දැන් තියෙන ආර්ථික රටාවත් එක්ක රූපය ලස්සන කරන මිල අධික රූ සත්කාර කරන්න මේ කාලයේ හැටියට කාටත් ටිකක් අපහසුයි. ඒත් එහෙම කියලා ලස්සනට ඉන්නෙ නැතිව බැහැනේ. ඒ නිසා මේ වගේ කාලයක කරන්න තියෙන හොඳම දේ තමයි අපේ වටපිටාවෙන් වියදමක් නැතිවම හොයාගන්න පුළුවන් දේවල් භාවිත කරලා රූපය ලස්සනට තියාගන්න එක. අධික මිල ගණන් දීලා ගන්න රසායන ද්‍රව්‍ය පිරුණු රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීම සිරුරට එතරම් හොඳ නැති නිසා හැමවිටම ස්වාභාවික සත්කාරවලටම යොමුවීම සිරුරේ ලස්සනට වගේම නීරෝගිකමටත් හොඳයි.
අද කාන්තා, පිරිමි වයස් භේදයකින් තොරව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සුදු වෙන්නේ කොහොමද කියන එක. ඒක ගොඩක් අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නය වෙලා. ඉතින් බ්ලීචින් අඩංගු ක්‍රීම් වර්ග ආලේප කරලා සුදු වෙන්න ගිහිල්ලා බොහෝ දෙනෙක් මුහුණේ පැහැය වගේම සමට ගොඩක් හානි කරගෙන ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. තමන්ගේ ස්වාභාවික සුන්දරත්වය තව ලස්සන කරගෙන පරෙස්සමින් තියාගන්න පුළුවන් අපිට ආවේණික වෙච්ච දේශීය ඖෂධ ඕෙන තරම් තියෙනවා. ඒ විදිහෙ ක්‍රම තියෙද්දි අපි අපේ පෙනුම ගැන අවදානමක් ගන්න ඕනේ ද? ඉතින් අද කියලා දෙන්නේ කිසිම අවදානමක් නොගෙන, වැඩි වියදමක් නැතිව ලස්සන වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්.
දෙහි මිශ්‍ර උණුසුම් වතුර වීදුරුවක්
හැම කෙනෙක්ම වගේ උදෑසන අවදි වුණාම පුරුදු වෙලා තියෙනවනේ වතුර එකක් බොන්න. ඕෙනම කෙනෙක් උදේ නැඟිට්ටාම කට හෝදලා වතුර එකක් බොනවා. නිකම් ඇල් වතුර එකක් බොනවා වෙනුවට ඔබට කරන්න පුළුවන් මඳ රස්නෙ වතුර වීදුරුවකට දෙහි බිංදු කිහිපයක් එකතු කරලා දිනපතා පානය කරන්න. ඒකෙන් ශරීර අභ්‍යන්තරයේ තියෙන විස හරණය කරගන්න පුළුවන්.
විශේෂයෙන්ම අපි දැන් ගොඩක් ගන්නේ කෘත්‍රිම ආහාරනේ. ස්වාභාවිකයි කියලා හිතලා එළවළු ටිකක් ගත්තත් ඒකෙත් කෘමිනාශක තියෙනවා. තුනපහ වර්ග ගත්තත් ඒවායෙත් රසකාරක. මේ හැම දෙයක්ම හින්දා අපි නොදැනුම්වත්වම ශරීරයට විස එකතු කරගන්නවා. ඒ විස හරණය කරගන්න පුළුවන් උදෑසන නැඟිට්ටාම සාමාන්‍ය රස්නේ වතුර එකකට දෙහි ටිකක් දාලා ඒ වතුර වීදුරුව බොනවා නම් මුළු ඇඟම හොඳට ක්ලෙන්සර් වෙනවා. ඇඟ ඇතුළේ තියෙන විස ටික නැති වෙලා යනවා.
රූපය ලස්සනට තියාගන්න අපි හැම වෙලාවෙම ඇඟ ඇතුළ ලස්සන කරගන්න ඕනේ. එතකොට තමයි පිටත පෙනුමට අවශ්‍ය ගුණ ටික හැදෙන්නේ.
