩියකින් 1/4ක්
මෙන්න මේ ටික තමා ඕන වෙන්නෙ. මේ සියලුම අමුද්‍රව්‍ය ඔයාගෙ කොලජන් නිෂ්පාදනය වැඩිකරන ස්වාභාවික අමුද්‍රව්‍ය. විශේෂයෙන්ම අපි මේ පානය හදන්න වතුර වෙනුවට පොල් වතුර පාවිච්චි කරන්නෙ පොල් වතුරවල ඔබව දවසින් දවස තරුණ කරන්න පුළුවන් පෝෂක විශාල ප්‍රමාණයක් තියෙන නිසයි. මේක ඇත්තටම දිව්‍ය ඖෂධයක්.
සාදාගන්න ආකාරය
ඔබ තෝරා ගත් සියලු අමුද්‍රව්‍ය බ්ලෙන්ඩර් කප් එක්කට දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න තමා තියෙන්නෙ.
ඊට පස්සෙ ඔයාට කැමති නම් මේක පෙරාගෙන බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහටම බොන්නත් පුළුවන්.
මේ පානය සතියට තුන්වතාවක් උදේ ආහාරයෙන් පස්සෙ තමා ගන්න ඕෙන.
හරියටම සති දෙකක් යනකොට ඔයාට පෙනෙයි ඔයාගෙ සම වෙනදාට වඩා පැහැපත් ගතියක්. සමට හොඳ තෙතමනයක් ඇවිත්, දීප්තිමත් බවක් විත්. මේක සමට විතරක් නෙවෙයි ඔයාගෙ හිසකෙස් ඝනකම් වෙනවා වගේම හිසකෙස් හැලී යාම නවතිනවා.
ඔයාගෙ ප්‍රතිශක්තියත් වර්ධනය වෙනවා.
ප්‍රතිලාභ රාශියක් ලැබෙන මේ පානය අනිවාර්යයෙන් හදලා පානය කරන්න. මාස දෙකක් වගේ යනකොට ඔයාගෙ මුළු ශරීරයම එකම ලස්සන පැහැයකට ගන්න පුළුවන්.
ඉක්මනින් කරන face scrub එකක්
මෙතැන තියෙන්නෙ ජාති තුනයි
1. අල භාගයක්/බෑවක්/ කෑල්ලක් ඕෙන එකක්
2. සීනි
3. කෝපි කුඩු
ඔය තුන එකට මිශ්‍ර කරගෙන එයින් විනාඩි 2-3ක් මුහුණ scrub කරන්න. මෙය උඩු අතට කවාකාරව කරන්න. ඊට පස්සෙ විනාඩි පහක් විතර නිකන් තියන් ඉන්නත් පුළුවන්.
අර්තාපල් කියන්නේ ස්වාභාවික සම පැහැපත් කරන (bleaching) ක්‍රමයක්.
ඉතින් පැහැපත් වෙනවා. සම මෘදු වෙනවා.
මේකම ඔයාලට අල බ්ලෙන්ඩ් කර යුෂ අරගෙන, සීනි, කෝපි දාලා කරන්නත් පුළුවන්.
අලකෑල්ල උඩ පිහියෙන් පොඩියට කපන්න. ඔක්කොම කැපිලා යන්න නෙවෙයි. හේතුව අල යුෂ හොඳට ගන්න පුළුවන් එතකොට.
සීනි කැට ලොකුනම් බ්ලෙන්ඩ් කරන්න.
මේකට ඔයාලට තක්කාලි යුෂ දාන්නත් පුළුවන්. මේක ගාලා නිකම් වතුරෙන් සෝදලා අනිවාර්යයෙන්ම කොට්න් පුළුන්වලට දාලා ටෝනර් කරන්න. ඉතුරු කෝපි පාට තිබුණොත්, මැරුණුහම ඉතුරු වෙලා තිබුණොත් ඒවා ඒකෙන් යනවා.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර