Saturday, April 4, 2026
Epaper
Home කලා ලොවඔස්මන්ඩ් ඇවිදින හැටි කන බොන හැටි මං නිරීක්ෂණය කරලා නෑ

ඔස්මන්ඩ් ඇවිදින හැටි කන බොන හැටි මං නිරීක්ෂණය කරලා නෑ

මහාචාර්ය සෞම්‍ය ලියනගේ

by Shanaka Lakehouse

ඔබගේ චරිතයෙන් පරිබාහිරව සිට මේ චිත්‍රපටය ගැන ඔබගේ අදහස කිව්වොත්.

මෑත කාලයේ නිර්මාණය වූ චිත්‍රපට අතර ෆාදර් චිත්‍රපටය විශේෂ තැනක් ගන්නවා. චිත්‍රපටයේ ආඛ්‍යානය, එහි කතා ප්‍රවෘත්තිය ගොඩනැඟෙන ආකාරය සහ එය රූප මාධ්‍යයට පරිවර්තනය වී ඇති අයුරු සුවිශේෂයි. දකුණු ආසියානු කලාපයේ අති නාටකීය චිත්‍රපට ශානරය අනුව එය අපේ සමාජයේ මිනිසුන්ට ආබද්ධ වෙනවා. යථාර්ථයෙන් ටිකක් ඈතයි වගේ පෙනුණාට මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්ති මෙහිදී කරළියට ගෙන ආ හැකියි. ෆාදර් චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඒ අති නාටකීය චිත්‍රපට ශානරයට අනුව. අති නාටකීය සිනමාවේ පවතින මූලිකාංග මෙහි දැකගත හැකියි. මෙහි ක්‍රියාදාම සංසිද්ධීන්, පසුබිම් ගීත ආදිය ඊට කදිම නිදසුන්.

ඔබ මෙහිදී පණ පොවන්නේ වර්තමානයේ පවා අපේ රටේ ජීවත් වන චරිතයකට. එහිදී ඒ චරිතයට හානියක් නොකර ඊට පණ පෙව්වේ කොහොමද?

ඇත්තටම මට මේ සම්බන්ධයෙන් තියෙන්නේ වෙනස්ම අර්ථකථනයක්. රංග කාර්යයේදී අපට සැබෑ ජීවිතයේ දැකගත හැකි චරිත වගේම එසේ නොවන චරිතත් නිරූපණය කරන්නට අවස්ථාව ලැබෙනවා. එහෙත් පොදු වශයෙන් සලකා බැලූ කල ඕනෑම නිර්මාණයක ගොඩනැඟෙන චරිතයක් කියන්නේ සැබෑවේම තියෙන චරිතය නොවේ. සත්‍ය චරිත හෝ සත්‍ය සිදුවීම් පදනම් කරගෙන නිර්මාණකරුවෙක් පරිකල්පන ලෝකයක් ගොඩනඟනවා. එය කොතරම් සත්‍ය වුවත් නළුවෙක් සිදු කරන්නේ එහි ගොඩනැඟෙන පරිකල්පිත ලෝකය තුළ චරිතයක් නිරූපණය කිරීමයි. ඒ අනුව සත්‍ය චරිතම කොපියක් ලෙස අනුකරණය කරන්නට නළුවෙක් උත්සාහ කරන්නේ නෑ. එසේ උත්සාහ කළොත් එය නිර්මාණයක් වෙන්නේ නෑ.

මෙහිදී ඔස්මන්ඩ් මහත්තයා ඇවිදින හැටි කන බොන හැටි මං නිරීක්ෂණය කරලා නෑ. ඇත්තටම නළුවෙක් එසේ කරන්නට අවශ්‍ය නෑ. මමත් පූජන අතර හෝ රූපකායෙන් සමාන බවක් නෑ. ඒත් මම කළේ පූජනගේ චරිතයේම වැඩිහිටි කොටස. ඉතින් අධ්‍යක්ෂවරයා පවා මෙහි සැබෑ චරිතයට සමාන රූපකායක් තියෙන චරිතයක් යොදා ගෙන මෙහි රඟ දැක්වීමට උත්සාහ කළේ නෑ. ඒ නිසාම මගේ හෝ පූජනගේ බාහිර ස්වරූපය සැබෑ ඔස්මන්ඩ්ගේ රූපකායට සමාන නෑ. ඒත් අපි ඔස්මන්ඩ්ගේ සාරය ලබාගෙන නිර්මාණයක් සිදු කළා.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?