Monday, October 13, 2025
Epaper
Home කලා ලොවකන්ද උඩරටින් පිපුණු රෝස මල ‘ඉසුරි’

කන්ද උඩරටින් පිපුණු රෝස මල ‘ඉසුරි’

by Thanushika

දැන ඉගෙන ගත්තම
තමයි කෙනකුගේ වත්කම
ගුණ නුවණ දැක්කම
ඔබට සලකයි රටේ ඔක්කොම

ජන සාහිත්‍යයේ එන මේ කවි පද පෙළ ආදර්ශවත් ඇතැම් පුද්ගල චරිතවලට වඩාත්ම හොඳින් ගැළපෙනවා. හැබැයි යමෙකුගේ ගුණ නුවණ විතරක් නොවෙයි රුව ගුණ වරුණටත් රටම සලසන අවස්ථා අප දැක තිබෙනවා.

මෙවැනි රුව, ගුණ වරුණයෙන් පිරි යුවතියක් පසුගිය දා අපට හමුවුණේ සෙංකඩගල පුරවරයෙන්. මේ රුව, ගුණ වරුණ පිරි රුවැත්තියට ආදරය කරන්නේ අපේ රටේ සියල්ලෝම පමණක් නොවෙයි. ලෝකයේම ආදරය, ගෞරවය ලබා දෙනවා. ඒ, ඇය සුන්දර යුවතියක් නිසයි. ඓතිහාසික කන්ද උඩරට සෙංකඩගල උපන් ඇය දැන් ජීවත් වන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. අපේ රටෙන් දුරස්ව ඈත එපිට රටක ජීවත්වන ඇය කිසි දිනෙක අපේ රට, අපේකම අමතක නොකළ රටට ආදරය කරන සුන්දර යුවතියක්. සුන්දරත්වයෙන් පිරිපුන් ඇය ශ්‍රී ලාංකේය නාමය ලෝකය ඉදිරියේ බබළවන්නට කැප වූ යුවතියක්. මේ කැපවීම හා ඇය ආ ගමන් මඟ හරිම දුෂ්කරයි.

මගේ නම ඉසුරි විජේරත්න. හැබැයි හුඟාක් දෙනෙක් ආදරයට මාව ආමන්ත්‍රණය කරන්නේ ‘ආශි’ කියලා. ඒ වගේම මාව හුඟාක් අය දන්නෙත් ‘අාශි’ කියලා. මගේ වයස අවුරුදු 24යි. නුවර උපන් මම දැන් ජීවත් වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ හදාරන සිසුවියක්. ඒ වගේම ව්‍යාපාරයක නිරත වෙමින් නිරූපණ ශිල්පිනියක් ලෙසින් කටයුතු කරනවා. මගේ රැකියාව තමයි දේපොළ වෙළෙඳාම සහ කළමනාකරණය.

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට යොමුවීමට පදනම සකස් වුණේ කොයි ආකාරයෙන් ද?

ඒක හරිම රසවත්…. ඇත්තටම මම පුංචි කාලේ සිටම වැඩිපුරම ඉගෙනීමට හා අධ්‍යපානයට යොමුවුණු චරිතයක්. මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබපු මම ශිෂ්‍යත්වය සමත් වෙලා මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත් වුණා. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ‘කැල්ස්වේට්’ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ ව්‍යාපාර කළමනාකරණයට. මම ප්‍රංශයට ගියාට පස්සේ ඒ රටේ හුඟ දෙනෙක් මගෙන් අහන්න පටන් ගත්තා “ඔයා මොඩ්ලර් කෙනෙක්ද කියලා.“ හැබැයි මුලින්ම ඒ ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඇයි මේ අය හුඟාක් මගෙන් එහෙම අහන්නේ කියලා. මගේ රූප ස්වභාවයයි, උස නිසා තමයි හුඟ දෙනෙක් මගෙන් එහෙම අහන්නේ. නමුත් දවසක් මම පාරේ ඇවිදගෙන යනකොට මොඩ්ලර් ඒජන්සියක කළමනාකරුවෙක් ඔහුගේ “විසිටින් කාඩ් එකක් දුන්නා.“

ඉසුරිට ලංකාවේදී කවුරුවත් කියලා නැද්ද මේ වගේ ක්ෂේත්‍රයකට ඔයා ගැළපෙනවා කියලා.

ඇත්තටම ඒක මුලින්ම කියපු කෙනා තමයි මගේ අත්තම්මා. ඇය සතිපතාම තරුණී පත්තරය ගන්නවා. අරගෙන මුල් කවරය පෙන්නලා මට කියනවා “පොඩි දෝණිත් කවදා හරි මේ වගේ ලස්සනට හැඩ වෙලා තරුණී කවරයක් ලස්සන කරන්න ඕනේ කියලා. අත්තම්මා කියපු දේ දැන් ඇත්තටම මට හිමිවෙලා තිබෙනවා. හරිම සතුට දැනෙන සිදුවීමක්.

ඔබට මේ ගමන යන්න ශක්තියක් වුණේ කවුද?

මගේ පියා ප්‍රියන්ත විජේරත්න සහ අම්මා ක්‍රිෂාන්ති විජේරත්න දෙන්නා තමයි මට මේ තත්ත්වයට එන්න පදනම දැම්මේ. මගේ මවුපියන්ගේ හීනය වුණේ මගේ මල්ලිටයි (හෙසඳු දෙව්සිත්) මටයි හොඳට අධ්‍යාපනයක් ලබාදීම. ඒ දෙන්නගේ හීනය සැබෑ කරමින් නොසිතපු ක්ෂේත්‍රයට පිවිසීමට මට අවස්ථාව ලැබුණා. මේ සියලු දේ පසුපසම මගේ මවුපියෝ දෙන්නා ඉන්න නිසා මට ඉඩ ලැබුණා කිසිම බයක් නැතුව ඉදිරියට එන්න. එය මම ලබපු ලොකු වාසනාවක්.

ඉසුරිගේ ඉදිරි සැලසුම මොකක්ද?

මගේ ඉදිරි සැලසුම දැනටමත් සැලසුම් කරලා අවසන්. මුලින්ම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කළ යුතුයි. ඒ වෙනුවෙන් විශාල කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. ඉන්පසුව තමයි මම පූර්ණකාලීනව නිරූපණ ක්ෂේත්‍රයට හා ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා මගේ උපරීම දායකත්වය දැක්වීමට මම සැලසුම් කරනවා.

 

 

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?