කොලජන් හැදෙන පානයක්
සම ලස්සනට තියාගන්න නම් ශරීරයට කොලජන් අවශ්‍ය වෙනවා. ඒකට සතියට සැරයක් තමන්ගේ කොලජන් මට්ටම හදාගන්න ඉඟුරු, වෙනිවැල්ගැට, කොත්තමල්ලි ටිකක් දාලා හොඳට තම්බලා තේ එකක් විදිහට බොන්න පුළුවන්. මේක නීරෝගි සම්පන්නව ඇඟ ලස්සනට තියාගන්න හොඳ ක්‍රමයක්.
අපි ගන්නා අාහාර රටාව එක එක විදිහයිනේ. ඒක නිසා මාස තුනකටවත් සැරයක් හොඳට බඩ විරේකයක් කර ගන්න. ආයුර්වේද බෙහෙත් බඩු කඩවල තියෙන අරළු පෙති වගේ දේකින් බඩ ශුද්ධ කරනවා නම් ලස්සන කියන දේ හොඳටම තියාගන්න පුළුවන්. හැබැයි හොඳට වතුර පානය කරන්නත් ඕනේ.
පේර කොළ සත්කාරයක්
ආලේපන ගැන හිතුවම අපිට පුළුවන් පේර කොළ යොදාගන්න. මුලින්ම කහ පාට වුණු පේර කොළ (ඉදුණු පේර කොළ) අරගෙන හොඳට හෝදලා පිරිසුදු කරගන්න. මොකද පේර කොළවල පිටිමකුණෝ, දළඹුවෝ වගේ කෘමි සත්තු ඉන්න පුළුවන්. ඉතින් කහ පාට පේර කොළ මිටක් අරගෙන වතුර ටිකක් එකතු කරලා පල්ප් එකක් විදිහට හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. මේ පල්ප් එක බෙල්ලේ සහ මුහුණේ, කන් දෙපස හොඳින් ආලේප කරන්න. තෙත පුළුන් කැබලි දෙකකින් ඇස් දෙක වහගෙන කතා නොකර විනාඩි 20ක් තියන්න. ඉන්පසු පිරිසුදු ජලයෙන් මුහුණ සෝදලා ඒ පල්ප් එක ඉවත් කර ගන්න. සතියට දෙවරක් මෙය කිරීමෙන් මුහුණේ පැච් සහ බෙල්ල වටා කළු වී ඇති තැන් සහ නළල දෙපස කළු වෙලා තියෙන තැන්වලට විසඳුම් ලැබෙනවා. තෙල් සහිත සමක් තියෙනවා නම් පේර කොළ සමඟ රාබු ගෙඩියක භාගයක් දාලා ඒකත් හොඳට බ්ලෙන්ඩර් කරලා ආලේප කළොත් සම පැහැපත් කරගන්න පුළුවන්. පේර කොළවල ලස්සන කහ පැහැය සමට උරාගෙන ලස්සන පැහැයක් ගෙන දෙනවා.
ඒ වගේම තමයි ගොඩාක් වෙලාවට කුරුලෑ, කුෂ්ට වගේ තියෙන තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් බෙහෙත් බඩු කඩේකින් කුරුඳු කුඩු මේස හැන්දක් විතර අරගෙන ඒ කුරුඳු කුඩු මේස හැන්දට රෝස වතුර හරි නැත්නම් පිපිඤ්ඤා ටෝනර් එකක් හරි එකතු කරලා දියාරු පල්ප් එකක් හදාගන්න. මේ පල්ප් එක මුහුණේ, බෙල්ලේ ආලේප කරලා, ඇඟිලි තුඩුවලින් විනාඩි තුනක් විතර ස්ක්‍රබ් කරලා, පිරිසුදු කර සෝදා අයින් කරලා ස්ක්‍රබ් කරගන්න පුළුවන්. ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව ටෝනර් එකක් පාවිච්චි කරන්න. මේ වගේ සත්කාරයක් දවස් 15න් 15ට තුන් සැරයක් වගේ කරනකොට මුහුණේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. ඒ වගේම වියළි සමක් තියෙන කෙනෙක් නම් කෝමාරිකා කෑල්ලක් අරගෙන ඒකේ ලෙල්ල අයින් කරලා මැද ජෙල් කොටස අරගෙන ශීතකරණයේ විනාඩි 20 ක් විතර තියලා මුහුණේ ආලේප කරලා සෝදලා දාන්න පුළුවන්. ඒකෙන් සමේ තෙතමනය අපිට හදා ගන්න පුළුවන්.
