Monday, November 10, 2025
Epaper
Home Beautyතිහ පැන්නම කැත වෙනවද?

තිහ පැන්නම කැත වෙනවද?

by Thanushika

මම කිවුවොත් කෙල්ලෙක් වයස අවුරුදු තිස් තුන වගේ පැන්නම තමා ලස්සන වෙන්න පටන් ගන්නේ කියලා ඔයා විශ්වාස කරනවද?

ඔන්න මම ඔයාට හේතු සාධක එක්ක ඔප්පු කරන්නයි යන්නේ.

ඔයා දන්නවද ගර්ල් කෙනෙක්ගේ ජීවිතේ අමාරුම කාලයක් තමයි ඔය අපි ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අවුරුදු 16 – 30 කියන කාලේ..

ඇයි දන්නවද??

එක්සෑම්ස්, ගෙවල්වල ප්‍රශ්න, ලව් අෆෙයාර්ස්වල තියන ප්‍රශ්න, බ්‍රේකප්ස්, අමුතු අමුතු මිනිස්සු යාළුවෝ කරගෙන ඒ අය නිසා එන ප්‍රශ්න, තමන්ටම කියලා හිතේ හැටියට වියදම් කරගන්න බැරි ප්‍රශ්න, ජොබ්ස්වල ප්‍රශ්න ඇතුළු එකී මෙකී නොකී ගොඩක් ප්‍රශ්න තියන කාලයක් තමා ඔය.

හැබැයි ලස්සනට පිළිවෙළට වැඩ ටික කරගෙන ආපු ගෑනු ළමයෙක්ටත් ඔය ටිකේ චුට්ටක් අමාරු වුණාට ඔන්න තිහෙන්, තිස් තුනෙන් පස්සේ වගේ එයා ටිකක් රිලැක්ස් වෙන්න පටන් ගන්නවා. ගොඩක් දුරට ස්ටඩීස්වල වැඩ ඉවරවේගෙන එනවා..ෆයිනෑන්ෂියලි ඉන්ඩිපෙන්ඩන්ට් වීගෙන එනවා..හෙල්ත් එක ගැන හිතන්න පටන් ගන්නවා..හිතන විදිහ පරිණත වීගෙන එනවා..අනවශ්‍ය විදිහට ආගිව්මන්ට්ස්වලට ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඉන්න ට්‍රයි කරනවා..ස්කින් එක ගැන, බොඩි එක ගැන හිතන්න ඔන්න දැන් මේ අයට ටයිම් තියනවා..ඒ දේවල්වලට වියදම් කරන්න සල්ලි තියනවා..

ඉතින් ඔය තිහ, තිස් තුන වයස් පහුවුණාම හරියට වැඩ කරගත්ත ලේඩිස්ලා ලස්සන වෙන්න පටන් ගන්නවා..හැඩ වෙන්න පටන් ගන්නවා.

ඒත් ඉතින් ඔයා හරියට වැඩ ටික කරගෙන ආවේ නැත්තන් ඔයා තිස් තුන වෙනකොටත් ඔයාට අනාගතේ ගැන කිසි ප්ලෑන් එකක් නැත්තන්, සල්ලි හරියට මැනේජ් කරන්නේ නැත්තන්, ඕනි එකටයි එපා එකටයි හැමදේටම ඔයා ස්පෙන්ඩ් කරනවා නම්, කොලිටි යාළුවෝ ඔයාට නැත්තන්, හතරවටේ කේලාම් කියන අය එක්ක නිතර ඉන්නවා නම් තිහ පහුවුණාම ඔයා ලස්සන වෙයි කියලා හීනෙකින්වත් හිතන්න එපා. එහෙම වෙන්නේ නෑ..

දැන් ඔයා කියයි සල්ලි තිබ්බනම් ඇති ලස්සන වෙන්න පුළුවන් කියලා..ඔව්, ඒත් අර අත්දැකීම් එක්ක, මැචුවරිටි එකත් එක්ක එන, අධ්‍යාපනයත් එක්ක එන ලස්සන වෙනම ලෙවල් එකක්.

ඒක හරි අමුතු විදිහට පේන්න ගන්නවා.

ඉතින් ඔයා පරක්කු නෑ..ඔයාට දැන් වයස 40 වුණත්, ඔයාට මොනාහරි දෙයක් ඉගෙන්ගන්න ඕනි නම් ඔයාට ඒක අද පටන් ගන්න පුළුවන්.
බිස්නස් එකක් වෙන්න පුළුවන්, ඔයාගේ බොඩි එක ගැන, හෙල්ත් එක ගැන, ඔයාගේ ස්කින් එක ගැන ඔයාට ඔය හැමදේම ගැන ඔයා කොච්චර වයස ගියත් හිතන්න පටන් ගන්න පුළුවන්.. හැබැයි ඉතින් ඔයාට කන්සිස්ටන්සි තියෙන්න ඕනි පටන් ගත්ත වැඩේ අතරමඟදි දමලා ගහලා යන්නේ නැතුව දිගටම අල්ලගෙන යන්න.

ඉතින් කවුද අකමැති හැමදාම කණ්ණාඩිය ඉස්සර ඉන්න කෙනා ලස්සනට හැඩට ඉන්නවට නේද..
ට්‍රයි කරන්න, ගුඩ් ලක් ඔයාට.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?