රූමතියක් වන්නට සෑම කාන්තාවක් තුළම ඇත්තේ නොතිත් ආශාවක්. රුව ලස්සන වෙන්නට නම් අනිවාර්යයෙන් ම සම ලස්සනට තබා ගත යුතුයි. ලප කැළැල්වලින් තොර, පැහැදිලි, පැහැපත්, නීරෝගි සමක් ලබා ගැනීමට නම් ඒ වෙනුවෙන් යම් කැපකිරීමක් කළ යුතුයි. උපතින්ම අපට ලැබී ඇති සම රැකගන්නා අතර එහි ඇති යම් යම් අඩුපාඩු සකසා ගැනීමට ඔබට පුළුවන්. මේ සඳහා සම පිළිබඳ වැඩි දැනුමක් සහිත වෛද්‍යවරියකගෙන් ඒ පිළිබඳ දැනගැනීම ඔබට වැදගත් වේවි.
දැන් බොහෝ දෙනෙක් ග්ලාස් ස්කින් ලෙසින් හැඳින්වෙන ආකාරයකට සම සකසා ගැනීමට උනන්දු වෙනවා. මෙලෙස සම සකසා ගන්නේ කොහොමද?
මෙය එක් ප්‍රතිකාරයකින්, එක් ක්‍රීම් එකකින් සෞඛ්‍යාරක්ෂිතව සකසා ගන්නට බැහැ. යම් අයෙක් සම සුදු කරන ක්‍රීම් එකක් භාවිත කළොත් ඉන් කෙටි කාලයකින් සම සුදු වෙලා රෝස පාට වෙලා තියෙන්න පුළුවන්. නමුත් මේ දේවල් දීර්ඝකාලීන නැහැ, තාවකාලිකයි. සමහර වෙලාවට අසාත්මිකතා වුවත් ඇති වෙන්න පුළුවන්. කොරියාවේ වගේ රටවල ග්ලාස් ස්කින් තියෙන්නේ ඔවුන්ගේ ජානමය තත්ත්වයක් නිසා. නමුත් අපිට ග්ලාස් ස්කින් එකක් හදා ගන්න නම් හොඳ සම රැකබලා ගැනීමේ ක්‍රියාවලියක් තිබීම වැදගත්. මෙය කාලෙන් කාලෙට වෙනස් කරමින් මනාව සිදු කරන සම රැකබලා ගැනීමේ ක්‍රියාවලියක් විය යුතුයි. එමෙන්ම අපට ගැළපෙන, අපේ සමට අදාළ වන ආකාරයේ සම ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක්, වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එක් ක්‍රීම් එකකින් පමණක් සෞඛ්‍යාරක්ෂිතව, ග්ලාස් ස්කින් එකක් ලබා ගැනීම අසීරුයි. මොකද මෙය එක් ට්‍රීට්මන්ට් එකක් නොවන නිසා හා ට්‍රීට්මන්ට් මාලාවක ප්‍රතිඵලයක් වන නිසයි.
වයසට යාමේ දී සමේ ඇති වන රැලි නැතිකර, සමේ වියළි බව නැතිකර ගැනීමට සිදු කළ හැකි ප්‍රතිකර්ම මොනවද?
