හැමදාම බත් එක්ක ව්‍යාංජන කනවට වඩා විශේෂ බත් වර්ගයක් හැදුවොත් ගෙදර අය ගොඩක් කැමති වෙයි. ඒ නිසා අද අපි ඔබට කියන්න යන්නේ පහසුවෙන්ම හදා ගන්න පුළුවන් බත් වර්ග තුනක් ගැන. ප්‍රවීණ සූපවේදි පබිලිස් සිල්වා ගෙන එන මේ බත් වර්ග තුන විශේෂ අවස්ථාවකටත් කදිමයි.
පබිලිස්ගේ බුරියානි
සූදුරු සම්බා කිලෝ 1ක්
හම නොමැතිව කුකුළු මස් අඬු කිලෝ 1ක්
කරදමුංගු 4ක්
කරාබු නැටි 4ක්
කුරුඳු අඟල් 1ක කෑල්ලක්
රම්පෙ අඟලක කෑල්ලක්
ලූනු ග්‍රෑම් 100ක්
අමුමිරිස් ග්‍රෑම් 100ක්
තක්කාලි ග්‍රෑම් 150ක්
අල ග්‍රෑම් 100ක්
කහ තේ හැඳි 01ක්
කරිකුඩු මේස හැඳි 1 1/2ක්
මිරිස්කුඩු මේස හැඳි 1ක්
කැබලි ගම්මිරිස් මේස හැඳි 1ක්
සුදුලූනූ ග්‍රෑම් 25ක්
ඉඟුරු ග්‍රෑම් 05ක්
අඹරාගත් කජු මේස හැඳි 2ක්
කජු ග්‍රෑම් 50ක්
සුල්තානා ග්‍රෑම් 50ක්
බැදගත් ලූනු ග්‍රෑම් 100ක්
දුන්තෙල් ග්‍රෑම් 50ක්
මීකිරි අඬු කෝප්ප 01ක්
වතුර අඬු කෝප්ප 1/2ක්
තම්බාගත් බිත්තර 4ක්
රෝස් වෝටර් මේස හැඳි 01ක්
කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක්
රස අනුව ලුණු
සහල් සෝදා දුන්තෙල් බත පිසින ආකාරයට බත පිසගන්න. චිකන් අඬු තුනට කපා ගන්න. අමු මිරිස් කරල් 05 නටුව වෙන්නොවන සේ දෙකට පළා ගන්න. ඉතුරු අමුමිරිස් පොඩියට කපා ගන්න. භාජනයකට දුන්තෙල් දමා ළිප රත්වන විට ලූනු, රම්පෙ, කරාබු නැටි, කරදමුංගු, කපාගත් අමුමිරිස් එක්කර බැදීගෙන එනවිට සුදුලූනු, අමු ඉඟුරු, කරි කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු එක්කර මඳ ගින්දරේ බැදෙන්නට හැර තක්කාලි ග්‍රෑම් 100 පොඩියට කපා එක්කර ගන්න. කුකුළු මස් ද එක්කර අඹරාගත් කජු, මීකිරි සහ වතුර එක්කර මස් 3/4 තැම්බී එනවිට තම්බා පොතු හැරගත් අල, ගම්මිරිස් එක්කර කරිය සාදා ගන්න. බිත්තරවල කහ කුඩු තවරා භාජනයකට තෙල් ස්වල්පයක් දමා පාට ගස්සවා ගන්න. ඒවා දෙකට කපන්න. සුල්තානා සහ කජු බැදගන්න. පළාගත් අමුමිරිස් තෙලට දමා ගන්න. තක්කාලි පෙති කපා ගන්න. ලුණු, කජු, සුල්තානා එකට මිශ්‍රකර ගන්න. බත පිසගත් විගස එයට රෝස් වෝටර් එක්කර ගන්න. මැටි හට්ටියක් ගෙන එයට බත්වලින් බාගයක් දමා ඒමතට සාදාගත් කරිය දමා, කපාගත් කොත්තමල්ලි කොළවලින් භාගයක් අතුරා ගන්න. නැවත ඉතිරි බත් ඒ මත අතුරා උඩින් සුල්තානා මිශ්‍රණය සහ කොත්තමල්ලි කොළ දමා වටේට අමුමිරිස් සහ තක්කාලි පෙතිවලින් සරසා ගන්න.