කූල් ටවල් එකක්
රූපය ගැන හිතන කෙනෙක්ගේ නිවෙසේ කූල් ටවල් එකක් තියෙන්නම ඕනේ. කෝමාරිකා යුෂ මිරිකලා අරගෙන කපු ටවල් (බේබි නැප්කින්) එකක් මැදට දාලා, ටවල් එකේ කොන්වලින් වසන්න. ඊට පස්සේ ඒකට වතුර ටිකක් ඉහලා, ඉටි කොළයකින් ආවරණය කරලා ශීතකරණයේ තියන්න. අපි කුණු දුහුවිලි එක්ක කොහෙ හරි ගිහින් ආපු වෙලාවට මේ ටවල් එක හරිම ප්‍රයෝජනවත්. නිවෙසට ආපු ගමන් මේ කූල් ටවල් එක මුහුණේ හොඳට අතුරවාගෙන විනාඩි තුන හතරක් කතා නොකර ඉන්න. ඒකෙන් සමට සිසිලසක් ගෙන දෙනවා වගේම සමට දීප්තියක් ගෙන දෙනවා. මුහුණේ සමට, ඇස්වල ස්නායුවලට පොඩි සහනයක් ලබාගන්නත් පුළුවන්.
කෙස් කලඹට සත්කාරයක්
ගොඩක් කාන්තාවන්ට තියෙන ලොකුම ප්‍රශ්නය හිසකෙස් ගැලවී යාම. ඒකට ලොකුම හේතුව තමයි ඒ අයගේ හිසකෙස් තුනී වීම. ඒ අයට පුළුවන් පිරිසුදු වෙරළු කොළ ටිකක් අරගෙන, ඒකට කොහොඹ දලු ස්වල්පයක් එකතු කරගෙන, කෝමාරිකා ස්වල්පයකුත් ඒකටම එකතු කරගෙන මිශ්‍රණයක් සකසා ගන්න. එහිදී තෙල් සහිත හිස් කබලක් තියෙන කෙනෙක් නම් මේ මිශ්‍රණයටම බිත්තර සුදුමද සාරු පොඩ්ඩක් එකතු කරන්න පුළුවන්. වියළි හිස් කබලක් තියෙන කෙනෙක්ට නම් බිත්තර කහමද සාරය ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා හොඳ දියාරු පල්ප් එකක් විදිහට හිස් කබලේ ඉඳලා කොණ්ඩ ගහ අගට යනකම් හොඳට ආලේප කරන්න. ඉන්පසු ඇඟිලි තුඩුවලින් විනාඩි 15ක් හිස් කබල පිරිමැදලා තවත් විනාඩි 15ක් ඒ සාරය කොණ්ඩයට උරාගන්න තියලා උණුසුම් ටවල් එකකින් කෙස් කලඹ බැඳගෙන තියාගන්න. පස්සේ හොඳින් සෝදා හරින්න.. මේ සත්කාරයෙන් ඝන කෙස් කලඹක් ලබා දෙන අතරම කෙස් කලඹට ප්‍රාණවත් ගතියක් ගෙන දෙනවා.
ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ගැන සැලකිලිමත් වුණොත් රුව ලස්සන කරගන්න එක හිතන තරම් අපහසු වෙන්නේ නැහැ.
විදුමිණි දිසාකරුණා