අපි සම වයසට යාම අඩු කිරීමට ප්‍රතිකර්ම කිරීමේ දී එම ක්‍රියාවලිය කොටස් දෙකකට බෙදා ගන්නවා. මෙහිදී පළමුවෙන් ම සිදු කරන්නේ සම අලුත්වැඩියා කිරීමයි. මේ සඳහා සමට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ ආදිය ලබා දෙනවා. මේ ප්‍රතිකර්මය මීසොතෙරපි (mesotherapy) ලෙසින් හඳුන්වනවා. මෙහිදී සිදු කරන්නේ සමට අවශ්‍ය වන විටමින් වර්ග, පෝෂ්‍ය පදාර්ථ ආදිය ලබා දීමයි. අපි විටමින් බිවුවත් ඒවා සම්පූර්ණ සිරුරටම එනම් ප්‍රධාන අවයව වලට අදාළව ක්‍රියා කළත් යම් කොටසක් සමට ලැබුණත් මුහුණට ම ලැබෙනවා යැයි අපිට කිව නොහැකියි. නමුත් අපි ලබා දෙන මීසොතෙරපි ප්‍රතිකාරය මඟින් විටමින් ආදී පෝෂ්‍ය කොටස් ඍජුවම මුහුණේ සමට ලබා දීමට හැකියාව ලැබෙනවා. එමඟින් මුහුණ අවපැහැ ගැන්වී තිබෙනවා නම්, මුහුණේ සම වියළි නම්, මුහුණේ රැලි ස්වභාවයක් පවතිනවා නම්, සමේ ජීවී ගතිය අඩුනම් එම තත්ත්වයට අදාළ වන ලෙස විටමින් මිශ්‍රණයක් සකසා එය අදාළ ප්‍රදේශයට ලබා දෙනවා.
මුහුණේ සම එල්ලා වැටෙන ස්වභාවයෙන් යුක්ත නම් අපි ඒ සඳහා සමට ටයිට්නිං වර්ග සිදු කරනවා. මේවා සැලෝන්වල දී සිදු කරන ටයිට්නිං ක්‍රම නොවන බවත් කියන්න ඕනේ. මෙම ටයිට්නිං ක්‍රම එයට වඩා වෛද්‍යමය ක්‍රම අනුව සිදු කරන ඒවා නිසා ඒවායෙහි සෞඛ්‍යාරක්ෂිත බව වැඩියි.
මේ දේවලට අමතරව අපි විවිධ ලේසර් ක්‍රමත් සම නීරෝගි කිරීම සඳහා යොදා ගන්නවා. මෙහිදී සමේ මතුපිට ලේයරයට හානි සිදු වී ඇත්නම් එම ලේයරය ඉවත් කිරීම, සම නැවතත් උත්පාදනය කිරීම, සම ටයිට්නිං කිරීමට ආදී සියලු කාරණාවලට ඒවාට ම වෙන්වූ ලේසර් ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.
සමේ පවතින තෙතමනය පවත්වාගෙන යාම සඳහා ස්කින් බූස්ටර්ස් මඟින් වැදගත් කාර්යභාරයක් සිදු කරනවා. මෙයින් සමේ ග්ලාස් ස්කින් වැනි ස්වභාවයක් පවත්වාගෙන යාමට පවා හැකියාවක් තිබෙනවා. මෙය include & repairing ලෙසින් හඳුන්වනවා. අනිත් ක්‍රමය re generating ලෙස හඳුන්වනවා. වයසට යාමේ දී ස්වභාවයෙන් ම සෛල නිෂ්පාදනය අඩු වීමක් සිදු වෙනවා. සෛලවල ආයු කාලය, මෙය එකිනෙකාගේ ස්වභාවය හා පැවැත්ම අනුව වෙනස් විය හැකියි. උදාහරණයක් විදිහට කියනවා නම් වයස 25ක කෙනකුගේ සමේ ඇති සෛලවල ආයු කාලය 25ක් හෝ නැත්නම් සීනි කාලා, තද අව්වේ ගිහින්, දැඩි සේ මහන්සි වීමෙන්, සෞඛ්‍යසම්පන්න නොවන ආලේපන ආදිය නිසා වයස 25ක කෙනෙකුගේ වුවත් සමේ වයස 35ක් පමණ වෙන්න පුළුවන්. නමුත් මේ රීජෙනරේටිං ප්‍රතිකාරවලින් වයස 25ක සමක් වුවත් අවුරුදු 20,19 පමණ වෙනතෙක් සම තරුණ කිරීමට හැකියාව තිබෙනවා. මේ ක්‍රමය තමයි regenerating ලෙස අපි හඳුන්වනු ලබන්නේ. මෙම රීජෙනරේටිං ප්‍රතිකර්ම පවා නැවතත් කොටස් කිහිපයකට බෙදා තවත් සම තරුණ කිරීමේ ප්‍රතිකර්ම සිදු කරනවා.