————–
බත් රසගු ලාව

පිසගත් සූදුරු සම්බා අඬු කෝප්ප 3ක්
කුකුළු මස් ග්‍රෑම් 50ක්
සුද්ද කර ගත් දැල්ලන් ග්‍රෑම් 50ක්
සුද්ද කර සෝදා ගත් පොඩි ඉස්සන් ග්‍රෑම් 50ක්
කැරට් ග්‍රෑම් 50ක්
කොළ පාට බෙල්පෙපර් ග්‍රෑම් 50ක්
තක්කාලි ග්‍රෑම් 50ක්
සිහින්ව කැපූ ලූනු ග්‍රෑම් 30ක්
තලපත් මාළු ග්‍රෑම් 30ක්
කපාගත් එළුමස් ග්‍රෑම් 30ක්
කුකුල් මස් ස්ට්‍රෝක් අඬුකෝප්ප 2ක්
කරාබු නැටි 2ක්
කපාගත් සුදුලූනූ තේ හැඳි 1ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
කුරුඳුපොතු අඟලක කෑල්ලක්
බටර් මේස හැඳි 2ක්
රස අනුව ලුණු
මස්, මාළු, එළවළු අඟල් 1/4 කෑලි කපා ගන්න. භාජනයක් ළිප තබා බටර් එක්කර එයට ලූනු, කරපිංචා, රම්පා, කරාබුනැටි, කුරුඳු එක්කර රන්වන් පාට වන තුරු බැදගන්න. එයට සුදුලූනු, කහ, ලුණු, එළුමස් සහ ස්ටොක් එක්කර තැම්බෙන්නට හරින්න. පිසගත් බත් හැර අන් සියල්ල එක්කර ඉස්ම සිඳෙන තුරු පිසගන්න. මේ සියල්ල බත්වලට හොඳින් කලවම් කර ගන්න.
———–
දුන්තෙල් බත

සම්බා හාල් ග්‍රෑම් 500ක්
පොඩියට කපාගත් ලූනූ ග්‍රෑම් 30ක්
බැදගත් කජු ග්‍රෑම් 15ක්
බැදගත් සුල්තානා ග්‍රෑම් 10ක්
බැද ගත් අල තීරු ග්‍රෑම් 10ක්
බැදගත් කරපිංචා කොළ
මස් කටු තම්බා ගත් වතුර (chicken stoke) තේ කෝප්ප 4 1/2ක්
දුන්තෙල් මේස හැඳි 2ක්
ලුණු රස අනූව
ඊසි පොට්ටනිය (Bouqute garni) සඳහා
ගම්මිරිස් ඇට 8ක්
කුරුඳු පොතු කෑල්ලක්
රම්පේ කෑල්ලක්
කරපිංචා මේස හැඳි 2ක්
කරදමුංගු 2ක්
කරාබු නැටි 2ක්
මේ සියල්ල පිරිසුදු දුහුල් රෙදි කැබැල්ලකට දමා ගැට ගසන්න.
හාල් ගරා සෝදා දිය බේරෙන්න හරින්න. භාජනයක් ළිප තබා දුන්තෙල් දමා රත්වන විට ලූනූ, රම්පෙ දමා රන්වන් පැහැවන තුරු බැදගන්න. සෝදාගත් හාල් ටික දමා තරමක් බදින්න. වතුර, ලුණු හා ඊසි පොට්ටනිය ද හාල් බඳුනට දමා බෙරි නොවන ලෙස තම්බාගන්න. තම්බාගත් බත් වෙනත් බඳුනක දමා කැට ලිහා පොට්ටනිය හා රම්පෙ ඉවත් කර ගන්න. බත් පිළිගන්වන විට බන්දේසියට බත් දමා බැදගත් අල, සුල්තානා හා කජු දමා, බැදගත් කරපිංචා ද එකතු කර බත් දීසිය අලංකාර කර පිළිගන්වන්න.