මේ විදිහට ප්‍රතිකර්ම කළ පසුව සම රැක ගන්නේ කොහොමද?
ලෝකයේ අද මොළයේ පවා වයස අඩු කිරීමට හැකි තාක්ෂණයක් තිබෙනවා. ඇන්ටි ඒජින් හා රීජෙනරේටිං ප්‍රතිකර්ම බොහොමයක් වෛද්‍ය ක්ෂේත්‍රයේ පවතිනවා. අපට හිතා ගැනීමට පවා බැරි මට්ටමේ නව තාක්ෂණික ක්‍රම මඟින් රුව රැක ගැනීමට හැකි ක්‍රමවේද දැන් ලෝකයේ තිබෙනවා. අප ප්‍රධාන වශයෙන්ම සිතිය යුතු දෙයක් වන්නේ, බාහිරින් යමක් කිරීමට පෙර අපේ ආහාර ගැනීමේ ක්‍රමය, ව්‍යායාම, අපි ජීවිතය ගෙවන ක්‍රමය (Life style) ආදිය මඟින් සිරුර තරුණ කිරීමේ ක්‍රමවේදය පවත්වාගත යුතුයි. නැතිව බාහිරින් සිදු කරන ආලේපන ගැල්වීම් හෝ වෙනත් ක්‍රම මඟින් සිදු කරන බාහිර කටයුතුවලින් ලැබෙන ප්‍රතිඵලතාවකාලිකයි.
අපි කොතරම් රුව රැක ගැනීමට දේවල් කළත් මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය භාවිත කිරීම, කිසිම සීමාවක් නැතිව ක්ෂණික ආහාර/සීනි අධික ආහාර වැනි අහිතකර ආහාර ගැනීම, නිසි නින්දක් නොලබා නිදි වැරීම, ව්‍යායාම නොකිරීම ආදියෙන් හෝමෝන ගැටලු පවා ඇති කර ගැනීමෙන් රුවට හානි වීම වළක්වන්න බැහැ.
සිරුරේ තිබෙන විටමින්, ප්‍රෝටීන්, ටොක්සින්, විෂ වර්ග ආදිය බලා ගැනීමට හැකි ආකාරයේ විශේෂ වූ ස්කෑන් එකක් අපි කරනවා. මේ ස්කෑන් එක දැනට සිදු කරන්නේ අපි විතරයි. මෙයින් සිරුරේ විටමින් ඌනතා, මේද ස්තරය ආදිය පිළිබඳ දැන ගැනීමට පුළුවන්. ඒ අනුව ලබා ගත යුතු විටමින් වර්ග හා ප්‍රමාණ, මාංසපේශී වර්ධනය කරගත යුතු ප්‍රමාණය, ආහාර ලබා ගත යුතු ආකාරය ආදිය ගැන අපි උපදෙස් ලබා දෙනවා.
හැමකෙනාටම මේ හැම ප්‍රතිකර්මයම අවශ්‍ය වන්නේ නැහැ. සමහර අය තමන්ගේ හම හොඳින් රැක බලා ගන්නවා. මේ ප්‍රතිකර්ම ලබා දීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නේ එකිනෙකාගේ සමේ ස්වභාවය වෙනස් වන නිසියි. කෙසේ වුවත් තමාගේ සමේ තත්ත්වය පිළිබඳ අවධානයකින් සිටීම වැදගත්. එමඟින් නීරෝගි සමක් ලබා ගැනීමට ඔබට පුළුවන්.
උපදෙස් –
වෛද්‍ය ශානිකා අර්සකුලරත්න MBBs, PGD Dip Dermatology UK
MSC, Anti aging UK
අයන්ති උඩුගම්පල